විමල්ගේ උපන් දිනේ අද
වසර පහක් තුළ දෙවරක් උපත ලද ලොව එකම කැබිනට් අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතාගේ උපන් දින දෙකටම අපි සුබ පතන්නෙමු !
ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපන් දිනය අදට (07) යෙදී තිබේ.
කෙසේවෙතත් අවිධිමත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව සිදුකළ විමර්ශනයේදී හෙළිදරව් වී තිබුණේ ඒ මහතා සිය දරුවන්ගේ උප්පැන්න සහතික සකස් කිරීමේදී පියා වශයෙන් තමන්ගේ උපන් දිනය ලෙස 1965 මාර්තු 07 සහ 1970 මාර්තු 07 යන දින දෙකම භාවිතා කර ඇති බවකි. ඔවුන් ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු දක්වා තිබිණි.
ඒ අනුව ඒ මහතා අද දිනයේදී සිය 50 වැනි සහ 55 වැනි උපන් දින දෙකම එකවැර සමරනු ඇති.
(lankanewsweb.net)