වින්ඩොව්ස් 7 ඔබ දන්නවද?

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වින්ඩොව්ස් 7 ඔබ දන්නවද?

    195750_108895115811417_7330398_n.jpg
    PEMS_Updating.gif
    icon-arrow.down.200pix.jpg




    ඔබට මතක ඇති වින්ඩොව්ස් 98 අපි වැඩ කල එතනින් me , 2000, xp වලට මාරු වෙලා දැන් win7 ඇවිත්. එත් මේ වින්ඩොව්ස් 7 හි අපි නොදන්නා බොහෝ විශේෂ දේවල් සැගවිල තියෙනවා. ඔවු මන් කියන්නම්කො ඒවා. මේවා ඔබ දන්නවා ඇති, දන්නා අය ඉන්නවනම් ඔබ දන්නා දේවලුත් එකතු කරන්න, මේ මන් දන්නේ නොදන්නා අයට දැනගන්න. ඉතින් හැමෝම සහයෝගෙන් වින්ඩොව්ස් 7 ඉගෙන ගමු.

    windows%207%20ultimate%5B3%5D.jpg


    1 අපි දන්නවා වින්ඩොව්ස් 7 වල තියෙන Aero ඒවායේ shortcuts ගොඩක් අය දන්නේ නෑ.
    windows key එකයි spacebar එකයි ඔබල බලන්නකෝ වෙන දේ.


    key-windows.gif
    +
    space-bar-key-4.jpg


    බලන්න ඔබගේ desktop එකේ තියෙන ඔක්කොම windows විනි විද පේනවා නේද?

    Windows7shortcuts02.png



    windows key එකයි D එකයි ඔබල බලන්නකෝ වෙන දේ.
    බලන්න වෙන දේ. මේකෙන් ඔබගේ ඩෙස්ක්ටොප් එක hide වීමක් show වීමක් සිදු වේ.

    windows key එකයි Home එකයි ඔබල බලන්නකෝ වෙන දේ.
    බලන්න ඔක්කොම windows minimize වෙන අපූරුව

    windows key එකයි Left Arrow එකයි හෝ windows key එකයි Right Arrow එකයි ඔබල බලන්නකෝ වෙන දේ.
    වින්ඩොව් දෙකක් තියෙද්දී වමට හෝ දකුණට dock වීමක් සිදුවේ

    windows key එකයි උප Arrow එකයි හෝ windows key එකයි Down Arrow එකයි ඔබල බලන්නකෝ වෙන දේ.
    වින්ඩොව් එක maximize හෝ restore වීම සිදුවේ.

    තව shortcuts ගොඩක් තියෙනවා ඒවා ඔක්කොම පස්සේ ටික ටික දෙන්නම්කො. නට්ටන් මේක කම්මැලි wei කියවද්දී.



    හරි දැන් ඔබ දන්නවා 98 වල ඉදන් වින්ඩොව්ස් වල calculator එක තියෙනවා. ඉතින් මේ වින්ඩොව්ස් 7 වල තියෙන එක ගෙන දන්නවද?

    ඔන්න පින්තුරේ මුලින්ම දැම්ම
    calc_580_90.jpg

    මොනවද මේකේ තියන්නේ Options මෙනු ගිහින් බලන්න, මේකේ තියෙනවා දුර, බර, ගණත්වය, වගේම තව ගොඩක් දේවල්, දින ගණනය,වාහනවල ගමන්කළ දුර, ගණනය කරන්න උදව් වෙන දේවල් වගේම ඔබගේ ණය ගැනීමේදී වාර්ෂික පොලිය යොදා මාසික වාරිකය පවා මෙමගින් ගණනය කර හැක.
    බලන්න ඔබට මොන දේ ප්‍රයෝජනවත් වෙයිද.


    හරි දැන් අපි දන්නවා ඕනෙම file එකක් r .click කරලා sendto කියල අපිට එකේ copy එකක් දෙන මෙනු එකට් අනුව තනකට් යවන්න පුළුවන් කියල.

    demonstarting-a-test-folder-in-send-to-menu.png

    දැන් ඔබ නිකමටවත් කරලා බැලුවද shift එකත් එක්ක press කරන sendto මෙනු එකට වෙන දේ.

    Send_To_Win7_2.jpg

    පුදුමයි නේ එන list එක, ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක ඔයාලට.

    මේකනම් ටිකක් වැදගත් වෙන්නේ පොඩි වැඩ කාරයන්ට. අපි ඉතින් එක එක වැඩ දාද්දි command prompt එක වැදගත් ඉතින් එක එක folder එකක් වැඩක් කරන්නනම් දිගට dos command type කර කර ඉන්න ඕනේ නෑ shift එකත් එක්ක folder එක උද r .click කරලා එන මෙනු එක බලන්නකෝ මේක තියෙනවා

    medium_738619f1dde7e11d8f4eb8a1b73e1748.jpg

    ඔවු ඒ folder එකට් path වෙලා command prompt එක run වෙනවා.

    ඔබ දන්නවා wifi hotspot ගෙන එත් ඔබට wifi device එකක් තිබේනම්
    virtual Wi-Fi මගින් rauter එකක් නොමැතිව wifi internet connection දෙන්න පුළුවන් බව?
    router_580_90.jpg

    මෙමගින් ඔබේ ලැප්ටොප් එකට් dongle එකයි use කරලා විෆි hotspot එකක් හදාගැනීමට පුළුවන්.

    අපි දන්නවා වින්ඩොව්ස් 7 වල control panal එක ටිකක් සංකීර්ණයි.වැඩ වැඩියි එත් සමහර දේවල් එකේ හොයාගන්න අමාරුයි. සමහර දේවල් අපිට හොයාගන්න ලොකු කට්ටක් කන්න වෙනවා.
    ඉතින් ඔබ කැමතිද වින්ඩොව්ස් 7 වල තියෙන ඔක්කොම දේවල් එක තැනකින් බලාගන්න? එහෙනම් පොඩි දෙයය් කරන්න තියන්නේ
    ඕනේ තැනක folder එකක් හදල එක rename කරන්න මේ විදියට

    Everything .{ED7BA470-8E54-465E-825C-99712043E01C}

    බලන්න එතකොට වෙන දේ. වින්ඩොව්ස් 7 වල තියෙන features 260 ක් එක්ක ඔබට සුපිරි control panal එකක් ලබෙය්.
    මේකට කියන්නේ god mod

    godmode_580_90.jpg


    තව තියෙනවා ගොඩක් දේවල් ඒවා මන් දාන්නම්කො කට්ටිය කෙමතිනම් තව දෙන්නම්. හැම කෙනෙක්ටම මේක දකින්න comment එකක් දල යන්න අමතක කරන්න එපා. තව ගොඩක් දේවල් එකතු කරනවා මේ thread එකට්. ඔයගොල්ලොන්ගේ සහයෝගය එක්ක.:growl:
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Virtual WI-FI HOTSPOT

    Ela machn. Noddanna deewal godak danagaththa
    Rep 6+

    Macho ara virtual router manager eka kohomada ban daganne?
    Eka wenama download karanna oneda
    මේ සහෝදරයාගේ ඉල්ලීම මත
    ඔබේ Windows 7 laptop එක wireless hotspot කරගන්න හැටි දැන්නම්
    ඔබ සතු ඉන්ටෙර්නෙට් සම්බන්දතාවය තව කෙනෙක්ට බෙදා දීම තරම් අමාරු කාර්යයක් මේ ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. එත් දුකෙන් උනත් ඒ දේ කරන හැටි කියදෙන්නම්කො.
    මේක ඉතා පරිස්සමෙන් කරන්න ඕනේ හොදේ වෙන අය ඔයාලගේ සම්බන්දතාවය මගින් උපරිම පල නෙලා ගැනීමට ඉඩ තිබේ.
    සාමාන්‍යයෙන් තෙවෙනි පාර්ශවයේ මෘදුකාංගයක් යොදාගෙන මේ දේ කල හැකි වුනත් එහි ඇති සංකීර්ණතාවය නිසා මෙම වින්ඩොව්ස් 7 හි අන්තර්ගත විශේෂාංගය කෙතරම් ලේසිද කියා ඔබට වැටහෙනු ඇත.
    මේකේ සංකල්පය හරි සරලයි අපේ මේ මෙහෙයුම් පද්දතිය මගින් ඔබගේ wifi adapter එකේ duplicate copy එකක් ඔබ කැමති ප්‍රමාණයකට ලබා දීමයි. මෙයට කෙතරම් ප්‍රමාණයක් සම්බන්ද වුවත් මෙයට ප්‍රශ්නයක් නොවේ.
    මේ විශේෂාංගය ස්ථාපනය කල පසු ඔබට ඕනෑම පරිගණකයක්, ලැප්ටොප්, ipod ,ඕනෙම wifi device එකක්ට් ඉන්ටෙර්නෙට් සම්බන්දතාවය ලබා දිය හැක

    මේක කරන්නට් හිතන තරම් අමාරු නෑ. මුලින්ම ඔබට wifi Wi-Fi-compatible driver එක හොයාගන්න වෙනවා ඔබගේ adapter එකට.
    ඉන්ටෙල් ලගේ අලුත්ම driver ලිස්ට් එක මෙතනින් බාගන්න 32-bit() නම්

    64-bit() නම් මේවා ගොඩක් වෙලවට් සුප්පොර්ට් කරනවා, ඒවගේම Atheros,

    Broadcom, Realtek වගේ ඒවත් ගොඩක් වෙලාවට support කාරනාව, ඉතින් ඒ website වලට ගිහින් download කරන්න.

    ඉතින් ඔයාල වාසනාවන්ත උනොත් මේ driver ලබාගන්න ඊලග පියවර වන්නේ මේ feature එක ස්ථාපිත කරන්නයි. ඉතින් මේකට අපිට ඕනේ command prompt එක, අපගේ හිත හොද මිතුර කවදත් වගේ command prompt එකනේ.
    SB_Cmd_Prompt_RunAsAdmin.png

    හොදයි දැන් start button එක click කරලා cmd .exe එක right click කරලා "Run as Administrator". ලෙස click කරන්න
    දැන් මේ command එක type කරන්න

    netsh wlan set hostednetwork mode=allow ssid=MyNet key=MyPassword

    දැන් එන්ටෙර් කරන්න
    දැන් ඔබගේ wifi hotspot එකට් ලස්සන නමක් දල එන්ටෙර් කරලා
    මීලගට වැදගත් දේ හොද password එකක් දෙන එක, දන්නවනේ අපේ අය්යල ගෙන එයාලට හිත ගන්න බැරිවෙන්න එකක් දන්නා නට්ටන් ඉතින් sorry .com නෙවි hutapatas .net

    දැන් cammand line එකේ මෙන්න මේක type කරන්න.

    netsh wlan start hostednetwork

    දැන් [Enter] එක press කරලා ඔබගේ hotspot එක රත් කරන්න පටන් ගන්න එල නේද.


    දැන් control panel ගිහින් network & Internet එකේ
    Control-Panel-Network-and-Internet.png

    internet and sharing centre එකේ

    Vistadialup4.jpg


    change adapter settings වල right-click කරලා internet

    win7-change-adapter-settings.png


    connection වල Properties.තෝරන්න දැන් Sharing tab, click කරලා "Allow other network users to connect..." එක check mark එක දන්න. ඊට පස්සේ ඔබගේ Wi-Fi

    adaptor එක select කරන්න විතරයි තියෙන්නේ

    දැන් ඉති ලග පත තියෙන wifi device වලට හිටු කියල ඔබගේ රත් වෙච්චි පොට්‌ එක පෙන්නන්න ගනියි ඕන මන් දන්නේ නෑ. එයාලට ඔයාල දුන්නු නම දිස්වෙයි ඒ වගේම ඔබ දුන්නු password, එක මගින් එයාලට ඉන්ටෙර්නෙට් සම්බන්දතාවය ලබා ගන්න ලේසියෙන්ම පුළුවන්.
    මේවා ඉතින් කරන්න ඉගෙන ගන්න පුළුවන් නෙට්ටන් මීකට batch file එකක් හදල auto run වෙන්න හදන්නත් පුළුවන් . ඉතින් එහෙම කරලා මෙන්න බදු download කරපල්ලා කියල දල නිකන් ඉන්නත් පුළුවන්. එත් ඊකෙ ගතියක් නෑ නේ මචන්ලා.
    ඔබ දෙයක් ඉගෙන ගත්තනම් ඊක ගුරු මුෂ්ටි තියාගන්නේ නැතුව කියාදෙන්න.
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Windows Logon Screen

    ඔන්න සහෝදර වරුනි අම්මේ මල්ලියේ නංගියේ තාත්තේ, අද කලේ අපිට අලුත් වැඩක් දල අනිත් කොල්ලෝ කොර කරන්න දෙයක් හැමදාම කරන එකනේ. ඉතින් අද මන් ඔයාලට ගේනවා වින්ඩොව්ස් 7 වල ලොගින් එකට් ලස්සන පින්තූරයක් දාන විදිය. ඉතින් මේක දල superman විදියට ඉන්න පුළුවන්.
    Win_7_Login_Screen_for_Vista_by_Vishal_Gupta.png

    සාමාන්‍යයෙන් logon screen එකට් අපේ පින්තුරයක් දන එක ලොකු දෙයක් විදියට අපි දකින්නේ. කොටින්ම කියනවා නෙවි කටින්ම කියනවනම් එත්තටම් ඉස්සර මේ වගේ දෙයක් කරන එකත් බයානකයි, මේක හරියට hack කිරීමක් වගේ ඒකාලේ os වලට, එත් අපේ දුක හදුනන microsoft සමගම(අම්මප crack එක නිසා හොදයි) වින්ඩොව්ස් 7 එක්ක මේ දෙය toy එකක් වගේ කරන්න පුළුවන් විදියට දීල තියෙනවා.
    මේකට මුලින්ම අපිට ඕනේ උනේ කවදත් හිත මිතරු සහයට දනී වගේ හිටපු REGEDIT මල්ලියා.


    regedit-remove-shortcut-extension.png


    මෙයට ඉතින් කතා කරලා ගෙන්න ගන්න නම් දුවන්න වෙනවා, දුවන්න කිවේ RUN එකේ regedit type කරල එන වින්ඩොව් එකේ. වම පට්ටෙන් එන ලිස්ට් එකෙන් පහල තියෙන ඒවා එකින් එක සෙලෙච්ට් කරන්න විතරයි
    HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background
    මේක browse කරන්න දන්නේ නැති අය ඉන්නවනම් කියන්න හොදේ.

    ඔකේ ඉතින් DWORD key එක වෙන OEMBackground එකේ value එක 1 දෙන්න.මල එහෙම එකක් නට්ටන් බයවෙන්න කාරී න. file ගිහින් new DWORD select කරලා අලුත් key එකක් OEMBackground ලෙස නම් කර value එක 1ක් දෙන්න.

    දැන් ඉතින් තියෙන්නේ background එකට දන ඔරන් හෝටන් පින්තුරේ දන එක,

    orangutan-pi.jpg



    හැබැයි මතක තියාගන්න පින්තූරේ size එක 256Kb වලට වැඩ අඩු වෙන්න ඕනේ අනික් කරණය ඔබගේ screen සිළෙ එකට fit වෙන්නත් ඕනේ. උදාහරණයක් විදියට පින්තුරය ත්‍රිකෝණයක් හෝ සමචතුරශ්‍රයක් වුනොත් වැඩේ දෙල් වේ. ඔබේ තිරය සෘජු කොනස්ර්යක් වෙන බැවිනි.ඔන්න ත්ර්කොන හැදෙ එකක් තියෙනවනම් කම් නැත.
    දැන් මේ පින්තූරය ඔබගේ වින්ඩොව්ස් ස්ථාපනය කර ඇති partition එකේ windows එකේ system32 එකේ oobe එකේ info එකේ backgrounds folder එකට copy කරන්න මෙහෙම folder නැට්ට්තන් එකක් නිර්මාණය කරනු මැනවි. අහ අමතක උන මේ දාපු පින්තූරය backgroundDefault.jpg ලෙස වෙනස් කලාම යුතුයි, නැතුව අල්ලපු ගෙදර නංගිගේ නම දල ඔරන් හෝටන් පින්තුරේ දැම්මට වැඩක් නොමැති බව කරුණාවෙන් සලකන්න. දැන් නංගිට boot එක දෙන්න නෙවි machine එක reboot කරන්න.

    දැන් ඔබගේ ඔරන් හුටන් පින්තූරය දිස්වේ, මෙය දකින වාරයක් වාරයක් පාසා... එක්කෝ ඕනේ ණෑ

    තවත් මෙවැන්නකින් හමුවෙන තුරු .....
     
    Last edited: