විදුලි බිල ඔයාම බලන්න

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    විදුලි බිල ඔයාම බලන්න

    මෙන්න මේ සයිට් එකට යන්න


    XsMmk.png



    දැන් පහතින් ඇති කොටු ටික පුරවගන්න.
    මේ සඳහා ඔබ අවසානයට ගෙවූ විදුලි බිල උපයෝගී කරගන්න..



    Consumer Tariff Category: නිවසක නම් "Domestic Purpose" ලෙස තබන්න

    Previous Metering Date : මේකට ඔයාලගේ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ දිනය සඳහන් රතු සීල් එකක් ඇති අන්න ඒ දිනය මෙතනට දමන්න..

    Current Metering Date :මෙතනට අද දවස ඇතුලත් කරන්න


    Previous Meter Reading : මෙතන ඔයාලගෙ විදුලි බිලේ මනු කියවීමේ කොටසේ පෑනෙන් ලියල ඇති ඉලක්කම් වගයක් අන්න ඒ අංක ටික දමන්න..

    Current Meter Reading : මෙතනට ඔයාලගෙ විදුලි මීටරේ අංක ටික බලාගෙන එන්න දුවල ගිහිං.. අන්න ඒ අංක ටික දමන්න.. " මතක තියාගන්න Previous Meter Reading වලට දාපු අංක ටිකට වඩා වැඩි අගයක් එන්න ඕන.. එහෙම නැත්නම් මාර ලෙඩේ මීටරේ අව්ලක්.. "


    nDurC.png



    දැන් බලාගෙන හිටියට වැඩක් නෑ හලෝ ඔය "Calculate" බොත්තම ඔබන්න..


    nIU2y.png



    මෙන්න මේ විදියට අදට ශේෂය පෙන්නාවි ..