රාජපක්ෂලාගේ ගේම් මේ රට කරන් යන විදිය කොච්චර අවුල් වුනත් මෙහෙමත් හොඳයි කියල හිතෙන වාරත් නැතුව නෙමේ.
* ගෙදරක පාවිච්චියට කොච්චි මිරිස් එළවළුවක් දෙකක් වවන එක මහා දෙයක් නෙමේනේ. එත් මිනිස්සුන්ට පුරුදු නැ කඩෙන් අරගන්න ම තමා ඕනේ. එළවලු ගිනි ගණන් ගියාම තමයි එකේ වටිනාකම තේරෙන්නේ. (මොලේ ඇති මිනිස්සු නම් ඉතින් ගෙදර මොනා හරි හදනවා ඉස්සර ඉදන්)
* ඕලෙවල් ඉවරවෙච්ච ගමන් වීල් එකක් අරන් පාරේ දැන් තෙලුත් නැ මිනිස්සුත් නැ ෆුල් ලොස් වීල් රස්සාව කරන මිනිස්සු තරුණ පරම්පරාව දැන් එකට යොමු වෙන එක අඩු වෙලා තියෙන්නේ. අනික දැන් app තියෙන හන්දා පාරේ වීල් පාර්ක් ගාව රස්තියාදු වෙන්න ඕනේ නැ.
* රජයේ රස්සා වල මහා පඩියක් හම්බෙන්නේ නැ පටන්ගද්දී අවුරුදු බර ගානක් එකේ ලැගලා ගන්නවට වඩා ගානක් රට ගිහින් අවු 3-4 න හම්බකරලා ගෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය රට යනවා. කැම්පස් වල ආර්ට් කරපු එවුන් තමා ජොබ් හිගා කන්න බලන් ඉන්නේ එතකොට තාම.
අනික් ඕන සබ්ජෙක්ට් එකක් කරපු එකෙක්ට මෙහෙ අවුරුද්දක් දෙකක් කට්ට කාලා අනිවා රට යන්න පුළුවන් එක්ස්පීරියන්ස් හදන්
* උද්දමනය හොඳටම වැඩියි,පින්පඩි,සමුර්ද්දී අරන් සර්වයිව් වෙන්න බෑ අනිවාර්යෙන් තව මොනා හරි කරන්න ඕනේ.එතකොට මෙච්චර කාලයක් පිනට කකා හිටපු එවුන් (පුළුවන්කම ථියෙද්දී) පොලට වත්තේ කෙහෙල් කැනක් පොල් ගෙඩිය හරි උස්සන් ගිහින් විකුනනවා නැත්තන් පාරේ අයිනේ ඉදන් හරි.
* රටේ දැන් අඩු වෙන්න ඕනේ දුෂිත රාජ්‍ය නිලධාරීන් + ලේසියට හිඟාකන හැතිකරේ
දියමන්තියක් වුනත් හැදෙන්නේ කළුම කළු කාබන් කුට්ටියක් වසර ගාණක් දරා ගන්න බැරි pressure එකකින්
ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු හැදෙන්න මෙහෙම හෝ මීටත් වඩා තව ගොඩක් කල් බලු දුක් වින්ද වින්දා ඉන්ඩ වෙයි.