විදේශ ගතව සිටින ඔබ ලංකාවේ අදායම් බද්දට යට&#350

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    විදේශ ගතව සිටින ඔබ ලංකාවේ අදායම් බද්දට යට&#350

    ශ්‍රී ලංකාවේ අදායම් බදු ගෙවීම හා අදාල වන නීතිය වර්ෂ 2000 අංක:38 දරණ දේශීය අදායම් බදු පනතේ විධිවිධාන වේ.

    දේශීය අදායම් පනතේ 2(1) වගන්තිය යටතේ වර්ෂ 2000 අප්‍රියෙල් මාසයේ 01 දිනෙන් ආරම්භවන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම ඒ එක් එක් තක්සේරු වර්ෂය සඳහා සෑම තැනත්තෙකුගේම ලාභ සහ අදායම වෙනුවෙන්ම අදායම් බද්ද ,

    (අ).ඒ තක්සේරු වර්ෂය තුල දී ශ්‍රිලංකාවෙහි වාසිකව සිටි තැනැත්තෙකු සම්බන්ධයෙන් වූ විට කොතැනක වුවද (එනම් විදේශයකදී උපයන අදායම් සහ ලාභද ඇතුලත්ව)ඇතිවන ලාභ සහ අදායම් සම්බන්ධයෙන්ද ,

    (ආ).වෙනත් සෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් වූ විට,ශ්‍රී ලංකාව තුල ඇතිවන හෝ ශ්‍රී ලංකාවෙන් ලැබෙන හෝ ලාභ සහ අදායම් සම්බන්ධයෙන්

    පනතේ ලැබෙන නිදහස් කිරීම් සහ අඩුකිරීම වලට යටත්ව අදායම් බදු ගෙවිය යුතුය.

    මේ අනුව විදේශ ගත ඔබ අදායම් බදු ගෙවීමේදී වාසික (resident)සහ වාසික නොවන (non resident) යන පදනම මත අදායම් බද්දට යටත් වේ.

    එනම් කිසියම් පුද්ගලයෙක් තක්සේරු වර්ෂයක් තුල ලංකාවේ දින 183 හෝ ඊට වැඩි දින ප්‍රමාණයක් ලංකාවේ රැඳී සිටියේ නම් එකී පුද්ගලයා අදායම් බදු ගෙවීමේ කාර්ය සඳහා වාසිකයෙක් ලෙස සැලකේ.වාසික පුද්ගලයෙක් ශ්‍රී ලංකාව තුල සහ ශ්‍රී ලංකාවෙන් පිටත උපයන ලබන ලාභ සහ අදායම් වෙනුවෙන් බදු ගෙවිය යුතුය.

    තක්සේරු වර්ෂයේ දින 182 හෝ ඊට අඩු දින ගණනක් ලංකාවේ සිටි අයෙකු වාසික නොවන අයෙකු ලෙස සැලකේ.වාසික නොවන පුද්ගලයෙකු ශ්‍රී ලංකාව තුල පමණක් උපයන ලාභ සහ අදායම් මත බදු ගෙවිය යුතුය.

    එසේ වුවද එකලඟ තක්සේරු වර්ෂ දෙකක් වාසිකයෙකු ලෙස සැලකු පුද්ගලයෙකු ඉන් පසුව විදේශ ගතවුවහොත් එකී බැහැරව ගිය වර්ෂයේ සිට වාසික නොවන තැනැත්තෙකු ලෙස සැලකේ.තක්සේරු වර්ෂයක් යනු එකී අවුරුද්දේ අප්‍රියෙල් මස 01 දිනෙන් ආරම්භ වී ඊළඟ වසරේ 31 දිනෙන් අවසන් වන වර්ෂය වේ.

    මේ අනුව විදේශ ගත ශ්‍රී ලාංකිකයෙක් ඔහු විදේශ ගතව කිසියම් තක්සේරු වර්ෂයක දින 183 හෝ ඊට වැඩි කාලයක් විදේශයේ සිටියේ නම් ඔහුගේ අදායම් සහ ලාභ ලංකාවේ අදායම් බද්දට යටත් නොවේ.නමුත් විදේශයක සේවයේ නියුක්ත පුද්ගලයෙක් වුවද ලංකාව තුල ඇති ව්‍යාපාර,ගෙවල් කුලියට දීමෙන ලැබෙන කුලී මුදල්,වෙනත් ලාභාංශ අදායම් බද්දට යටත් වේ.විදේශයේ සිට උපයාගත් අදායම් සහ එකී මුදල් යොදවා ලංකාවේ කරන ලබන කෘෂි කාර්මික ව්‍යාපාර වලින් ලැබෙන අදායම බද්දට යටත් නොවේ.

    විශේෂයෙන් මතක තබාගත යුතු තවත් කරුණක් වන්නේ ඉතාලියේ වෙසෙන බොහෝ පුද්ගලයන් මුදල් ලංකාවට එවනු ලබන්නේ බැංකු හරහා නොවන ආකාරයට එනම් යුරෝ මුදල් වශයෙන් නිසා තමන්ගේ බිරිඳගේ නමට ඉඩමක් මිලට ගතහොත් බිරිඳ අදායම් බද්දට යටත් විය හැක. එවැනි අවස්ථාවක අදායම් බදු දෙපාර්තමේන්තුව මගින් කැඳවීමක් ලැබුනහොත් එකී මුදල් අදායම් බද්දට යටත් නොවීමට නම් විදේශ ගත ස්වාමි පුරුෂයා එවූ මුදල් බවට දෙපාර්තමේන්තු නිලධාරින් ඉදිරියේ සනාථ කළ යුතුය. බැංකු හරහා මුදල් ලංකාවට එවා තිබුනේ නම් ඒ බව සනාථ කිරීමට පහසු වේ.මේ නිසා තමන් උපයන විදේශ මුදල් එන්.ආර.එෆ් .සී ගිණුමක් හරහා තැන්පත් කිරීම් සහ ගණුදෙනු කරන්නේ නම් වඩා සුදුසු බව කිවමනාය.

    කෙසේ නමුත් විදේශගත ඔබ උපයන අදායමින් ලංකාවේ කිසියම් දේපාලක් මිලට ගන්නේ නම්,ඉතිරි කිරීමේ ගිනුමක තැන්පත් කරන්නේ නම් ඔබේ නමින්ම එකී කාර්යන් කිරීම බොහෝ ගැටළු නිරාකරණය වේ පහසු වේ .

    වර්ෂ 2000 අංක38 දේශීය අදායම් පනත යටතේ ඕනෑම පුද්ගලයෙකුගේ අදායමින් රුපියල් ලක්ෂ පහක ප්‍රමාණයක් බද්දෙන් නිදහස් වේ.


    burj_dubai_construction_workers_on_25_january_2008_pict_2a.jpg




    තව ලෝ පොයින්ට් එකකින් හමුවෙමු ,උපුටා ගැනීම ලොපේජ්.එල්කේ
     
    Last edited: