විමල්_කඩේ_යන්න_ගිහින්_අම්මවත්_මරාගත්_හැටි
මක්සිම් ගොර්කිගේ 'අම්මා'
සැලිනෝනා වීරවංශ මැණියෙනි,
ඇකයෙහි හොවා පුතකුට කිරි දීමෙන් මවක ලබන අපරිමේය සතුට දෙවැනි වන්නේ නම් ඒ එම පුතණුවන්ගේ නැණ ගුණ වියතුන්ගෙන් ඇසීමෙන් පමණකැයි තිරුක්කුරල් නම් පුරාණ සාහිත්‍ය ග්‍රන්ථය කළැයි කියන තිරුවාලූර් නම් දෙමළ පඬිවරයාගේ අදහසය. ඔබ එබඳු භාග්‍යවන්ත මාතාවක නොවීම ගැන අපි උදක් කණගාටු වෙමු. ඔබේ ප්‍රකට පුත්‍රයා ගැන ඔබට එතෙක් මෙතෙක් අවසන් හුස්ම හෙළන තුරුම ඇසෙන්නට ඇත්තේ ඔහුගේ නැණ මඬල පෙළහර හා යහගුණ වෙනුවට “ඕකා මළා නං හොඳයි” වැනි කර්ණ කඨෝර වූ, අවමන් සහගත කියමන් වීම මොන තරම් අවාසනාවක්ද? අනේ,මගෙ පුතා ඇමතිකෙනකු වුනා නේද කියා සතුටක් ලැබීමටවත් ඔබ අවස්ථාවක් නොලැබුවා නේද?
ඔබේ පුතණ්ඩියා ගැන අද කෙනකු සඳහන් කළේ “කඩේ යන්න ගිහින් අම්මවත් මරාගත්තු එකා” යනුවෙනි. මෙහි සත්‍යයක් ඇතිය අපි නොසිතමු. එහෙත් එය ඔබේ පුත්‍රයා ගැන දෙනු ලැබූ අපූර්ව චරිත සහතිකයකි. ඔබගේ මරණය හා ඔහුගේ උපවාසය අතර සම්බන්ධයක් ඇතා හෝ නැතුවා, ඔබ ගිලන්ව ඔත්පොළව ඉන්නා බව දැනදැනම ඒ තඹ සතයකට මායිම් නොකොට තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීමට ඔහු උත්සුක වූ බවද. අවසාන දින තුන තුළ මොහොතකට හෝ ඔහු ඔබ දකින්නට නොපැමිණි බවද දැන් රටම දන්නා සත්‍යයකි.
මෑණියෙනි, පුතකුගේ වනචර ක්‍රියා කලාපය පිළිබඳව වැදූ මවුන්ට දොස් පැවරිය යුතු නැතැයි අප සමාජයේ කොටසකගේ කියැවීමය. හැදුණු දෙමාපියන්ට දාව අපමණ නොහැදුණු දූ පුතුන් බිහිව ඇති බැව් උහු කියති. එහෙත් ඔව්හුම අනෙක් අතට දරුවකු වැදීම පමණක් නොව ඒ දරුවා උස් මහත් කොට හොඳ අධ්‍යාපනයක් ලබා දී හොඳ නරක කියා දී සමාජයේ වැදගත් පුරවැසියකු කිරීමද දෙමාපියන්ගේ යුතුකමකැයි කල්පනා කරති. ගෞතමයන්ද එය පරාභව සුත්‍රයෙහි දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු පස් වැදෑරුම් යුතුකම් අතර අවධාරණයෙන් සඳහන් කර ඇති බැව් තවමත් ඉරුදින දහම් පාසල් වල ඉගැන්වෙන්නේය. එනයින් කිසිදිනෙක දහම් පාසලෙක පස් පාගා නැති සේ හැසිරෙන හැකි ඔබේ පුත්‍රයාගේ අමන, අසෝබන, ජඩ ක්‍රියා කලාපය ගැන සමාජය ඔබට දොස් පැවරීමේ වරදක් වෙතැයි ගිණිය නොහැකිය.
Original post:http://taboosubjects.wordpress.com/2010/07/13/165-2/