විදුලිය_අත්හිටුවීම
"නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු බලාගාරය අක්‍රීය වීම තුලින් සිදුවන විදුලි ජනනය සිමාවීම තුළ විදුලි සැපයුම් සේවාව සීමා කිරීම."
මෙහි වගුවේ දක්වා ඇති ඛාණ්ඩයන් සහ එම ඛාණ්ඩයන්ට අදාළ වන ප්‍රදේශයන් පිළිබඳ විස්තර PowerCut2016_Area_List_Final යන එක්සෙල් ගොනුවේ වෙන්වෙන් වශයෙන් පිටුවල දක්වා ඇත. (සබැඳිය :- http://bit.ly/PowerCutSchedule)
2016.10.15 දින උදෑසන 10.46ට සිදුවූ සම්ප්‍රේෂණ මාර්ගවල තාක්ෂණික බිඳවැටීම නිසා නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරය අක්‍රීයවීම හේතුවෙන් මේ වනවිට විදුලි ජනනය සීමාවි ඇත.
මෙම තත්ත්වය තුළ පද්ධතියේ ජනන හැකියාව මෙගාවොට් 900 කින් අඩුවී ඇත. කෙසේ නමුත් අනෙකුත් තාප බලාගාර සහ ජලවිදුලි බලාගාර උපරිම ලෙසින් භාවිතකර මේ වනවිට විදුලි ජනනය සිදුකරන අතර දැනට පවතින අධික විදුලි ඉල්ලූම හේතුවෙන් යම් කාලසීමාවකට විදුලි සැපයුම සීමාකිරීමට සිදුවි ඇත.
මේ යටතේ 2016.10.17 දින සිට 2016.10.21 වන දින දක්වා උදෑසන පැය 2 1/2 ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි සැපයුම සීමාකිරීමට සිදුව ඇත.
මෙම විදුලි සැපයුම සීමා කිරීමේ ක්‍රමවේදය කොළඹ නගර සීමාවට, රෝහල් වලට සහ කර්මාන්ත කලාප වලට අදාළ නොවේ. කෙසේ නමුත් මේ අවස්ථාවේදී විදුලි ජනනය සඳහා එල්ලවී ඇති අභියෝගය හමුවේ විදුලි සැපයුම සිමා කිරීමේ කාලසීමාව විදුලි ඉල්ලූම අවම කරගත හැකිනම්, තවදුරටත් අඩුකරගත හැකිවනු ඇත.
එබැවින් මේ අවස්ථාවේදි විදුලි පාරිභෝගිකයන්ගෙන් අප ඉල්ලා සිටිනුයේ, විදුලිය වඩාත් අරපිරිමැස්මෙන් හා කාර්යක්ෂමව භාවත කරන ලෙසයි. එසේ අරපිරිමැසුම්දායක ලෙස විදුලිය භාවිතකර විදුලි ඉල්ලූමේ ප්‍රමාණය අඩුකර ගන්නේනම් විදුලි සැපයුම සීමා කිරිමේ කාලය තවදුරටත් අඩුකරගත හැක.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනතවට සිදුවන අපහසුතාවන් පිළිබඳව අපගේ කණගාටුව පළකරන්නෙමු.