විදුලිය සුරකිමු........!!!
විදුලිය අපතේ යාම, අනතුරු වලින් වැළකී සිටීම, හා විදුලිය පිරිමැසීම ගැන කරුණු ටිකක් සලකා බලමු. මේ සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් කරුණු 16 මෙසේය.
(1) ආලෝකය අවශ්‍ය තැන්වල පමණක් විදුලි පහන් දල්වන්න. ඔබගේ විදුලි බිලේ මුදල අඩු වැඩි වන්නේ ඒවායේ වොට්ස් ගණන හා දැල්වෙන පැය ගණන අනුවය. ඒ නිසා අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීමට උනන්දු වීමෙන් විදුලි ගාස්තු වශයෙන් ඔබ ගෙවන මුදල අඩු කර ගත හැක.
(2) ඔබ නිතර පාවිච්චි කරන සාමාන්‍ය සුති්රකා වර්ගය (ෆිලමන්ට් බල්බ්) විදුලි පහන් වෙනුවට මෑතක දී හඳුන්වා දී ඇති සුසංහිත ප්‍රතිදීපන විදුලි පහන් (කම්පැන් ෆ්ලොරසන්ට් ලෑම්ප්) පාවිච්චිය ඉතා ලාභදායකය. එම විදුලි පහනේ විදුලි පරිභෝජනය 80% කින් අඩු වන අතරම දැල්වීමේ කාලය ද දස ගුණයකින් වැඩි වන නිසා එම විදුලි පහනක් මිලයට ගැනීමේ දී ඇති මූලික වියදම ටිකක් වැඩි වුවත් දිගු කාලීන වශයෙන් ඉතා ලාභදායකය.
(3) ශීතකරණ භාවිතයේ දී හිරු රැස් කෙලින්ම වැටෙන තැන්වල හෝ උඳුන් සමීපයේ ශීතකරණය නොතබන්න. ශීතකරණයේ පිටුපස බිත්තියේ සිට අඟල් 9 ක් පමණ දුරින් තබන්න. දොර වටේ ඇති රබර් බීඩිම කඩතොලු වී ඇත්නම් එය අලුත්වැඩියා කරන්න. නැතිනම් ඇතුළේ ඇති සිසිල් වාතය පිට වී යෑම නිසා එහි මෝටරය වැඩියෙන් කි‍්‍රයා කර අමතර විදුලි බලයක් වැය වේ. උණුසුම් සහිත ආහාර ශීතකරණය තුළට දැමීමෙන් වැළකීමද ඔබට වාසිදායකය.
(4) වොට් 40/20 පියරැසි පහන් (ෆ්ලොරසන්ට් ලෑම්ප්) වෙනුවට වඩා කාර්යක්ෂම වොට් 36/18 පියරැසි පහන් උසස් තත්ත්වයේ චෝක් සමග භාවිතා කරන්න. චෝක් වර්ගවල බලශක්ති ලේබල් අලවා ඇත. උසස් තත්ත්වයේ චෝක් එමගින් හඳුනා ගත හැකිය. ලේබලයේ සඳහන් තරු 3 ක් හෝ ඊට වඩා වැඩි නම් කාර්යක්ෂම ලෙස සලකනු ලැබේ.
(5) විදුලි පංකා භාවිතයේ දී මේසය මත තබන හෝ බිම සිටුවා තබන විදුලි පංකා සිවිලිම් විදුලි පංකා වලට වඩා අඩු විදුලි ප්‍රමාණයක් වැය කරයි. විදුලි පංකාවේ වේගය කුමක් වූවත් සාම්ප්‍රදායික විදුලි පංකා පාලකය එකම විදුලි බල ප්‍රමාණයක් දවාලයි. එහෙත් ඉලෙක්ටේරීනික පාලක සවි කර ඇති විදුලි පංකා මගින් එහි වේගය පාලනය කිරීමෙන් දැවෙන විදුලි ප්‍රමාණය සීමා කර ගත හැකියි. නිවෙසට වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ දොර ජනෙල් විවෘතව තැබීමෙන් විදුලි පංකා භාවිතය අඩු කර ගත හැකිය.
(6) විදුලි ස්ති‍්‍රක්ක භාවිතයේ දී ස්වයංකී‍්‍රය ලෙස පාලනය වන ස්ති‍්‍රක්ක භාවිතය වඩා කාර්යක්ෂමයි. රෙදි තොගයක් රැස් කර එක වර මැද ගැනීම විටින් විට රෙදි ස්වල්පය බැගින් මැද ගැනීමට වඩා ලාබදායකය. රත් වූ ස්ති‍්‍රක්ක කෙලින් සිටුවා නොතබන්න. කෙලින් සිටුවා තැබූ විට රස්නය නිරපරාදේ අවට වාතයට පිට වේ. හැම විටම ස්ති්රක්කය ඇස්බැස්ටස් වැනි රස්නයට ඔරොත්තු දෙන තහඩුවක් මත තබන්න. ස්ති්රක්කයේ උෂ්ණත්ව පාලකය වැඩි අතට හරවා ගොරෝසු රෙදි වර්ග පළමුව මැද ගන්න. පසුව ක්‍රමයෙන් උෂ්ණත්ව පාලකය අඩු අතට හරවා සැහැල්ලු ඇඳුම් මැද ගන්න.
(7) විදුලි උඳුන් භාවිතය සුදුසු නැත. විශාලම විදුලි බලයක් වැය වන බැවින් අධික වියදමක් දැරීමට සිදු වේ. එම නිසා ආහාර පිසීම වතුර උණු කිරීම වැනි කටයුතු සඳහා දර, එල්. පී. ගෑස් භාවිතා කරන්න.
(8) ඔබේ රූපවාහිනී යන්ත්‍රය, වීඩියෝ යන්ත්‍රය හා අනෙකුත් විදුලි උපකරණ කිසිම විටෙක හැකි උපරිමයෙන් විවෘතව නොතබන්න. හැකිතාක් එවැනි තත්ත්වයන් අවම කරන්න. ඔබට රූපවාහිනිය නැරඹීමට අවශ්‍ය නොවේ නම් යන්ත්‍රයේ ස්වීචය මගින්ම එව නිවා දමන්න. එමගින් සැලකිය යුතු විදුලි බල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැක. එමෙන්ම ඔබේ රූපවාහිනී යන්ත්‍රය, වීඩියෝ යන්ත්‍රය හා අනෙකුත් විදුලි උපකරණ දිගු වේලාවක් උපරිම විවෘත තත්ත්වයෙන් තැබීමෙන් පවතින කාලය තුළ දී වැය වන බව සලකන්න.
(9) විවෘත තාප දඟර සහිත විදුලි උඳුන් භාවිතා නොකරන්න. වීවෘත තාප දඟරය ස්පර්ශ වීමෙන් විදුලි සැර වැදීමට පිළිවන. නැතහොත් තාප රශ්මියට දැවී යා හැක. මෙවැනි විදුලි උඳුන් වලින් අවට පරිසරයට තාපය කාන්දු වීම නිසා ඔබගේ විදුලි බිලද වැඩි වේ.
(10) කැඩී බිඳී ඇති ස්වීච් හා ප්ලග්ස් වෙනුවට හැකි ඉක්මණින් අලුත් ඒවා සවි කර ගන්න. විශේෂයෙන්ම විදුලි ස්ති්රක්කවල මෙම වයරය කඩතොලු වීමෙන් බොහෝ අනතුරු සිදු වේ.
(11) නිවෙසේ ටි්රප් ස්විචයේ කි‍්‍රයාකාරිත්වය පරීක්ෂා කර ගන්න. විදුලි රැහැන් ස්පර්ශ වී ඇති ගස්වල අතු හෝ වැල් ඉවත් නොකරන්න. ඒවා පිළිබඳව වහාම ළඟම ඇති විදුලි පාරිභෙභීගික මධ්‍යස්ථානයට හෝ ලං. වි. ම කාර්යාලයට දැනුම් දෙන්න.
(12) රූපවාහිනී ඇන්ටනා විදුලි රැහැන් සමීපයේ සවි නොකරන්න. සුළං සහිත අයහපත් කාලගුණික අවස්ථාවලදී ඒවා විදුලි රැහැන් මත කඩා වැටීමෙන් බරපතල අනතුරු සිදු විය හැකිය.
(13) නිවෙසේ කෙනෙකුට විදුලි සැර වැදී විදුලි තත්වලට සම්බන්ධ වී ඇති විට වහාම ප්‍රධාන විදුලි ස්වීචය විසන්ධි කරන්න. විදුලි සැර වැදී ඇති පුද්ගලයා ගේ ශරීරය ස්පර්ශ නොවන පරිදි ඔහු ගේ ඇඳුම් වලින් ඇද ඉවත් කරන්න. ඔහු ගේ ශරීරය ස්පර්ශ වීමෙන් ඔබට ද විදුලි සැර වැදේ.
(14) නිවෙසේ කුඩා දරුවන් ඇති විට ඔවුන්ට පහසුවෙන් ළඟා විය හැකි ප්ලග් සොකට් හැකි සෑම විටම ආවරණය කර තබන්න.
(15) නිවෙසේ විදුලි තත් ඇදීම කරන්නේ අවුරුදු ගණනාවක් සඳහාය. මේ නිසා ඒ ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. නිවෙසේ විදුලි තත් ඇදීම සැලසුම් කිරීම රැහැන් පරිපත හා උපකරණ සවි කර ගැනීම විදුලි භාණ්ඩ මිල දී ගැනීම ඒ ගැන නිපුණ දැනුමක් ඇති විශ්වාසවන්ත විදුලි කාර්මිකයෙකු ලවාම කරවා ගන්න.
මීට අමතරව නිවසක් තුල විදුලිය වැයවන පුධාන උපකරණයක් තමා ශීතකරණය.. එහි කාර්යක්ෂමතාවය පවත්වා ගැනීමට හා විදුලි දහනය අවම කර ගැනීමට මේ උපදෙසුත් පිලි පදින්න..
01.වෙළෙඳ පළේ විවිධ මාදිලියේ විවිධ විශාලත්වයන්ගෙන් යුත් ශීතකරණ දක්නට ලැබේ. විශාලත්වයෙන් වැඩි ශීතකරණයක් මිලදී ගැනීමේ දී ඒ සඳහා යන මූලික වියදම වැඩි වෙනවා මෙන්ම ඒ සඳහා වැඩි විදුලි බලයක් ද වැයවේ. එබැවින් ශීතකරණයක් මිලදී ගැනීමේ දී අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයේ ශීතකරණයක් මිලදී ගැනීම වැදගත් වේ.
02. ශීතකරණයක මනා කි‍්‍රයාකාරීත්වය සඳහා එහි පිටුපස ඇති නල සමූහය සිසිල් විය යුතු ය. ඒ සඳහා මනා වාතාශ්‍රයක් ලැබීම අත්‍යවශ්‍ය වේ. වාතාශ්‍රය ශීතකරණයේ පිටුපසට හොඳින් ලැබෙන පරිදි ශීතකරණයේ පිටුපස සහ බිත්තිය අතර අඩුම වශයෙන් අඟල් 9 ක වත් පරතරයක් තැබිය යුතු ය. ශීතකරණය මුදුනේ සිට ඉහළට අඩුම වශයෙන් අඩියකවත් නිදහස් ඉඩ ප්‍රමාණයක් තැබිය යුතු ය.
03. උඳුනක් සමීපයේ හෝ හිරු රැස් කෙළින්ම වැටෙන ස්ථානයක ශීතකරණය තැබීමෙන් වලකින්න. පිඟන් සෝදන බේසම් වැනි නිතර ජලය පාවිච්චි කරන ස්ථාන වලින් ද ශීතකරණය ඈත්ව තබන්න.
04. උණුසුම් ආහාර ශීතකරණයට නොදමන්න. ඒවා ශීතකරණය තුළට දැමීමට පෙර හොඳින් නිවෙන්නට හරින්න.
05. ශීතකරණයේ දොර නිසි පරිදි වායුව පිට නොවන සේ වසා තබන්න.
06. ශීතකරණය තුළ එකිනෙකට තදබද නොවන ආකාරයට ආහාර වර්ග අසුරා තබන්න.
07. වැඩි වේලාවක් ශීතකරණයේ දොර විවෘත කර නොතබන්න.
08. තෙත ආහාර පොලිතීන් හෝ කඩදාසි වලින් වසා ශීතකරණයේ තැන්පත් කරන්න.
09.දොරට සවිකර ඇති රබර් බීඩිම හොඳ තත්ත්වයේ තිබේදැයි නිතර පරීක්ෂා කර බලන්න. එය පිරිසුදු කර, කඩතොළු වී හෝ දිරා පත් වී ඇත්නම් අලුත්වැඩියා කරන්න.
10. ශීතකරණයේ අවශ්‍ය උෂ්ණත්වය රඳවා ගැනීමට උෂ්ණත්ව පාලකය කුමන මට්ටමක තිබේදැයි සොයා බලන්න. එය අවශ්‍ය ප්‍රමාණයට පමණක් කරකවා ගන්න.

(ape gedara aya gedara inne paya 4y 5y 

thanks poddo