විමල්_කුමාර ද කොස්තා දිවි රඟ මඩලින් බැසයයš

signshop

Well-known member
  • May 30, 2011
    12,282
    9,147
    113
    Dubai
    විමල්_කුමාර ද කොස්තා දිවි රඟ මඩලින් බැසයය&#353

    විමල් කුමාර ද කොස්තා දිවි රඟ මඩලින් බැසයයි

    KOSTHA-01-20130102.jpg


    ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අද(20) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 1948 දී කැලණියේ උපන් ඔහු මිය යන විට ඔහු 68 වැනි වියේ පසුවිය.
    විවිධ අසනීප හේතුවෙන් ඔහු කලක් පීඩා වින්දේය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි ඔහු අද (20) දහවල් මිය ගිය බව පවුලේ ඥාතීහු කියති.
    බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලේ, එක්ටැම් ගේ, අහස් ගව්ව, සාගරිකා, මරුවා සමග වාසේ, ජීවිතයෙන් ජීවිතයක්, සතර දිගන්තය, උමයංගනා වැනි සිනමාපට ගණනාවක ඔහු විශිෂ්ට රංගනයක් දැක්වීය. කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වන කොස්තා හංස දඩයම, ගිගිරි වළලු, විසුල අහස යට, ආටක නාටක වැනි ටෙලි නාට්‍ය රැසකට ද සිය රංගන දායකත්වය ලබාදී ඇත.
    ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ කෙටි චිත්‍රපටය ඔහුගේ පළමු සිනමා රංගනය විය. ඔහු අභිරූපණ රංග කලාවේද විශිෂ්ටයෙක් විය.
    ඒ.ජේ.සෙල්වදොරේගේ ‘ගොඩෝ එනකං‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතයට අත්පොත් තැබූ විමල් කුමාර ද කොස්තා පසුව හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරී, කොරා සහ අන්ධයා, මළකෝළං, දුන්න දුනුගමුවේ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.


    මේ අවුරුද්ද ගොඩක් කලාකාරයොන්ට හොද අවුරුද්දක් උනේ නෑ. ගොඩක් අය අපිට අහිමි උනා.:sorry:


    ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා කලාකරුවානෙනි
    ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
     
    Last edited:
    • Like
    Reactions: WhiskyZ

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිවන් සුව ලැබේවා. :sorry:

    සේරම පරණ මිනිස්සු ටික නැතිවෙනව. පිම්පියො ටික ටික වැඩිවෙනව.:dull:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මා ඉතාමත් ප්‍රිය කරන නලුවෙක් මෙතුමා...
    නිවන් සුවය ලැබේවා..!!
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,147
    113
    Dubai
    නිවන් සුව ලැබේවා. :sorry:

    සේරම පරණ මිනිස්සු ටික නැතිවෙනව. පිම්පියො ටික ටික වැඩිවෙනව.:dull:

    අනේ මන්දා බන්. අලුත් හැකියාවන් පිරුන පරම්පරාවක් බිහි වෙන්නෙත් නෑ.. ඒත් ප්‍රවීන පරම්පරාව අපිට අහිමි වෙලා යනවා :sorry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,147
    113
    Dubai
    රටට මොකක් දෝ මහා මුස්පේන්තු කමක් ගහලා තියෙනවා කියලා පේන්නේ මට විතරද? දවසින් දවස හොද කලාකාරයෝ වටිනා මිනිස්සු රටට අහිමි වෙනවා.. දවසට මොකෙක් හරි කාව හරි වෙඩි තියලා එක්කෝ කපලා කොටලා මරලා කියලා නිව්ස් එකක් වරදින්නේ නෑ. එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා. ඒ අතරට රටට වටිනා සේවයක් කරපු පුද්ගලයෝ කලාකාරයෝ අපිව දාලා යනවා.. මේ දේවල් වෙන්නේ රටේ කරුමෙකටද... රටේ විනාසෙටද :no:
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,495
    973
    113
    නිමල් කුමාරද කොස්තා කලාකරුවානෙණි, ඔබට නිවන් සුව!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්දා බන්. අලුත් හැකියාවන් පිරුන පරම්පරාවක් බිහි වෙන්නෙත් නෑ.. ඒත් ප්‍රවීන පරම්පරාව අපිට අහිමි වෙලා යනවා :sorry:

    :(:(:(:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නිසි ඇගැයිමකට ලක් නොවු, ඒ වගේම නිසියාකර වැඩක් ගත්තේ නෑ මේ පුද්ගලයගෙන් ඇත්තෙන්ම අති දක්ෂ රංගන ශිල්පියෙක් එතුමාට නිවන් සුව ලැබේබා !