විපක්ෂනායකවරයා ජනාධිපතිවරයා හමු වී....
විපක්ෂනායකවරයා ජනාධිපතිවරයා හමු වී සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන්නැයි ඉල්ලයි
අද (12) පෙරවරුවේ විපක්ෂනායක රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන මෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට ෆොන්සේකා මහතා පිළිබඳ මූලික පරීක්ෂණය යුධ හමුදාව විසින් පවත්වමින් සිටින බවත්, ඒ පරීක්ෂණය නිම වූ විගස හමුදාපතිවරයා විසින් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පිළිබඳව තීරණය ගනු ඇති බවත් ජනාධිපතිවරයා දන්වා සිටියේය
මේ පිළිබඳව මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින්, ඒ පිළිබඳ ලැබෙන තීන්දුවට අනුව කටයුතු කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ෆොන්සේකා මහතා හමුවී සාකච්ඡා කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන ලෙසද වික්රමසිංහ මහතා ඉල්ලා සිටියේය.
මෙම සාකච්ඡාව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

,,