විදේශ කටයුතු ඇමැති
විදේශ කටයුතු ඇමැති
රවි කරුණානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු නීතිපතිවරයකු වූ දැනට කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන තිලක් මාරපනට විදේශ ඇමැති ධුරය භාරදීමට යන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන කොමිසමේදී හෙළිදරව් වූ කරුණු මත පදනම්ව විදේශ කටයුතු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට අමාත්‍ය රවි කරුණානායකට පසුගිය දින කීපය තුළ ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් දිගටම බලපෑම් එල්ල විය.
ඒ තත්ත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන ලදී. එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර රවි කරුණානායක ඇමැතිවරයා මෙසේ සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

කොලබ හරක් ටික ලස්සනට එතුමව පරිලිමෙන්තුවට යවයි.