විදුලි-උග්‍ර-අතට.
විදුලි අර්බුදය උග්‍ර අතට
වර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙරදී සඳහන් කළේ, හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු නොකරන බවයි.
මෙගා වොට් 50ක විදුලි බලයක් සපුගස්කන්ද ඒෂියා පවර් සමාගමෙන්, මෙගාවොට් 24ක් මාතර ඒ.සී.ඒ. ආයතනයෙන් හා මෙගාවොට් 30ක් උතුරු ජනනී හරහාද මිලදී ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
මීට අමතරව තවත් මෙගාවොට් 100ක් ස්වාධීන ආයතන වෙතින් ලබාගැනීමටද අවධානය යොමුව ඇත.
මේ අතර, ඉදිරි මාස තුනක කාලය තුළ විදුලිබල පාරිභෝජනය පාලනය කිරීම වෙනුවෙන්ද අමාත්‍යාංශය පියවර ගැනීමට නියමිතව තිබේ.
පෞද්ගලික ආයතන වෙත තමන්ගේ විදුලි ජනන යන්ත්රහැකිතාක් භාවිත කර ජාතික විදුලිබල පද්ධතියෙන් නොයැපී සිටීම වෙනුවෙන්ද වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ වනවිට පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිපදවීම සීමා සහිත වී ඇති අතර, ඒ හේතුවෙන් පවතින ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා ඉරිදා දිනයේදී හැර සතියේ අනෙකුත් දිනවල පැය හතරකට අධික කාලයක් විදුලි සැපයුම සීමාකිරීමට විදුලිබල මණ්ඩය කටයුතු කරයි.
යුගදනවි බලාගාරයේ ඡනන යන්ත්‍රයක් නවතී
කෙරවලපිටිය යුගදනවි ඞීසල් බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබෙනවා. ඉන්ධන තොග අවසන් වීම නිසා ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
කෙරවලපිටිය යුගදනවි බලාගාරය ජාතික පද්ධතියට එක් කරන උපරිම විදුලි ධාරිතාව මෙගාවොට් 300ක්.