//අලුත්ම ට්‍රෙන්ඩ් එක.. ජනේලෙන් ජාතිය ඇමතීම.....// මං මේක ශෙයා කරන්නේ පැරදුනු කෙනාව චොර කරල කෙළ ගැසීමේ චේතනාවෙන් නොවේ.. මට මේක ටෝක දැකපු ගමන් පට්ට හිනාවක් ගියා.. මේක ඇතුලෙ තියෙන දෙශපාලන හාස්‍යය අපි කතා කළ යුතුමයි ..!!
ජනේලෙනුත් මහින්ද කිව්වේ
මොකක්ද ?? ජනමතය එකහිතින් පිළිගන්න තැතක එයා හිටියද ?? කොහොමවත් නෑ.. එයා ඡන්ද වැටිච්ච දිස්ත්‍රික්ක ගැන මිනිස්සුන්ට මතක් කරනවා.. උතුරු නැගෙනහිර ඡන්ද වලින් තමයි මෛත්‍රී ආවෙ කියන එක එයා මතක් කරනවා.. ඉතිං අර අඬ අඬා ඉන්න වහල්ලු සෙට් එක තවත් හයියෙන් අඬනවා..
අපේ ගෙවල් ළන්නග මාමා කෙනෙකුත් ඇඬුව.. සිරාවටම..!! එයා කියනවා "දැන් පුතේ ආයෙත් යුද්දෙ නේද.., දැන් ඉතිං අපි ඇමරිකාවට ඕනෙ විදියටනේ ජීවත් වෙන්න ඕනෙ.." කියල .. ඒ මාමා මහින්ද මහත්තය අරලිය ගහ මන්දිරයෙන් යන වීඩියෝව මතක් කර කර අඬනවා..
මේකෙන් අපිට ගන්න තියෙන දේ මොකක්ද ?? මහින්ද මේ මිනිස්සුන්ව අතරමං කරල තියෙන්නේ කොහෙද ?? විශේෂයෙන්ම විකල්ප් මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන්න බැරි ජනතාව ශතවර්ෂ ගණනාවක් ආපස්සට ඇදගෙන ගිහිං අතරමං කරලා .. වහල්ලු කරලා.. සත්‍යය දැක ගන්න බැරි වෙන තැනට, ඇනලයිස් කරල හිතන්න බැරි තැනට පත් කරල.. මාර දුකක් මට නම් ඇතිවෙන්නේ ඒ ගැන.. ඉතිං කොහොමද මහින්ද ගැන දුකක් ඇති වෙන්නේ .. අනේ නෑ.. කොහොමවත් නෑ..
මහින්ද ජනේලෙන් ජනතාව ඇමතීමේ ඇතුලෙ තියෙන්නේ රදළ හාමුට ආදරය කරන වහල්ලු සෙට් එක ඉස්සරහ රදළ හාමු ගැලරි ආතල් දීම නෙමේද ?? ඇයි මහින්දට "මං පරාදයි.. මාව අතිමහත් ලාංකීය ජනතාව ප්‍රතික්ෂේප කරල " කියල නිහතමානීව කියන්න බැරි (ප්‍රජාතන්ත්‍රවාදය අල්ප මාත්‍රයක් හරි තිබ්බනම් මෛත්‍රී 60% පන්නල ගහනව..).. අවංක රඟපෑමක් ..?? බෑ.. මහින්දට තියෙන්නේ තමන් විසින් තමන්වම රවටාගැනීමේ රෝගය
අපේ මිනිස්සුන්ට(මහින්ද විසින් වහල් මානසිකත්වයක් ලබා දුන් අයට ) ඕනෙ රජෙක් ..!! ජනේලෙන් හරි ජාතිය අමතන රජෙක් ..!!!
අපි කොහෙද ඉන්නෙ ?? රටේ දිශාව තීරණය කළ යුත්තේ ජනතාවයි ..!! කොඳු කඩාගත් නොව, පලකයින්ට අභියෝග කළ හැකි ජනතාවයි ..!!
"අනේ මේ.., නිකන් බයිල ගහන්නෙ නැතිව ජනේලෙන් ඇතුලට ගිහිං හොරකම් කරපු සල්ලි එළියට දාන්න මෙයා .." කියල කියන්න පුළුවන් ජනතාවයි ..!!
gaththe fb eken,
ඇත්ත කතව මට කියන්න තෙයෙන්නෙත් ඔයටිකමතමයි