ඇත්ත මචන්. අපේ සමහර එවුන් කියන මෝඩ කතා ටිකක් තමයි:
1. සුද්දියෝ හරි ආසයි කළු හමට. කළු හමක් තියන එකෙක් දැක්කොත් උන්ට sex කරන්නම ඕනේ. (මේක අහල අපේ මෝඩයොත් සුද්දෝ ඉන්න beach වලට ගිහිල්ල අපතයෝ වගේ කැරකි කැරකි ඉන්නවා චාන්ස් එකක් හම්බවෙයි කියල හීන මව මව)
2. සුද්දොන්ට sex කියන එක සාමාන්‍ය දෙයක්. හැම වෙලේම ඕනේ. (අපේ සමහරක් උන් හිතන් ඉන්නේ සුද්දොන්ට ඊට වඩා මොකක්වත් නැහැ කියලා. sex කියන්නේ කෑම බීම නින්ද වගේ තවත් එක දෙයක් තමයි. නැතුව උදේ ඉඳල රෑ වෙනකම් ඕකම කර කර ඉන්නේ නැහැ.)
3. සමහර රටවල කම්මුලට කිස් එකක් දෙන එක, අත පය පොඩ්ඩක් ස්පර්ශ වෙන එක සාමාන්‍ය දෙයක්. අපේ සමහර බුවාලා හිතන් ඉන්නේ මෙව්වා උනොත් ඉතින් අරකට කරන ආරාධනාවක් කියලා. ගොන්කම තමයි.
මම මාලදිවයිනට රස්සාවට යන එන කෙනෙක්. එහෙ resort වලට එන්නේ ලෝකේ ඉන්න ධනවත්ම සංචාරකයෝ. ඒ resort වලට එව්වයේ වැඩ කරන අය හැරෙන්න තව කාටවත් යන්න දෙන්නේ නැහැ. පෞද්ගලිකත්වයයි ආරක්ෂාවයි උපරිමයි. මෙහෙ වගේ බීච් බෝයිස්ලාවත් ත්‍රීවීල් කාරයින්වත් ගයිඩ්ලාවත් නැහැ කරදර කරන්න. එකයි අපිට තාමත් අපේ සංචාරක ව්‍යාපාරය හරියට දියුණු කරගන්න බැරි. ලොකු ලොකු වියදම් කරන සංචාරකයින් ලංකාවට එන්නේ නැත්තේ හෙන ගානක් වියදම් කරලා අපේ අසහනකාරයින්ගේ නිරුවතයි ගොන්කමයි බලල වැඩක් නැති හින්ද. මෙව්වා හදාගන්නකම් ඉතින් දුක තමයි