විඳින මෙ සැප පින් ඇති තෙක්‌ වේදා!

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
විඳින මෙ සැප පින් ඇති තෙක්‌ වේදා!

විඳින මෙ සැප පින් ඇති තෙක්‌ වේදා!



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාවෙන් හෙවත් කෝප් වාර්තාවෙන් රාජ්‍ය ආයතන රැසකටම චෝදනා එල්ලවූ බව සඳහන් පුවතක්‌ දින කීපයකට පෙර අපගේ දිනපතා "දිවයින" පත්‍රයෙහි පළ විය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේත් එම කමිටුවේ සභාපතිවරයකු මෙන්ම රජයේ ප්‍රබල ඇමැතිවරයකු ද වන ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා විසිනි. එසේම විවිධ රාජ්‍ය ආයතනවල කටයුතු විමර්ශනයට ලක්‌කිරීමෙන් අනතුරුව එම වාර්තාව ඉදිරිපත් කළ බවද සඳහන් විය.



මෙකී ආයතන රැසක්‌ම ඒවායේ මූලික අරමුණු හා අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට අසමත් වූවා පමණක්‌ නොව විවිධ අක්‍රමිකතා, දූෂණ, මූල්‍ය කළමනාකරණ දුබලතා වැනි බරපතල චෝදනා වලටද ලක්‌වී තිබේ. මෙය කිසිසේත් යහපත් ප්‍රවණතාවක්‌ නොවන බව අමුතුවෙන් නොකිව මනාය.



රාජ්‍ය ආයතන යනු රජයේ පාලනයට නතු රජය විසින් පත් කරනු ලබන ඇමැතිවරුන්ගේ අධීක්‌ෂණයට යටත් ආයතන පද්ධතියකි. එසේම ඒවා ජාතිය සතු සම්පත් ද වේ. ජනතාවගේ දේපළ භාරකාරත්වය ජනතා නියෝජිතයන්ට හිමිවීමේ වරදක්‌ නැත. එහෙත් වරද වන්නේ ඒ හිමිකම් අනිසි ලෙස හා අක්‍රමවත් ලෙස භාවිතයත් පරිහරණයත්ය.



කලින් කලට පත්වන ආණ්‌ඩුවල ඇමැතිවරුන් විසින් මේ රටේ රාජ්‍ය ආයතනවලට කරන ලද විනාශය බරපතලය. ඒවා නිවැරැදි කිරීම වෙනුවට වැරදි බහුල වීම අද එහි උපරිමයට ගොස්‌ තිබේ. කොටින්ම රාජ්‍ය ආයතන යනු දේශපාලනඥයන්ගේ නින්දගම්ය. එහි සියලු චංචල හා නිශ්චල දේපළ ඇමැතිවරුන්ගේ අභිමතය බවට පත්ව තිබේ.



රාජ්‍ය ආයතන වැනසූ දේශපාලන නාස්‌තිකාරයෝ අපට සුලබව වූහ. මැති ඇමැතිවරු ඒවා සිය දේශපාලන හිතවතුන්ට වරදාන ලෙසම ලබා දෙති. ඒවායේ නිලබල උසුලන්නෝ දේශපාලන බලය හිමි පක්‌ෂවල හිතවත්හුය. ඒ බොහෝ දෙනකුට දේශපාලන ගැති භාවයත් නම්‍යශීලී කොඳු නාරටියත් හැර වෙනත් කිසිම සුදුසුකමක්‌ද නැත. ඇතැම් ආයතන පාලනය කරනු ලබන්නේ ඇතැම් අමැතිවරුන්ගේ බිරියන් විසින් බවද කියනු ලැබේ.



මේ වර්ගයේ ඇමැති බිරින්දලා විසින් රටේ ජාතික ධනය කාබාසිනියා කර දමනු ලබන්නේ වාර්තා පිහිටුවමිනි. එක්‌තරා ඇමැති බිරියක්‌ එක්‌ රාජ්‍ය ආයතනයකට අයත් වාහන විසිපහකට අධික සංඛ්‍යාවක්‌ සිය පරිහරණය සඳහා වෙන් කරගෙන ඇති බවද කියති. එහෙත් සිය බිරියන්a පාලනය කිරීමට තරම් ශක්‌තිමත් කශේරුකාවක්‌ නොමැති ඇමැතිවරු පක්‌ෂය පමණක්‌ නොව රටද ප්‍රපාතයට ඇද දමන්නෝ බව ඉතිහාසය වරින් වර තහවුරු කර තිබේ. එහෙත් අභාග්‍යයක මහතෘ එයම සිදු වේ.



තමාගේ වගකීම පමණක්‌ නොව රටේ හා ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගත් ඇමැතිවරු මේ රජයේද සිටිති. ඔවුහු අවංකවම රටටත් ජනතාවටත් ආදරය කරති. මේ රට ගිලී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා කැපවී සිටිති. ඒ අතරම තමාත් තම පවුලත් ජනතා මුදලින්ම නඩත්තු කරන නාස්‌තිකාර ඇමැත්තෝ ද වෙති. ඔවුහු රුපියල ඕනෑ තැනට ලක්‌ෂය වැය කරති. එහෙත් ඒ ජනතාවගේ මුදල් බව අමතක කරති.



මේ වර්ගයේa ඇමැතිවරුන් එලවා දැමීමට ජනාධිපතිවරයාට නොහැකිදැයි අපි නොඅසමු. මක්‌ නිසාද යත් මේ තිබෙන විෂම දේශපාලන සන්දර්භය තුළ ඇමැතිවරුන් පිනවීම හැර රටට වැඩ කිරීම දුෂ්කර බව අපි ප්‍රත්‍යක්‍ෂව දනිමු. ඇමැතිවරුන් මට්‌ටු කිරීම ජනාධිපතිකම වුවද ඔට්‌ටුවට තබා කරන සූදුවක්‌ වැන්න.



නොබෝ දිනකට පෙර පාර්ලිමේන්තුවේදී තවත් අපූරු පුවතක්‌ හෙළි විය. ඒ නොබෝදා පත්වූ කැබිනට්‌ නොවන සංස්‌කෘතික කටයුතු ගරු ඇමැතිතුමාගේ වාහන හා ඉන්ධන පිරිවැය ලක්‌ෂ තුන ඉක්‌මවා ඇති බවය. විඳින මෙසැප පින් ඇතිතෙක්‌ වේදා යනුවෙන් ලෝවැඩ සඟරාවේ සඳහන් වෙයි. කාගේ වුවද ලැබීමට අපි ඊර්ෂ්‍යා නොකරමු. එහෙත් මේ සැප විඳින්නේ එතුමන්ලා පක්‌ෂයෙන් හෝ ගෙවල්වලින් හෝ ගෙනත් නොවන බව නිසා අපට ඇතිවන්නේ පිළිකුල මුසු කෝපයකි.



මේ වර්ගයේ ඇමැතිවරුන් සිටින ඕනෑම රජයක ඕනෑම ආයතනයක්‌ ගරා වැටීම පිළිබඳ පුදුම විය යුතු නැත. බලය හා නිලය බොහෝ විට මොළය අක්‍රීය කරන බව අපටද පිළිගැනීමට සිදු වන්නේ මෙබඳු දේවල් ඇසෙද්දීය.



ජනාධිපතිවරයා තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදී අනතුරක්‌ මුලිනුපුටා දැමීමට සමත් විය. එමගින් රට නව දිසාවකට යොමු කිරීම ජනාධිපතිවරයාගේ පරම අභිලාෂය බවද පෙනේ. එහෙත් ඒ සඳහා ඔහුට ලැබෙන අනුබලය අනුග්‍රහය හා ශක්‌තිය කෙතරම් අඩුද?



රටක්‌ හැදීම හා ජාතියක්‌ ගොඩනැඟීම යනු එක්‌ රැයකින් කළ හැකි දෙයක්‌ද නොවේ. එහෙත් මේ වර්ගයේ පරාභවයට රටම දක්‌කාගෙන යන ඇමැතිවරුන්ගෙන් හා ඔවුන් විසින් පාලනය කරනු ලබන ආයතන පද්ධතියකින් එබඳු උතුම් අරමුණු ක්‌ෂාත් ක්‌ෂාත් කර ගත නොහැකි බව නම් ඉරහඳ සේ පැහැදිලිය.



මැති ඇමැතිවරුන්ගේත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේත් වත්කම් හෙළිදරව් කිරීමට බල කෙරෙන නීති පැනවිය යුතුය යන හඬක්‌ දැන් කලෙක සිට ඇසෙයි. මෙතෙක්‌ බලයට පැමිණි හැම ආණ්‌ඩුවක්‌ම ඒ පිළිබඳ රටට දුන් ප්‍රතිඥ බොහෝය. එහෙත් බලයට පත්වූ පසු ඒ සියල්ල අමතකය. තමන්ගේ නමින් තිබෙන ගිණුම්වලට මිලියන ගණනින් මුදල් වැටෙන හැටි නොදන්නා ඇමැතිවරු අදත් සිටිති. එහෙව් රටක රාජ්‍ය ආයතන පිළිබඳ කවර කතාද? ඒවා නීතියට රෙගුලාසියට වැඩ කළ යුතු යෑයි කීම මොන විකාර කතාද? කෝප් වාර්තා එකක්‌ නොව දාහක්‌ ආවත් ඒවා ගණන් ගත යුතු දේවල් ද නොවේ.



"අපි කමු, බොමු, ප්‍රීති වෙමු, ඔබලා ඒ දෙස බලා සිටින්න. වෙන කළ යුතු කිසිම දෙයක්‌ නැත."



දැන් දේශපාලනය රටටම කියන්නේ එබඳු දෙයක්‌ විය නොහැකිද?


http://www.divaina.com/2009/08/23/editorial.html
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    "අපි කමු, බොමු, ප්‍රීති වෙමු, ඔබලා ඒ දෙස බලා සිටින්න. වෙන කළ යුතු කිසිම දෙයක්‌ නැත."
    මන්ද ඔබගේ ඡන්දයෙන් ඔවුන් රජ වී ඇත. ඔබට උරැම බලා සිටිම පමණි...
    මෙවැනි දේශපාලුවන්ට කතිරය ගැසිය යුතුද? අපිම මේ වරද කරනවා නේද?

    මචන් මේක දැම්මට ස්තුතියි..

     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ma kathawa ithana hondai
    Habai oya thawa paksayaka namainam witharai

    mokada mata mathakai wimal weerawansage paksa ayath danawadee paribojanayata nokiyapu dayak na aurudu 8kata 10kata kalin
    dan eawaga salunuwath pannathi tharamata miniha danawadi
    ITHIN MAGE ADAHASA MAKAI
    hama minihakma sapa widinna kamathii
    wenasa thiyanna ea sapa widinna eya thoraganna kramaya mokadda kiyana eka.