විනාඩියට ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්න රටක ඇයි අපි ඉගෙන ගත්තෙ ??

cat123

Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    103904810_2635001696715421_6428639238591175279_n.jpg


    විනාඩියට ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්න රටක ඇයි අපි ඉගෙන ගත්තෙ ??
    කොත්තු බාස්ට 75000යි. උපාධියකුත් තියෙන මට 40000යි.
    😕

    මෙහෙම පෝස්ට් හරියට ශෙයා වෙනවා. මැරීගෙන පාඩම් කරලා ඉගෙනගෙන තෘප්තිමත් ආදායමක් නෑ. ඉතින් සරලවම බහුතරයක් මිනිස්සු දකින්නේ ඉගෙන ගත්ත එක වැඩක් නෑ කියලා.
    ඇත්තටම ඉගෙන ගෙන වැඩක් නැත්ද? වැඩක් තියෙනවා නම් ඇයි මෙහෙම වෙන්නෙ ??
    ඔබට තෘප්තිමත් ආදායමක් නැත්නම් ඒකෙ වැරැද්ද කාගෙද ?
    මට අනුව නම් උත්තර කීපයක් තියෙනවා

    පළවෙනි එක තමා අපි ගිය පන්ති වල ටියුෂන් ගුරුවරුන් අපේ ඔලුවට දාපු දේශනා. ටියුෂන් කියන්නේ බිස්නස් එකක්. ඒකෙ කතා දෙකක් නැහැ. ළමයි කැම්පස් යන ප්‍රමාණය මත තමයි ටියුෂන් ගුරුවරයාගේ බිස්නස් එක ප්‍රමෝට් වෙන්නෙ. ඉතින් එයා අපිව මාර විදිහට මෝටිවේට් කරනවා කැම්පස් ගියාම ඔක්කොම හරි ය, කප්රුක පහළ උනා වගේ තමා ය, සිතූ පැතූ දේ ලැබෙනවා ය කියලා. මහපොළවෙ පය ගහලා ඉන්න ඕනෙ එකෙක් දන්නවා ඒක එහෙම නෑ කියලා.
    හැබැයි ඉතින් කැම්පස් ගියෙ ඩිස්නිලන්තෙ යනවා කියලා හිතාගෙන. ඊට පස්සෙ ඉතින් අපේක්ෂාභංගත්වය !
    වැරැද්ද කාගෙද ? අර බිස්නස් ප්‍රමෝශන් එකට රැවටෙන්න තරම් අපි කොයි තරම් සමාජ අවබෝධයක් නැතුව ද ඉඳලා තියෙන්නේ.
    අපි තේරුම් ගන්න ඕනෙ උපාධියක් කියන්නේ රැකියාවක් කරන්න ඕනෙ වෙන එක සුදුසුකමක් විතරයි කියලා. තරඟකාරී රැකියා වෙළඳපල ඇතුලෙ තමන්ගෙ කියලා සන්නාමයක් හදාගන්න වෙනවා කියලා.

    උපාධියකට ඩිප්ලෝමාවකට උසස්පෙළ සහතිකයට අමතරව සුදුසුකම් සපුරාගන්න ඕනෙ අපි. අපේ soft skills, නායකත්ව ලක්ෂණ, පෞරුෂත්ව ලක්ෂණ වල අඩුපාඩු තියෙනවා, ඒවා අධ්‍යාපන සහතික වලින් ගොඩ යන්නෙ නෑ. හැබැයි ඩිග්‍රියක් ගත්තම සේරම හරි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් වැරදුනාම නාහෙන් අඬනවා ඉගෙනගෙන තේරුමක් නෑ කියලා.
    සංගක්කාර ක්‍රිකට් ගහන්න එන්නෙ නීති උපාධිය අත ඇරලා. ශාරුක් ඛාන් රඟපාන්න යන්නෙ පශ්චාත් උපාධියක් අත ඇරලා. මං කියන්නේ උපාධියක් වැඩක් නෑ කියන එක නෙමෙයි. තමන්ගෙ සහජ දක්ෂතාවය දක්වන විශයන්/ක්ෂේත්‍ර සහ හීන අත ඇරලා සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙ උවමනාවට හරි හොඳ විවාහයකට සුදුසුකමක් විදිහට හරි උපාධියක්/ඩිප්ලෝමාවක් මොකක් හරි කරලා... පස්සෙ අධ්‍යාපනය තේරුමක් නෑ කියලා නාහෙන් අඬන එක වැරදීයි කියලා.

    තව දෙයක් තමා අපිට පොඩි කාලෙ ඉඳලා කියලා දීලා තියෙනවා නැත්නම් අපි දැකලා තියෙන්නේ මෙන්න මෙහෙම; පන්තියේ බ්‍රයිට් ම සෙට් එක බයෝ මැත්ස් කරන්නෙ. එතනිනුත් හොඳම ටික දොස්තරලා ඉංජිනේරුවො වෙන්නෙ. වැඩ බැරි උන් තමා ආට්ස් එහෙම කරන්නෙ කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි මානසිකව හදාගත්ත "හොඳ ජොබ්" වලට වඩා අනික්වාට වැඩි පඩියක් ලැබෙනකොට අපි හිතන්නේ ඒක අසාධාරණයි කියලා.
    ඇත්තටම ඒක එහෙම ද?

    තමන්ගෙ හැකියාවෙන් දක්ෂතාවයෙන් ජීවිතේ දිනපු ඒත් අධ්‍යාපන සහතික නැති මනුස්සයෙක්, මට වඩා හම්බ කරනවා නම් මං එයාට ඉරිසියා කරලා හරියනවද ? අධ්‍යාපනය කියන්නේ තේරුමක් නැති දෙයක් කියලා ප්‍රකාශ කරලා හරි යනවද ? මම නම් දකින්නේ අර මනුස්සයාට ඉරිසියා කරන හැඟීම තමයි මේ පිටවෙන්නෙ.. තමන් ලබපු අධ්‍යාපනය පවා හෑල්ලු කරමින්.
    ඉතාම ගෞරවයෙන් අහන්නෙ, ඔබ එහෙම කරනවා නම් ඔබට ඉතින් හරියයිද ?
    අදක්ෂ වෛද්‍යවරයෙකුට වඩා දක්ෂ ගොවියෙක් හම්බ කරනවා. ඒකේ තේරුම වෛද්‍ය අධ්‍යාපනය තේරුමක් නෑ කියලද ? නෑ එකෙන් කියන්නේ ගොවියා කියන්නෙත් සමාජයට අවශ්‍ය වටිනා කෙනෙක් කියලා. හැබැ අපි හිතන් ඉන්නවා ඩොක්ට කෙනෙක් වෙන එක තමා ලොකු ගොවියෙක් කියන්නේ ගණන් ගන්න චරිතයක් නෙමෙයි කියලා.
    වැරැද්ද අධ්‍යාපනයෙ නෙමෙයි, අපි දුන්න අර්ථකථනයේ.

    අධ්‍යාපනය කියන්නේ අත්‍යාවශ්‍ය හරි වටින දෙයක්. මට අනුව නම් මූලික අයිතිවාසිකමක්. මම ඔහේ කරන්නන්වාලේ උපාධියක් කරලා අනාත උනා කියලා අධ්‍යාපනයේ වටිනාකමක් නැත්තෙ නෑ. වැරදි තමන් ගිය පාර, එහෙම නැත්නම් තමන් හිතන හැටි. අපි ඒක තේරුම් ගන්න ඕනෙ. සමහර වෙලාවට අපේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් අපි සරල සහ පහසු රැකියා තෝරගන්නවා. අයිස් ගහන්න පුලුවන් රජයේ රස්සාවක්, ගේ දොර වතුපිටි බලාගෙන ඉන්න පුලුවන් විදිහෙ රැකියාවක්, අම්මලා තාත්තලා බබාලා බලාගෙන ඉන්න පුලුවන් "නිදහස්" රස්සාවක් හොයාගෙන.. ඉතින් ඊට පස්සෙ මොර දෙනවා මොකට ඉගෙනගත්තද කියලා. වැරැද්ද කොතනද ? අපේ පෞද්ගලික ප්‍රශ්න වලට සමස්ත අධ්‍යාපනය ම වගකිව යුතුද ?

    අනික අපිට මූලික උපාධිය දක්වා උගන්වන්නෙ නොමිලේ. එතනින් එහාටත් රස්සාවක් උඩින් වැටෙනකල් බලං ඉන්නවා. ඉතින් එහෙම උඩින් වැටෙන රස්සාවල් වලට අයිඩෙන්ටි කාඩ් නම්බර් වගේ පේන පඩි නෑ.
    ඔබ ෆේස්බුක් එන්න දන්නවා. ෆේස්බුක් ඇතුලෙ සෑහෙන්න ජාති දන්නවා. ගොසිප් සයිට් ඔක්කොම ටික දන්නවා. අර නලුවා දැන් යාලු වෙලා ඉන්නේ කා එක්කද, කලින් පෙම්වතියො කව්ද කියලත් දන්නවා. ඒත් ඔන්ලයින් කෝස් එකක් හොයාගන්න දන්න්නවද ? ලංකාව ඇතුලේ තියෙන රැකියා අවස්ථා ව්‍යවසායකත්ව අවස්ථා කවදාවත් search කරලා තියෙනවා ද ?අන්තර්ජාලය ඔස්සේ දේශීය හෝ විදේශීය රැකියාවකට අයැදුම් කරන්න ඔබ දන්නවද ? ලෝකයේ අලුත්ම ට්‍රෙන්ඩිං විශය ක්ශේත්‍ර ඔබ දන්නවාද ? ඒවාට ඔබේ අතේ තියෙන උපාධි සහතිකය සම්බන්ධ කරන්න පුලුවන් කියලා ඔබ දන්නවද ? එහෙම කරන්න හිතලාවත් තියෙනවා ද ??
    Online Business ඔයා කරන්න Try කරලා තියෙනවද ?

    Online මුදල් හොයන්න පුළුවන් ක්‍රම ඕනේ තරම් තියෙනවා ඔයා ඒවා උත්සහ කරලවත් තියෙනවද ?
    සල්ලි හොයන්න ක්‍රම කොයි තරම් තියෙනවද ?
    අද හරියට ලෝකය ගැන තාක්ෂණය ගැන හරියට Update වුන කේනෙක්ට කෙනෙක්ට සාර්ථක වෙන්න තියෙන්න ඕනේ ලැප් එකයි ෆෝන් එකයි විතරයි..

    කොටින්ම ඔබ ඔය ගේම් ගහන්නයි ෆේස්බුක් යන්නයි පාවිච්චි කරන ජංගම දුරකථනය වැඩකට ඇති දේකට පාවිච්චි කරන්න පුලුවන් කියලා ඔබ දන්නවද? ලෝකයේ සියලුම අවස්ථා ඔබේ ඇඟිලිතුඩු මත තියෙනවා කියලා ඔබ පිළිගන්නවද?
    අවසාන වශයෙන් පොඩි දෙයක් අහන්නම්. ඉගෙන ගන්න දේ හරියට අවබෝයෙන් ඉගෙන ගන්නවා නම්, ආසා රස්සාවක් ව්‍යාපාරයක් කරනවා නම් ඔබේ ජීවිතය ලස්සන නැද්ද. මාටින් වික්‍රමසිංහ කියන්නේ නිකම්ම නිකං පත්තර කාරයෙක් විතරයි කියලා අපිට කියන්න පුලුවන් ද ? එතුමා ලබපු ස්වයං අධ්‍යාපනයෙන් කොච්චර ප්‍රමාණයක් "සහතික තියෙන" අපි ළඟ තියෙනවා ද. ඉතින් ඉගෙනගන්න ඕනෙ නම් ලබන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මිසක් පඩිය ගැන හිතලා වැඩක් නෑ. මොකද හැමදේම සල්ලිම නෙමෙයි.
    ඉතින්, ඉගෙනගෙන වැඩක් නෑ.. කැම්පස් ගිහින් වැඩක් නෑ.. කියලා මුහුණුපොතේ වැලපෙන ඔබටයි මම මේ කියන්නේ... වරද තියෙන්නේ "හොඳ රස්සා" සහ පඩියම අරමුණු කරගෙන ලෝකය දිහා අපි බලන ආකල්පයේ මිසක් ගත්ත අධ්‍යාපන සහතිකයේ නෙමෙයි.
    අනික් දේ ඔබ හොඳටම ඉගෙනගෙන කරන්න ඕනේ රැකියාවක්ම කියලා එකක් නෑ ඇත්තටම හොඳටම ඉගෙනගත්තා නම් ඔබ කරන්න ඕනේ තව කේක් යටතේ රැකියාවක් නෙවෙයි ඔබේම ව්‍යාපාරයක්....

    "උගත්කම කියන්නේ හොඳට ඉගෙනගෙන රැකියාවක් කරන එක බුද්ධිමත්කම කියන්නේ එතනින් ඉහැලට ඇවිත් ව්‍යාපාරයක් කරන එක"
    ධම්මික පෙරේරා...

    සාර්ථක වෙන්න නම් ඔබ තව තව දේවල් ඉගෙනගත යුතුයි විශේෂයෙන් මූල්‍ය දැනුම...
    ඒ වගේම සාර්ථක කෙනෙකුගේ ගුණාංග ඔබ හඳුනාගෙන ඉගෙනගෙන ඒවා වර්ධනය කරගත යුතුයි...
    ඉගෙනගන්න හොඳින් හොඳ රැකියාවක් කරන්න නමුත් අමතරව හරි ව්‍යාපාරයක් කරන්න එය ශක්තිමත්ව එය ගොඩනගන්න...
    වෙන කෙනෙක්ගේ සාර්ථකත්වය සිහින වෙනුවෙන් ඔබ පැය 8ක් 10ක් වැඩ කරනවා නම් ඔබ වෙනුවෙන් ඔබේ සිහින වෙනුවෙන් ඔබේ සාර්ථකතවය වෙනුවෙන් ඔබේ දෙයක් කරන්න දවසට පැයක් දෙකක් කැප කරන්න බැරිනම් ඔබට සාර්ථක වෙන්න නම් කවදාවත් බැරිවෙයි....

    ඉගෙනගත්තා කියලා හොඳ රැකියාවක් කරනවා කියන පමණින්ම කෙනෙක්ට සාර්ථක වෙන්න බෑ..
    Passive Income එකක් හදාගන්න වෙනවා...
    ඔබ වැඩ කලත් නැතත් මුදල් ලැබෙන වැඩපිළිවෙලක් හැකි ඉක්මනින් ගොඩනගාගන්න ඔබ දක්ශ විය යුතුය......

    From :fb
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ඕකට හේතුව අපේ උන් බැදීම් ගොඩකට බයේ ජිවත් වෙන එක, තමන්ට ඕන දේ පුලුවන් දේ තීරණය කරන්න බැරි කම.
    අරයා මෙයා මොනව කියයිද කියලා බයයි , සමාජයේ උන්ට , නෑදෑයන්ට ඕන මගුලක් හිතාගන්න කියලා තමන්ට හරි කියලා හිතෙන දේ හරි විදයට කරපන ගොඩ යනවා. ගොඩක් ඉගෙන ගත්ත උන් බැදීම් වැඩි. උඹ කියපු ඔය dgree තියන එකාට කොත්තු ගහන්න කිව්වොත් ඌ ලැජ්ජයි. හැබැයි ඌ වෙන රටකට ගිහින් ඒ දේ කරන්න එච්චර ලජ්ජා නෑ . :yes:
     

    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    ඉගෙනගත්තෙ නැති එකෙක් දෙන්නෙක් අම්මගෙ තාත්තගෙ බූදල් නැතුව ජීවිත සාර්ථක කරගෙන ඇති. බහුතරයක් ජීවිත අසාර්ථකයි
    ne eka ehema kiyanna amarui machan
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Everyone who is earning big has taught themselves well and used that in the field that they are in. It's a big lie whe people say they haven't learnt properly. It's just that no one has tested them in an exam hall.
     
    • Like
    Reactions: HSW and M a d d i e

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    තමුන් තෘප්තිමත් වෙන රස්සාවක් කරා නම් වටිනව. පස්සෙ තමා තේරෙන්නෙ, ලොකු පඩි කියල අකමැති දදේවල් කරන්න ගියාම එපා වෙන එපා විල්ල.
    අඩු පඩි උනාට තමන් ඇත්තටම ආස කරන රස්සාවක් කරන් සතුටින් ( දැකපු විදියට) සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවා.
     
    • Like
    Reactions: M a d d i e

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඕකට හේතුව අපේ උන් බැදීම් ගොඩකට බයේ ජිවත් වෙන එක, තමන්ට ඕන දේ පුලුවන් දේ තීරණය කරන්න බැරි කම.
    අරයා මෙයා මොනව කියයිද කියලා බයයි , සමාජයේ උන්ට , නෑදෑයන්ට ඕන මගුලක් හිතාගන්න කියලා තමන්ට හරි කියලා හිතෙන දේ හරි විදයට කරපන ගොඩ යනවා. ගොඩක් ඉගෙන ගත්ත උන් බැදීම් වැඩි. උඹ කියපු ඔය dgree තියන එකාට කොත්තු ගහන්න කිව්වොත් ඌ ලැජ්ජයි. හැබැයි ඌ වෙන රටකට ගිහින් ඒ දේ කරන්න එච්චර ලජ්ජා නෑ . :yes:
    අල්ලපන් දෙයියො කට මසුරන් ටිකක් දාන්න

    අවුරුදු ගාණකට කලින්
    මන් හිතන්නෙ ඉන්ටර්නෙට් එක මන් ගනන්ත් කලින්
    2009 කලින් හොඳෙ
    මන් මව්බිම පත්තරෙ පාරදිගෙ කියලා තියෙනවා අතිරේකයක් .
    ඒ අතිරෙකෙ තිබ්බා එක ආර්ටිකල් එකක්
    පොල් කඩන මිනිහෙක්ගෙ ලයිෆ් එක ගැන
    එක තැනක කිය්ලාඅ තිබ්බා ඒ මිනිහා
    "මහත්තයො මෙක මාසෙකර 50,000 ක් 75,000 ක් හොයන්න පුළුවන් රස්සාවක්. තරුණයො මෙව්වා දන්නෙ නැහැ වැඩිය. යොමු වෙනවා අඩුයි "
    අවුරුදු 10 කට කලින් ඔය තත්වෙ

    දැන් හිතා ගනින්කො

    අර හැරල්ඩ් බොල්ඩර් ගෙ වීඩියො එකක මන් දැක්කා පොල් කඩන මිනිහෙක් කියන විස්තර වලට අනුව ගහකට 150 ගාණෙ දවසට ගස් 40 ක් නගිනවාළු මිනිහා දවස් 25 ක් වැඩ කරනවා
    150*40 =6,000 ඔය දවසට ඒක වැඩි කරපන් 25 න්
    ලක්ෂ එකහමාරක් පොල් කඩන මිනිහා හොයනවා
    බයිසිකලෙකුත් තියෙනවා
    දවසට පැට අටක් වැඩ කරන්නෙත් නැහැ බොස් ලා නැහැ
    හැබයි ඉන්ෂුවරන්ස් ,ඊ පී එෆ් පෙන්ෂන් නැහැ.


    උබ කිව්වා වගෙ පොල් කඩන එක අපෙ සමාජෙ අප්සට් රැකියාවක්
    එත් ඔසි වල පැයර ඩොලර් 15 ක් දෙන පොල් කඩන පාර්ට් ටයිම් තිබ්බොත් අපෙ ඉන්න ඉංග්‍රිසි උගත් ඩිග්‍රි තියන උත්තමයො ඒ රස්සාව කරන්නෙ නැද්ද ?

    හෙතුව ලංකාවෙදි සමාජෙට බය ?
    ඒ රටවල් වල කරන්න කියන්නෙ මොනවද කවුරුත් දන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ.
    ඒක නිසා ඔනි එකකට රෙඩි .

    ඉගෙනගත්තෙ නැති එකෙක් දෙන්නෙක් අම්මගෙ තාත්තගෙ බූදල් නැතුව ජීවිත සාර්ථක කරගෙන ඇති. බහුතරයක් ජීවිත අසාර්ථකයි

    උගත් උනුත් ගෙම ගහන්නෙ පිනට හම්බවෙන බූදල් වලින් හො දැවැද්දෙන් තමා දෙයියො.
    උගත්කම ලොකෙට පෙන්න, වත්කම පිනට.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මාත් ගැම්මට කියවගෙන ආවා ගිනි ගින්දර පොස්ට් එකක් කියලා හිතාගෙන ඒත්, අන්තිමේ ඉවර වුනේ ඔන්ලයින් ඔන්ටපිනියර්සිප් එකෙන්,. :(
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගොඩක්ම පඩිය රඳා පවතින්නේ රැකියාවේ ඉල්ලුම සැපයුම මත. උගත්කමයි විෂය නිර්දේශයේ අමාරු කමයි අදාලම නැහැ. දොස්තරලා ඉංජිනේරුවෝ විද්‍යාඥයෝ බුරුතු පිටින් ඉන්නවා නං උන්ට පඩි හම්බෙන්නේ නැහැ. හැබැයි ගොවියෝ, ලැට් වලවල් කපන අය, පාර අතු ගාන කට්ටිය වැඩිය නැත්තන් උන්ට අම්බානක ගෙවන්න වෙනවා.

    උදාහරනෙකට කියුබාවේ දොස්තර කෙනෙක්ට වැඩිය taxi එලවන කෙනෙක් හම්බ කරනවා, මොකද එහෙ දොස්තරලා බුරුතු පිටින් ඉන්නවා.

    කන්තෝරුවක වැඩ කරන කෙනෙක්ට වැඩිය කොත්තු හදන කෙනෙක්, පොල් කඩන කෙනෙක් හම්බ කරනවා, ඒ රස්සාවල් අමාරු හින්ද කට්ටිය වැඩිය කරන්නේ නැති හන්ද.

    මම ලඟදි දැක්ක servant ලව හොයන ඇඩ් වගයක්. ගොඩක් තැන් වල 25000-30,000 වගේ ගෙවනවා. servant ලා විදියට යන්න කැමති කට්ටිය අඩුයි. හීන මානේ. ඉතින් මොකෙක් හරි හොයාගන්න ඕනේ එකාට ගොඩක් ගෙවන්න වෙනවා. උපාධි
    තියෙන සමහර රස්සාවලට ගෙවන්නෙත් ඊට වැඩිය චුට්ටක් වැඩියෙන් විතරයි....
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    ඉගෙනගත්තෙ නැති එකෙක් දෙන්නෙක් අම්මගෙ තාත්තගෙ බූදල් නැතුව ජීවිත සාර්ථක කරගෙන ඇති. බහුතරයක් ජීවිත අසාර්ථකයි
    ඒකට හේතුව උන්ට පුලුවන් ඉගෙනගන්න එක නෙවෙයි වෙන වෙන side වල දේවල්.. හැබැයි අම්මලාගෙ බල කිරීමට හරි වෙන හේතුවකට හරි උන් උන්ට බැරි දේට (ඒ කියන්නෙ ඉගෙනගන්න එක කරන්න යන්ව) අන්තිමට ඒක් උට තේරෙන්නෙ නැති නිසා ක්ලාස් එහෙම කට් කරන් ගිහින් පිස්සු කෙලල ඔහේ විනාස වෙනවා.. ඕකයි ලන්කාවෙ වෙන්නෙ.. a/l ලුත් shy 3 ක් අනාගත්ත්ට පස්සෙ අය උට උගෙ ටැලන්ට් පැත්තටවත් යන්න බැහැ කෙලවගෙන ඉවරයි..

    දෙමව්පියෝ උනත් ලමයින්ගේ දක්ශතා පැත්තට අවුරු 16-18 වෙද්දි හරවන්න බලන්න ඕනේ.. ඒ කියන්නේ a/l කරන වයසෙදිම.. ඒක තමා ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන වයස...
     
    Last edited:
    • Like
    Reactions: lilman

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඒකට හේතුව උන්ට පුලුවන් ඉගෙනගන්න එක නෙවෙයි වෙන දේවල්.. හැබැයි අම්මලාගෙ බල කිරීමට හරි වෙන හේතුවකට හරි උන් උන්ට බැරි දේට (ඒ කියන්නෙ ඉගෙනගන්න එක කරන්න යන්ව) අන්තිමට ඒක් උට තේරෙන්නෙ නැති නිසා ක්ලාස් එහෙම කට් කරන් ගිහින් පිස්සු කෙලල ඔහේ විනාස වෙනවා.. ඕකයි ලන්කාවෙ වෙන්නෙ.. a/l ලුත් shy 3 ක් අනාගත්ත්ට පස්සෙ අය උට උගෙ ටැලන්ට් පැත්තටවත් යන්න බැහැ කෙලවගෙන ඉවරයි..

    දෙමව්පියෝ උනත් ලමයින්ගේ දක්ශතා පැත්තට අවුරු 16-18 වෙද්දි හරවන්න බලන්න ඕනේ.. ඒ කියන්නේ a/l කරන වයසෙදිම.. ඒක තමා ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන වයස...


    මා දන්නා රියල් වර්ල්ඩ් අත්දැකීම්
    අපෙ අවුරුද්දෙ ඉස්කොලෙටම මැත්ස් කලෙ 20 යි බයො 15 යි
    බයො සෙරම ෆෙල් මැත්ස් 20 න් එකොම එකෙක් දැම්මා කැම්පස් එත් ෆිසිකල්
    ඌත් කලා ජොබක් පඩිය 50 යි තනියම නොව පන්දමෙන් ඩිග්‍රි තිබිලත්. අයින් උනා අවුරුදු දෙකකින් කරයි බිස්නස් වාහන.
    ඕ ලෙවල් ෆෙල් උනු අපෙ එකෙක් කලා උගෙ පවුලෙ කඩෙ වැඩ ෆ්ලොරා ඩිසයින්
    ගියා රට වසර දෙකක් ෆ්ලොරා ඩිසයින්
    දාගත්තා උගෙම කඩයක් ෆ්ලොරා ඩිසයයින් දැන් බැඳලා ළමයෙක්
    සහ ඇත වාහන දෙකක් ගත්තෙ උගෙම මුදලින්
    එකක් මරුටි අනික විට්ස්.
    ඩිග්‍රි තියෙන මන් දන්න ගොඩක් උන් බිස්නස් සීන් එකෙ අපෙ ඉස්කොලෙ
    එකෙක් ඉන්නවා ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් විදුලිබල මණ්ඩලෙ ඌ තොරන් බිස්නස් එකක් කරනවා (ඔය බුදුරැස් මාලා අනං මනං )
    ජපුර කැම්පස් එකෙ මැනෙජ්මට් ගිය එකෙක් අවුරුදු ගාණක් තුට්ටුවට වැඩ කරලා ගැනිගෙ දැවැද්දෙන් හම්බ උන සල්ලි වලින් උගෙම ඔන්ලයින් ශොපින් බිස්නස් එක්ක කරනවා
    සමහරක් උන්ගෙ මිනිහා ජොබ කරනවා ගැනි කේක් බිස්නස්.

    ඉතිං පේනවා නෙ උගත් උන්ටත් බිස්නස් නොකර ගොඩ යාමක් නැහැ අද කාලෙ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me rate goda yanna onima minihek ta puluwan uwamanawa tiyenawa nam. .. Tabuttegama dorak nathi gedarakin apu minihek innawa jiwitha kalema kisi wadak nokara , hilux double cab aran ,lamai pvt uni yawala ,iphone 11 eka 280000 kata aran lamaiwa marry karawala honeymonn ireland yawala, danawadi nayakayekta kade gihin e lamayata Mihin air ekata deshapalana pathweemak uth arn deela lamayage jiwitheth goda dapu... :D :yes: ;) :yes:

    e asse tawa minissu kotasak innawa jiwitha kalema wada kanarawa, job karala , dawasa gane kochchiye thada wela wadata yana. gihin desha palakayounta vote karanawa punchi car wala tax adu kara ganna... me lanakawe withrai jeewitha kalema wadak nokarapu pinata kana un Hilux cab wala yaddi wada karana minissu train eke hira wela yanne.:D:yes:;):D
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මා දන්නා රියල් වර්ල්ඩ් අත්දැකීම්
    අපෙ අවුරුද්දෙ ඉස්කොලෙටම මැත්ස් කලෙ 20 යි බයො 15 යි
    බයො සෙරම ෆෙල් මැත්ස් 20 න් එකොම එකෙක් දැම්මා කැම්පස් එත් ෆිසිකල්
    ඌත් කලා ජොබක් පඩිය 50 යි තනියම නොව පන්දමෙන් ඩිග්‍රි තිබිලත්. අයින් උනා අවුරුදු දෙකකින් කරයි බිස්නස් වාහන.
    ඕ ලෙවල් ෆෙල් උනු අපෙ එකෙක් කලා උගෙ පවුලෙ කඩෙ වැඩ ෆ්ලොරා ඩිසයින්
    ගියා රට වසර දෙකක් ෆ්ලොරා ඩිසයින්
    දාගත්තා උගෙම කඩයක් ෆ්ලොරා ඩිසයයින් දැන් බැඳලා ළමයෙක්
    සහ ඇත වාහන දෙකක් ගත්තෙ උගෙම මුදලින්
    එකක් මරුටි අනික විට්ස්.
    ඩිග්‍රි තියෙන මන් දන්න ගොඩක් උන් බිස්නස් සීන් එකෙ අපෙ ඉස්කොලෙ
    එකෙක් ඉන්නවා ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් විදුලිබල මණ්ඩලෙ ඌ තොරන් බිස්නස් එකක් කරනවා (ඔය බුදුරැස් මාලා අනං මනං )
    ජපුර කැම්පස් එකෙ මැනෙජ්මට් ගිය එකෙක් අවුරුදු ගාණක් තුට්ටුවට වැඩ කරලා ගැනිගෙ දැවැද්දෙන් හම්බ උන සල්ලි වලින් උගෙම ඔන්ලයින් ශොපින් බිස්නස් එක්ක කරනවා
    සමහරක් උන්ගෙ මිනිහා ජොබ කරනවා ගැනි කේක් බිස්නස්.

    ඉතිං පේනවා නෙ උගත් උන්ටත් බිස්නස් නොකර ගොඩ යාමක් නැහැ අද කාලෙ

    Rassa karala anunta kamburanawata wadiya thamange business ekak dagena salli hoyala, anuntath rassa deela, economy ekata sup ekak dena eka kohomath hondai.



    me rate goda yanna onima minihek ta puluwan uwamanawa tiyenawa nam. .. Tabuttegama dorak nathi gedarakin apu minihek innawa jiwitha kalema kisi wadak nokara , hilux double cab aran ,lamai pvt uni yawala ,iphone 11 eka 280000 kata aran lamaiwa marry karawala honeymonn ireland yawala, danawadi nayakayekta kade gihin e lamayata Mihin air ekata deshapalana pathweemak uth arn deela lamayage jiwitheth goda dapu... :D :yes: ;) :yes:

    e asse tawa minissu kotasak innawa jiwitha kalema wada kanarawa, job karala , dawasa gane kochchiye thada wela wadata yana. gihin desha palakayounta vote karanawa punchi car wala tax adu kara ganna... me lanakawe withrai jeewitha kalema wadak nokarapu pinata kana un Hilux cab wala yaddi wada karana minissu train eke hira wela yanne.:D:yes:;):D



    meka nan umba ratawal gana danne nathi hinda wenna athi. ekko danne diyunu ratawal gana witharai. Umba hithanne sudane, venezuelawe, zimbabwe , nepale, laos, india, bangladesh, philipine wala oita wadiya sapai kiyalada ban?? thawa ratawal set ekak kiyanna puluwan.... lankawe charter thamai, innakota meeta wadiya karumayak naha kiyala hithenawath thamai, habai apita wadiya amba charter ratawal set ekakuth thiyenawa.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Api hithanna ona winadiyata laksha ganan hambakarana igenagaththa nathi minissu api ganata igenagaththanam kohoma hambakaraida kiyala...