විදුලි_ආඳාගේ සැබෑ බලය හෙළිවෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    විදුලි_ආඳාගේ සැබෑ බලය හෙළිවෙයි

    අවුරුදු 200ක් අබිරහසක් වුනු විදුලි ආඳාගේ සැබෑ බලය හෙළිවෙයි

    අවුරුදු දෙසියගණනක් තිස්සේ අබිරහසක්ව පැවතුණු විදුලි ආඳාගේ පහරදීමේ සැබෑ බලය සොයාගන්නට “වෙන්ඩර්බිල්ට්“ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමත්වුණා.

    දහ නව වැනි සියවසේ ඇමසෝනියානු බිම් වල ගවේශනයේ යෙදුණු “ඇලෙක්සැන්ඩර් වොන් හම්බල්ට්“ නැමති සුප්‍රකට ස්වභාවවේදියා සිය වාර්තා සටහන් වල දියයෙන් ගොඩ පනින විදුලි ආඳන් එක්වී අශ්වයෙකු මරා දැමූහැටි ලියා තිබුණා.

    වසර දෙසීයක කාලයක් තුළ එවැන්නක් සැබැවින් දුටු අවස්ථාවක් වාර්තා වුනේ නැහැ.

    සොයාගත් තොරතුරු අනුව ජලය තුළ පිහිනා යමින් කුඩා චිදුලි ධාරාවක් යවා ආසන්නයේ සිටින ගොදුරක් අඩපණ කරගන්න විදුලි ආඳාට හැකියි.

    mmyogf24aepclsy2xelu.jpg


    නමුත් අලුතෙන් සොයාගත්, විදුලි ආඳාගේ හපන්කම් වඩා බිහිසුණුයි.ආඳා සැරවෙන්නේ ජලයෙන් ගොඩට පිනූ පසුවයි.

    ජලයෙන් ඉහළට පනින විදුලි ආඳා සිය ගොදුරෙහි හෝ සතුරාගේ මතුපිට සෘජුව දැවටෙනවා.ඒ අතර උගේ ශරීරය පිටකරන විදුලියේ ධාරිතාව ඉතා ඉහලයි.ඉතින් දැන් දන්නා හැටියට ජලයෙන් ගොඩ පනින විදුළි ආඳන් කිහිපදෙනෙකුට අශ්වයෙකු මරාදැමීම කළනොහැකි දෙයක් නොවෙයි.

    කලකට ජලයෙන් යටවී කලකට සිඳීයන ඇමසෝනියිනු තෙත්බිම් වල වාසය කරන මේ මත්ස්‍යයාට විලෝපිකයන්ගේ අවදානමෙන් මිදෙන්, ගොඩදී වඩාත් භයානක වන විදුලි සැරය පිටිවහල් වනවා.



     
    Last edited: