දශක කීපයක්ම මුළුල්ලේ හොලිවුඩ් සිනමාව තම රංගනයෙන් ඔපවත් කළ ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Val kilmer" ඊයේ දිනයේදී (අප්‍රේල් 01) දිවි ගමනින් සදහටම සමුගත්තා. 2015 වසරේදී ඔහුට උගුරේ පිළිකාවක් වැළදී ඇති බව සොයාගනු ලැබූ අතර ඒ සදහා සිදුකළ ප්‍රතිකර්මවල අතුරුඵලයක් ලෙස ඔහුට ඔහුගේ කට හඩ ද සම්පූර්ණයෙන් අහිමි වී ගියා. මිය යන විට විට 65 වන වියෙහි පසු වූ ඔහුගේ මරණයට ඔහු කලක පටන් පීඩා විදිමින් සිටි නියුමෝනියා රෝගී තත්ත්වයක් (Pneumonia) හේතු වී ඇති බවටයි වාර්තා වී තිබෙන්නේ.
"Val kilmer" රංගනයෙන් දායක වූ ප්‍රකට සිනමා නිර්මාණ කීපයක්
Top Gun (1986), The Doors (1991), Thunderheart (1992), Tombstone (1993), True Romance (1993), Heat (1995), Batman Forever (1995) The Ghost and the Darkness (1996), The Saint (1997), The Prince of Egypt (1998), Spartan (2004), Kiss Kiss Bang Bang (2005), Felon (2008), Top Gun: Maverick (2022)
වැඩිදුර තොරතුරු
Last edited:

විනාඩි 1:10 විතර ඉදන් බලන්න.
මේ වගේ සිද්ධියි, ෆිල්ම්ස්වලට සම්බන්ධ ත්‍රෙඩ්වලටයි අමතරව science, medical field එක ඇතුළුව තව සෑහෙන පැති ගොඩකට සම්බන්ධ සිද්ධි, තොරතුරු ගැන මං ත්‍රෙඩ් සිය ගාණක් දාල ඇති.