එක තමයි uncle ඔයාගේ දැනුම සහ මගේ දැක්මේ වෙනස ..පුද්ගලික සේවාවන් තියෙන්නේ නැති බැරි අයට නෙවෙයි .එයාලට තියෙනවා නොමිලේ රජයේ සේවාවන්..එතකොට පුද්ගලික සේවාවන් වලට යන්නේ පහසුව , කාලය ඉතුරු කරගන්න ඕනි නිසයි...ඒවා නොමිලේ ලබා ගන්න බෑ ..එක නිසයි පොඩ්ඩක් හරි සල්ලි තිබුන ගමන් ඒවාට යන්නේ.එත් එහෙම යනවා නම් ඒවා එක්ක බැදිලා තියෙන අනිත් දේවල් වලටත් යන්න ඕනි ..පුද්ගලික රෝහල් වලට යනවා නම් ජිවිත රක්ෂණ ක්‍රමයක් ගන්න ඕනි ..එතකොටයි එකේ වාසියත් අපිට ලැබෙන්නේ.සමහර රටවල රක්ෂණය නැත්තන් බෙහෙත් නොකරන්නේත් ඒ නිසා.
රස්සාවෙන් ඉහලට යන්න ආණ්ඩුවෙන් උගන්වන්න ඕනි නෑ .ආණ්ඩුවෙන් විශ්ව විද්‍යාල වෙනකන් උගන්වනවා...එතනින එහාට ඉගෙන ගන්න ආණ්ඩුවේ සල්ලි ඕනි නෑ ..තනියෙන් ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕනි...රටේ දියුණුව ගැන , අනාගතය ගැන කියන්න ඉන්ටෙර්නෙට් ඕනි නෑ මාමේ ..මම ඉගෙන ගත්ත දැනුමත් , අත්දැකීමත් එක්ක පුළුවන් ...
තාම තෙරෙන්නේ නැති එක ගැන දුකයි. කියනකොට හරිම ලේසි අඩුවට ඕනි නම් අපි නිකන් දෙනව පෝලිමේ ඉඳල ගනින්, ඉගෙන ගන්න ඕනි නම් අපි නිකන් දෙනවා රටෙන් තේරිලා කැම්පස් පලයන් කියලා. මිනිහෙක් සල්ලි හොයාගෙන ජීවිතෙ යම් තත්වෙකට එනකොට ආණ්ඩුවෙන් බදු ගහල ඒ මිනිහව අයෙත් වලට දාන එක හොඳයි කියලද කියන්නේ. එහෙම බදු ගහල රටවල් දියුණු කරන්න පුලුවන් නම් ලෝකෙ හැමෝම ඕක කරයි.
නිකන් හිතන්න රට බදු සල්ලි වලින් ඔක්කොම දියුණු කරල ලස්සනට හදල තියෙනවා. මිනිස්සු බෙහෙත් ගන්න පොලිමේ, ඉගෙන ගන්න සල්ලි ණෑ, වාහනයක් ගන්න සල්ලි සෙට් වෙනකොටම අයෙත් ගනන් යනවා. මාර දියුනුව. රටේ මිනිස්සුන්න්ට තමන් හම්බ කරන සල්ලි වලින් පහසුවෙන් ජීවත් වෙන්න තියෙන්න ඕනි. එහෙම ඉන්න පුලුවන් ප්‍රමාණය අඩු කරන එක දියුණුවක් නෙමේ බබෝ.

.