විධායක ජනාධිපති ධූරයට එකඟද?

විධායක ජනාධිපති

  • ඔව්

    Votes: 35 36.1%
  • නැත

    Votes: 62 63.9%

  • Total voters
    97

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විධායක ජනාධිපති ධූරයට එකඟද?

    ශ්‍රී ලංකාව තුල 78 ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන් විධායක ජනාධිපති දූරය ඉදිරියටත් ක්‍රියාත්මක වනවාට ඔබ එකගද නැද්ද? එ සඳහා කරුණු දක්වන්න

    raising_hands.png

    ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය

    නිදහස ලබන විට ලංකාවේ ජනාධිපති වරයෙකු නොසිටියේය. විධායක බලය අගමැති සතුවූ අතර නාමමාත්‍ර බලයක් අණ්ඩුකාර වරයා (Governor-General) සතු විය. 1972 හඳුන්වාදුන් ජනරජ ව්‍යවස්ථාව ආණ්ඩුකාර වරයා (Governor-General) වෙනුවට ජනාධිපතිවරයා යන තනතුර හඳුන්වාදෙන ලදී.

    1978 ව්‍යවස්ථාව වෙස්මිනිස්ටර් ක්‍රමය මූලික කරගත් දේශපාලන ක්‍රමයක් වෙනුවට ප්‍රංශයේ ආකෘතිය පදනම් කරගත්තක් විය. ප්‍රංශයේ ක්‍රමය අනුව සෘජුවම තෝරාගත් දිගු කාලීන ජනාධිපති වරයෙකු (පාර්ලිමේන්තුවෙන් වෙන්වූ) තෝරා පත්කර ගන්නා ලදී. ජනාධිපති වරයා සියළුම සේනාංකයන්‍හි සේනාධි නායකයා වූ අතර කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද විය. ඔහුට අගමැති පත් කිරීමේ බලය මෙන්ම පාර්ලිමේන්තුව විසිරවීමටද බලය පවතී. (පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා වසරකට පසු) ප්‍රායෝගිකව ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට ඇති බලතල ප්‍රංශ ජනාධිපති බලතලද ඉක්මවාගිය එකකි. ප්‍රංශ ජනාධිපති වරයෙකු සම්බන්ධයෙන් බලතල තමා සතුව තබා ගැනීමත් අනෙකුත් අභ්‍යන්තර සබදතා පිළිබද අවශ්‍ය බලතල අගමැති වෙත පවරා දෙයි. ශ්‍රී ලංකා ජනාධිපති වරයාව සෑම ආකාරයකින්ම රජයේ සෑම කටයුක්තකටම මැදිහත් කරවන අතර ඔහුට අමාත්‍යාංශ පවත්වා ගැනීමේ හැකියාවද ජනාධිපති ලේකම් වෙත තීරණ ගැනීමේ බලය පවරමින් කැබිනට් තනතුරු රදවා ගැනීමටද හැකියාව ඇත.

    ජනාධිපතිට ඉතා සීමිත සීමාවන් ඔහුගේ බලය යෙදවීම සම්බන්ධයෙන් පවතින අතර ඔහුට එරෙහිව අධිකරණ තීරණ ගත නොහැක. කෙසේවෙතත් 2/3ක බලයක් යොදා ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනආ හැකිය. පාර්ලිමේන්තුව මඟින් සම්මත කරන ලද නීති උල්ලංඝනය කරමින් හා නීතිමය අවසරයක් රහිතව රෙගුලාසි පැනවීමෙන් රට අවධානම් තත්වයක තැබීමට ඔහුට හැකිය.

    පාර්ලිමේන්තුව ආරම්භයේදී රජයේ ප්‍රතිපත්ති සරලව දක්වමින් සිංහාසන කථාවට සමානව අදහස් දැක්වීමක් කරනු ලැබේ.

    ජනාධිපති නීතීඥ තනතුර සඳහා නීතීඥයන් පත් කිරීමට ජනාධිපතිට බලය පවරන අතර ජනාධිපති ආරක්ෂක තනතුරට හමුදා නිළධාරීන් පත්කිරීමටද හැකියාව ඇත.

    1994 ජනාධිපති වරනයේදී පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා කුමාරතුංග තමා අවසන් විධායක ජනාධිපතිවරයා වන බවට හා වෙස්මිනිස්ටර් ක්‍රමය පදනම් කරගත් ආණ්ඩුවක් පිහිටුවන බවට පොරොන්දු විය. ඇතැම් දේශපාලන පක්ෂ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ප්‍රකාශ කලද ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන රාමුව තුල එය ඉතා අසීරු කටයුක්තකි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙහෙමයි....
    මම කැමතියි විධායක ජනාධිපතිධූරය තියෙනවට...:cool:
    දැනට තියෙන විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු වෙන්න ඕනේ...විශේෂයෙන්ම ස්වාධීන කමිෂන් සභාවලට කල හැකි බලපෑම නැති වෙන්න ඕනේ....අනික සන්වරන තුලන පාලන ක්‍රමය යටතේ ජනාධිපතිට අධිකරනය කෙරේ කල හැකි බලපෑම අවම කල යුතුයි...:yes:
    අනිත් එක ජනාධිපතිවරයා ඉවත් කල හැකි එකම ක්‍රමය වන දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමේ පියවර ගනන ඔයිට වඩා ටිකක් ලිහිල් වෙන්න ඕනේ..මොකද දැන් තියෙන තත්වය අනුව කවදාවත් ජනාධිපති කෙනෙක් දෝෂාභ්යෝගයක් මගින් පහ කල නොහැකියි...:angry:
    අනිත් එක ජනාධිපතිට ඉල්ලන්න පුලුවන් වාර ගනන සීමාව ආයේ ගේන්න ඕනේ...ඉල්ලන්න පුලුවන් දෙපාරයි..ඊට වඩා කොහොමවත් බෑ...:rolleyes:
    අනික ජනාධිපතිගේ ධූරකාලය අඩු කරන්න ඕනේ...අවුරුදු 4ක් හොදටම ඇති...අවු.6ක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්..වැඩ කරන මිනිහෙක්ට අවුරුදු හතරේ එව්වා දෙකක් හොදටම ඇති..:)
     
    Last edited:

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    නැත.

    ඉස්සර ඔව්.
    විධායක ක්‍රමය හරියට භාවිත කළා නම් ඉතා සාර්ථකයි.
    නමුත් විධායක බලතල අනිසි ලෙස කිසිම සදාචාරයකින් තොරව භාවිත කිරීම, වැඩි කර ගැනීමට එරහෙයි.
    එකම පුද්ගලයෙක් අවුරුදු 10කට 12කට වඩා විධායක බලතල දරන එක වැරදියි නින්දිතයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    විධායකයා අහෝසිකර කියන්නේ 13 සැප කනේ... උතුර දුන්නා වගේ තමයි.. බලහං.. නැත කියල vote කරන එවුන් කාටද කඩේ යන්නේ???
    මේවල බරපතල කම වත් දන්නේ නැති එවුන් අනේ මන්ද... අබ සරණයි...:(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    ඔව්...
    විධායක ජනපතිධුරය අහෝසි කනනවානම් සරත් N සිල්වා දුන්න මන්ත්‍රීවරු පක්ෂය මාරු කලාම මන්ත්‍රී කම අහෝසි වෙන්නේ නෑ කියන නඩු තීන්දුව වෙනස් කරන්න ඕනේ. නැත්තන් ස්ථාවර රජයක් පවත්වාගෙන යන්න බෑ. සල්ලි වලට අවුරුද්දෙන් අවුරුද්ද ආණ්ඩු පෙරලෙයි...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    විධායක ජනාධිපති දූරය ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතුයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමයි....
    මම කැමතියි විධායක ජනාධිපතිධූරය තියෙනවට...:cool:
    දැනට තියෙන විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු වෙන්න ඕනේ...විශේෂයෙන්ම ස්වාධීන කමිෂන් සභාවලට කල හැකි බලපෑම නැති වෙන්න ඕනේ....අනික සන්වරන තුලන පාලන ක්‍රමය යටතේ ජනාධිපතිට අධිකරනය කෙරේ කල හැකි බලපෑම අවම කල යුතුයි...:yes:
    අනිත් එක ජනාධිපතිවරයා ඉවත් කල හැකි එකම ක්‍රමය වන දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමේ පියවර ගනන ඔයිට වඩා ටිකක් ලිහිල් වෙන්න ඕනේ..මොකද දැන් තියෙන තත්වය අනුව කවදාවත් ජනාධිපති කෙනෙක් දෝෂාභ්යෝගයක් මගින් පහ කල නොහැකියි...:angry:
    අනිත් එක ජනාධිපතිට ඉල්ලන්න පුලුවන් වාර ගනන සීමාව ආයේ ගේන්න ඕනේ...ඉල්ලන්න පුලුවන් දෙපාරයි..ඊට වඩා කොහොමවත් බෑ...:rolleyes:
    අනික ජනාධිපතිගේ ධූරකාලය අඩු කරන්න ඕනේ...අවුරුදු 4ක් හොදටම ඇති...අවු.6ක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්..වැඩ කරන මිනිහෙක්ට අවුරුදු හතරේ එව්වා දෙකක් හොදටම ඇති..:)
    එකගයි!
    හොදම දේ වන්නේ ගරු අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල යෝජනා අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විධායක ජනාධිපති දූරය ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතුයි

    එසේ ක්‍රියාත්මක නොවේ නම් 13 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ව්‍යාතිරේකයක් එක් විය යුතුය......
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    මෙහෙමයි....
    මම කැමතියි විධායක ජනාධිපතිධූරය තියෙනවට...:cool:
    දැනට තියෙන විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු වෙන්න ඕනේ...විශේෂයෙන්ම ස්වාධීන කමිෂන් සභාවලට කල හැකි බලපෑම නැති වෙන්න ඕනේ....අනික සන්වරන තුලන පාලන ක්‍රමය යටතේ ජනාධිපතිට අධිකරනය කෙරේ කල හැකි බලපෑම අවම කල යුතුයි...:yes:
    අනිත් එක ජනාධිපතිවරයා ඉවත් කල හැකි එකම ක්‍රමය වන දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමේ පියවර ගනන ඔයිට වඩා ටිකක් ලිහිල් වෙන්න ඕනේ..මොකද දැන් තියෙන තත්වය අනුව කවදාවත් ජනාධිපති කෙනෙක් දෝෂාභ්යෝගයක් මගින් පහ කල නොහැකියි...:angry:
    අනිත් එක ජනාධිපතිට ඉල්ලන්න පුලුවන් වාර ගනන සීමාව ආයේ ගේන්න ඕනේ...ඉල්ලන්න පුලුවන් දෙපාරයි..ඊට වඩා කොහොමවත් බෑ...:rolleyes:
    අනික ජනාධිපතිගේ ධූරකාලය අඩු කරන්න ඕනේ...අවුරුදු 4ක් හොදටම ඇති...අවු.6ක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්..වැඩ කරන මිනිහෙක්ට අවුරුදු හතරේ එව්වා දෙකක් හොදටම ඇති..:)
    අවුරුදු 4ක ට සිමා කරනවානම් ජාතික ප්‍රතිපත්තියක් ඕනේ බං රජයට... නැත්තන් එකෙක් එකක් කරයි අනිකා තව එකක් කරයි... නිකන් එහෙට මෙහෙට යනවා විතරයි. අනිත් ඒවා නම් එල :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රටේ ආරක්ෂාවට අදාල සියලු බලතල ඡනාධිපති සතු විය යුතුයි .අනෙකුත් සියලු බලතල පාර්ලිමේන්තුට පැවරිය යුතුයි ඡනාධිපති අධිකරණයට වගකිව යුතුයි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එකගයි!
    හොදම දේ වන්නේ ගරු අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල යෝජනා අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි......

    11.gif

    මම රතන හාමුදුරුවන්ගේ ව්‍යවස්තා සන්ශෝධන යෝජනාවලිය කියවලා නෑ අය්යෙ..:no::(

    අවුරුදු 4ක ට සිමා කරනවානම් ජාතික ප්‍රතිපත්තියක් ඕනේ බං රජයට... නැත්තන් එකෙක් එකක් කරයි අනිකා තව එකක් කරයි... නිකන් එහෙට මෙහෙට යනවා විතරයි. අනිත් ඒවා නම් එල :D

    තේරුනේ නෑ කියලා තියෙන ටික..:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුරුදු 4ක ට සිමා කරනවානම් ජාතික ප්‍රතිපත්තියක් ඕනේ බං රජයට... නැත්තන් එකෙක් එකක් කරයි අනිකා තව එකක් කරයි... නිකන් එහෙට මෙහෙට යනවා විතරයි. අනිත් ඒවා නම් එල :D
    ඒව ගැන නම් කතා කොට වැඩක් නැත....
    කවද්ද බං මේ රටට ප්‍රතිපත්ති තිබුණේ......

    දෙපැත්තෙම වසලයො එකයි!!!:dull::dull: