විදුලි සැපයුම බිඳ වැටුණේ ඇයි?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315
    113
    _113976477_27ec2026-e1ca-4105-90b2-aff9ce94dc30.jpg


    දිවයින පුරා බලපැවැත්වුනු විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණ ද ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියෙන් ගිලිහී අක්‍රීයවූ නොරොච්චෝලේ බලාගාරය යළි පණ ගැන්වීම සඳහා අවම වශයෙන් තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.

    මෙසේ දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයින්ගේ බොහෝ දෛනික වැඩ කටයුතු අඩපණ විය.

    පැය 6 ට අධික කාලයක් රට අඳුරේ ගිල්වීමට හේතුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා දින තුනක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත දැනුම් දෙනු ලැබ තිබේ.
    අක්‍රීයවූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ටර්බයින සිසිල් වනතෙක් එය යළි පණ ගැන්විය නොහැකි බව විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.
    ඒ සඳහා ගතවන කාලය තුළ ජලවිදුලි උත්පාදනයට පියවරගන්නා බව කී ඔහු සඳහන් කළේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත නොකෙරෙන ජලය මේ සඳහා යොදාගන්නා බවකි.
    කෙසේ වෙතත්, රාත්‍රී 7 පමණ වනවිට 70%ක් පමණ ප්‍රමාණයකින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවද විදුලි බල මණ්ඩල සභාපතිවරයා කියා සිටියේය.

    විදුලි සැපයුම බිඳ වැටුණේ ඇයි?

    _91944014_gettyimages-187250112.jpg


    නොරොච්චෝලේ විදුලිබලාගාරයේ සිට සම්ප්‍රේෂණය කෙරෙන විදුලිය කැලණිතිස්ස බලාගාරය දක්වා රැගෙන එන කෙරවලපිටිය උප විදුලි පොලේ නඩත්තු කටයුත්තක් අතරතුරදී විදුලි බිදවැටීම සිදුවූ බව ද විදුලි බල මණ්ඩල සභාපතිවරයා කියා සිටියේය.
    මෙම බිදවැටීමත් සමගම නොරොච්චෝලේ ද ඇතුලුව දිවයින පුරා ඇති සියලුම ජනන යන්ත්‍ර අක්‍රිය වූ බව ඔහු පැවසීය.
    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනුරුද්ධ තිලකරත්න බීබීසී සිංහල සේවයට සඳහන් කළේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිය ඉන්ජිනේරුවරුන් ක්‍රියා කරමින් සිටින අතර එම කටයුතු අවසන් වූ පසු මෙම බිඳ වැටීමට හේතුව සොයා ගත හැකි බවය.

    ජල සැපයුමටත් බාධා

    මේ අතර මෙම විදුලි බිඳ වැටීම හේතුවෙන් පානීය ජල සැපයුම කෙරෙහිද බාධා එල්ල වී තිබේ.
    පොම්පාගාර ඇතුළු පානීය ජල සැපයුම් ව්‍යාපෘති බොහොමයක් ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ වී තිබීම ඊට හේතුවය.
    මතු වූ තත්ත්වය හමුවේ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.
    මේ අතර විදුලි බිඳ වැටීම අතරේ ජනන යන්ත්‍ර ඇති ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල දිගු වාහන පෝලිම් දැකගත හැකි විය.
    විදුලිය බිඳ වැටීමත් සමග ස්වයංක්‍රිය මාර්ග සංඥා අක්‍රිය වී තිබීම නිසා මෝටර් රථ හැසිරවීමට රථවාහන පොලිසිය කැඳවා තිබුණු අතර ඇතැම් නගරවල දැඩි මර්ග තදබදයක් දක්නට ලැබිණි.

    _113976764_photo-2020-08-17-19-57-16.jpg


    ඊයේ දින සිදුවීමට සමාන විදුලි බිඳ වැටීම් 2009, 2015 හා 2016 වසරවලදී ද සිදුවූ බව මේ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසීය.
    ඒ අනුව ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ කළ යුතුවන වෙනස්කම් සම්බන්ධයෙන් සිය කොමිසම එවර නිර්දේශ ඉදිරිපත් කරන ලද බව ද ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

    BBC
     
    • Like
    Reactions: IKL