විනිවිද පෙනෙන පරිගණක එයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විනිවිද පෙනෙන පරිගණක එයි

    spacetop-computer.png

    ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු TED විද්‍යා හා තාක්ෂණ සම්මේලනයේ දී විනිවිද පෙනෙන තිරයක් ඇති ත‍්‍රිමාණ පරිගණයක් හඳුන්වා දී තිබේ.

    පරිගණකය භාවිතා කරන්නාට එහි තිරය අතුළට අත පෙවීමට හැකි බව පෙනෙන, එහි ඇති ඩිජිටල් අන්තර්ගතයන් සහ ත‍්‍රිමාණ ආකෘති ස්පර්ශ කිරීමට හැකි බව පෙනෙන ලෙස මෙම පරිගණකය නිර්මාණය කර තිබේ.

    ‘ස්පේස්ටොප්’ පරිගණක නිර්මාණ සමාගම සහ මයික්‍රොසොෆ්ට් සමාගම මෙම නිෂ්පාදනය සඳහා දායක වන අතර තව අවුරුදු 10කින් පමණ මෙම ත‍්‍රිමාණ පරිගණකය වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත ය.

    මෙම පරිගණකය ඇතුළත ඇති යම් ලිපි ගොනුවක් ඇත්නම් ‘තිරය ඇතුළට අත පොවා’ එය ස්පර්ශ කොට එය පොතක් මෙන් පෙරළා බැලීමට හැක බව පෙනෙන ආකාරයට මෙම විනිවිද පෙනෙන පරිගණකය නිර්මාණය කෙරෙනු ඇකි බව සඳහන් ය.

    උපුටා ගැනීමකි lanka C news
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    තව අවුරුදු 10k hitapiyaw
    මචන් අලුත් දෙයක් හොයාගත්තම ඒක ලෝකයාට පරිහරනය කරන්න දෙන්න ආසාව තියෙන්නේ හොයාගත්ත පුද්ගලයටයි එහෙම එකක් තියනවා කියල දකින අපිටයි විතරයි. බිස්නස් කරන අයට ඕනේ දැනට මිනිස්සුන්ට තියන කුණුගොඩවල් ටික විකුණලා පුලුවන් තරම් හොයන්න. ඊට පස්සේ තමයි ඊළග එක දෙන්නේ... තියන කුණු ගොඩ විකුනගන්න බැරි වෙනකොට. නොකියා සමාගමත් අතිපිහිතව ඔය වැඩේම කරන්න ගිහින් තමයි ඇනගත්තේ. නැත්නම් පෝන් ඉන්ඩස්ට්‍රි එකේ එකට හිටපු අය දැන් තුනට වැටිලා.:P
    නයික්‍රොසොෆ්ට්ලටත් වෙන්නේ ඔය ටික තමයි. උන්ට ඕක හෙට උනත් දෙන්න පුලුවන්. නමුත් දෙන්නේ නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් අලුත් දෙයක් හොයාගත්තම ඒක ලෝකයාට පරිහරනය කරන්න දෙන්න ආසාව තියෙන්නේ හොයාගත්ත පුද්ගලයටයි එහෙම එකක් තියනවා කියල දකින අපිටයි විතරයි. බිස්නස් කරන අයට ඕනේ දැනට මිනිස්සුන්ට තියන කුණුගොඩවල් ටික විකුණලා පුලුවන් තරම් හොයන්න. ඊට පස්සේ තමයි ඊළග එක දෙන්නේ... තියන කුණු ගොඩ විකුනගන්න බැරි වෙනකොට. නොකියා සමාගමත් අතිපිහිතව ඔය වැඩේම කරන්න ගිහින් තමයි ඇනගත්තේ. නැත්නම් පෝන් ඉන්ඩස්ට්‍රි එකේ එකට හිටපු අය දැන් තුනට වැටිලා.:P
    නයික්‍රොසොෆ්ට්ලටත් වෙන්නේ ඔය ටික තමයි. උන්ට ඕක හෙට උනත් දෙන්න පුලුවන්. නමුත් දෙන්නේ නෑ

    ඒක ඇත්ත මචං දැන් සොයා ගැනීම් කරන්නේ, ඉස්සර වගේ ලෝකෙට අලුත් දෙයක් දෙන්න තියෙන ආසාවට නෙවෙයි. මුදල් ගරා ගැනීමේ පරමාර්තයෙන් විතරයි.