පුලුවන් කුකුලෙක් අර ඉස්සර සින්හල පොතෙ තිබුනු දුම්මල ගලට ගිය අම්මා කියන කවි පන්තියත් දාපල්ලකො. එකලේ එක කියවද්දි ඇඩෙනව. අම්මා අන්තිමට දුම්මල ගලින් ලිස්සලා මැරෙනවනේ.![]()
දුම්මල ගල ඉමේ මහ මූකලානේ්
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ්
කන්දේ් පරවේණී උළලේ්නියන්නේ්
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ්
අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා
වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
අම්මා එදත් ඒ ගල මුදුනටම උනා
රූටා ගිහිං පාවුළ ගලටත් රිදුනා
අම්මා තිව් විලාපය තවමත් ඇසෙනා
ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ්
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ්
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ්
අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනේ්






