විනාඩියට ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්න රටක ඇයි අපි ඉගෙන ගත්තෙ ??
කොත්තු බාස්ට 75000යි. උපාධියකුත් තියෙන මට 40000යි.
මෙහෙම පෝස්ට් හරියට ශෙයා වෙනවා. මැරීගෙන පාඩම් කරලා ඉගෙනගෙන තෘප්තිමත් ආදායමක් නෑ. ඉතින් සරලවම බහුතරයක් මිනිස්සු දකින්නේ ඉගෙන ගත්ත එක වැඩක් නෑ කියලා.
ඇත්තටම ඉගෙන ගෙන වැඩක් නැත්ද? වැඩක් තියෙනවා නම් ඇයි මෙහෙම වෙන්නෙ ??
ඔබට තෘප්තිමත් ආදායමක් නැත්නම් ඒකෙ වැරැද්ද කාගෙද ?
මට අනුව නම් උත්තර කීපයක් තියෙනවා
පළවෙනි එක තමා අපි ගිය පන්ති වල ටියුෂන් ගුරුවරුන් අපේ ඔලුවට දාපු දේශනා. ටියුෂන් කියන්නේ බිස්නස් එකක්. ඒකෙ කතා දෙකක් නැහැ. ළමයි කැම්පස් යන ප්‍රමාණය මත තමයි ටියුෂන් ගුරුවරයාගේ බිස්නස් එක ප්‍රමෝට් වෙන්නෙ. ඉතින් එයා අපිව මාර විදිහට මෝටිවේට් කරනවා කැම්පස් ගියාම ඔක්කොම හරි ය, කප්රුක පහළ උනා වගේ තමා ය, සිතූ පැතූ දේ ලැබෙනවා ය කියලා. මහපොළවෙ පය ගහලා ඉන්න ඕනෙ එකෙක් දන්නවා ඒක එහෙම නෑ කියලා.
හැබැයි ඉතින් කැම්පස් ගියෙ ඩිස්නිලන්තෙ යනවා කියලා හිතාගෙන. ඊට පස්සෙ ඉතින් අපේක්ෂාභංගත්වය !
වැරැද්ද කාගෙද ? අර බිස්නස් ප්‍රමෝශන් එකට රැවටෙන්න තරම් අපි කොයි තරම් සමාජ අවබෝධයක් නැතුව ද ඉඳලා තියෙන්නේ.
අපි තේරුම් ගන්න ඕනෙ උපාධියක් කියන්නේ රැකියාවක් කරන්න ඕනෙ වෙන එක සුදුසුකමක් විතරයි කියලා. තරඟකාරී රැකියා වෙළඳපල ඇතුලෙ තමන්ගෙ කියලා සන්නාමයක් හදාගන්න වෙනවා කියලා.
උපාධියකට ඩිප්ලෝමාවකට උසස්පෙළ සහතිකයට අමතරව සුදුසුකම් සපුරාගන්න ඕනෙ අපි. අපේ soft skills, නායකත්ව ලක්ෂණ, පෞරුෂත්ව ලක්ෂණ වල අඩුපාඩු තියෙනවා, ඒවා අධ්‍යාපන සහතික වලින් ගොඩ යන්නෙ නෑ. හැබැයි ඩිග්‍රියක් ගත්තම සේරම හරි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් වැරදුනාම නාහෙන් අඬනවා ඉගෙනගෙන තේරුමක් නෑ කියලා.
සංගක්කාර ක්‍රිකට් ගහන්න එන්නෙ නීති උපාධිය අත ඇරලා. ශාරුක් ඛාන් රඟපාන්න යන්නෙ පශ්චාත් උපාධියක් අත ඇරලා. මං කියන්නේ උපාධියක් වැඩක් නෑ කියන එක නෙමෙයි. තමන්ගෙ සහජ දක්ෂතාවය දක්වන විශයන්/ක්ෂේත්‍ර සහ හීන අත ඇරලා සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙ උවමනාවට හරි හොඳ විවාහයකට සුදුසුකමක් විදිහට හරි උපාධියක්/ඩිප්ලෝමාවක් මොකක් හරි කරලා... පස්සෙ අධ්‍යාපනය තේරුමක් නෑ කියලා නාහෙන් අඬන එක වැරදීයි කියලා.
තව දෙයක් තමා අපිට පොඩි කාලෙ ඉඳලා කියලා දීලා තියෙනවා නැත්නම් අපි දැකලා තියෙන්නේ මෙන්න මෙහෙම; පන්තියේ බ්‍රයිට් ම සෙට් එක බයෝ මැත්ස් කරන්නෙ. එතනිනුත් හොඳම ටික දොස්තරලා ඉංජිනේරුවො වෙන්නෙ. වැඩ බැරි උන් තමා ආට්ස් එහෙම කරන්නෙ කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි මානසිකව හදාගත්ත "හොඳ ජොබ්" වලට වඩා අනික්වාට වැඩි පඩියක් ලැබෙනකොට අපි හිතන්නේ ඒක අසාධාරණයි කියලා.
ඇත්තටම ඒක එහෙම ද?
තමන්ගෙ හැකියාවෙන් දක්ෂතාවයෙන් ජීවිතේ දිනපු ඒත් අධ්‍යාපන සහතික නැති මනුස්සයෙක්, මට වඩා හම්බ කරනවා නම් මං එයාට ඉරිසියා කරලා හරියනවද ? අධ්‍යාපනය කියන්නේ තේරුමක් නැති දෙයක් කියලා ප්‍රකාශ කරලා හරි යනවද ? මම නම් දකින්නේ අර මනුස්සයාට ඉරිසියා කරන හැඟීම තමයි මේ පිටවෙන්නෙ.. තමන් ලබපු අධ්‍යාපනය පවා හෑල්ලු කරමින්.
ඉතාම ගෞරවයෙන් අහන්නෙ, ඔබ එහෙම කරනවා නම් ඔබට ඉතින් හරියයිද ?
අදක්ෂ වෛද්‍යවරයෙකුට වඩා දක්ෂ ගොවියෙක් හම්බ කරනවා. ඒකේ තේරුම වෛද්‍ය අධ්‍යාපනය තේරුමක් නෑ කියලද ? නෑ එකෙන් කියන්නේ ගොවියා කියන්නෙත් සමාජයට අවශ්‍ය වටිනා කෙනෙක් කියලා. හැබැ අපි හිතන් ඉන්නවා ඩොක්ට කෙනෙක් වෙන එක තමා ලොකු ගොවියෙක් කියන්නේ ගණන් ගන්න චරිතයක් නෙමෙයි කියලා.
වැරැද්ද අධ්‍යාපනයෙ නෙමෙයි, අපි දුන්න අර්ථකථනයේ.
අධ්‍යාපනය කියන්නේ අත්‍යාවශ්‍ය හරි වටින දෙයක්. මට අනුව නම් මූලික අයිතිවාසිකමක්. මම ඔහේ කරන්නන්වාලේ උපාධියක් කරලා අනාත උනා කියලා අධ්‍යාපනයේ වටිනාකමක් නැත්තෙ නෑ. වැරදි තමන් ගිය පාර, එහෙම නැත්නම් තමන් හිතන හැටි. අපි ඒක තේරුම් ගන්න ඕනෙ. සමහර වෙලාවට අපේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් අපි සරල සහ පහසු රැකියා තෝරගන්නවා. අයිස් ගහන්න පුලුවන් රජයේ රස්සාවක්, ගේ දොර වතුපිටි බලාගෙන ඉන්න පුලුවන් විදිහෙ රැකියාවක්, අම්මලා තාත්තලා බබාලා බලාගෙන ඉන්න පුලුවන් "නිදහස්" රස්සාවක් හොයාගෙන.. ඉතින් ඊට පස්සෙ මොර දෙනවා මොකට ඉගෙනගත්තද කියලා. වැරැද්ද කොතනද ? අපේ පෞද්ගලික ප්‍රශ්න වලට සමස්ත අධ්‍යාපනය ම වගකිව යුතුද ?
අනික අපිට මූලික උපාධිය දක්වා උගන්වන්නෙ නොමිලේ. එතනින් එහාටත් රස්සාවක් උඩින් වැටෙනකල් බලං ඉන්නවා. ඉතින් එහෙම උඩින් වැටෙන රස්සාවල් වලට අයිඩෙන්ටි කාඩ් නම්බර් වගේ පේන පඩි නෑ.
ඔබ ෆේස්බුක් එන්න දන්නවා. ෆේස්බුක් ඇතුලෙ සෑහෙන්න ජාති දන්නවා. ගොසිප් සයිට් ඔක්කොම ටික දන්නවා. අර නලුවා දැන් යාලු වෙලා ඉන්නේ කා එක්කද, කලින් පෙම්වතියො කව්ද කියලත් දන්නවා. ඒත් ඔන්ලයින් කෝස් එකක් හොයාගන්න දන්න්නවද ? ලංකාව ඇතුලේ තියෙන රැකියා අවස්ථා ව්‍යවසායකත්ව අවස්ථා කවදාවත් search කරලා තියෙනවා ද ?අන්තර්ජාලය ඔස්සේ දේශීය හෝ විදේශීය රැකියාවකට අයැදුම් කරන්න ඔබ දන්නවද ? ලෝකයේ අලුත්ම ට්‍රෙන්ඩිං විශය ක්ශේත්‍ර ඔබ දන්නවාද ? ඒවාට ඔබේ අතේ තියෙන උපාධි සහතිකය සම්බන්ධ කරන්න පුලුවන් කියලා ඔබ දන්නවද ? එහෙම කරන්න හිතලාවත් තියෙනවා ද ??
කොටින්ම ඔබ ඔය ගේම් ගහන්නයි ෆේස්බුක් යන්නයි පාවිච්චි කරන ජංගම දුරකථනය වැඩකට ඇති දේකට පාවිච්චි කරන්න පුලුවන් කියලා ඔබ දන්නවද? ලෝකයේ සියලුම අවස්ථා ඔබේ ඇඟිලිතුඩු මත තියෙනවා කියලා ඔබ පිළිගන්නවද?
ඉතින් ගත්ත උපාධිය වැඩක් නෑ කියලා වැලපෙන්නේ තෙරුමක් ඇතුවද ?
අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්නම්. ඩිමාන්ඩ් එකක් තියන තරගකාරි ලෝකයට ගැලපෙන skills develop කරගන්න සල්ලි මවන්න පුළුවන් life එක enjoy කරන්න පුළුවන්. වැටුප ලිමිට් කරන්න එපා unlimited කරගන්න උත්සාහ වෙන්න. උත්සාහ දැරුවට වැඩක් නෑ ඒ වෙනුවෙන් කැප වෙන්න. හීන දකින්න Targart achive කරන්න.
ඔබට ජය
copied #sadun