ඔන්න ඕකයි තත්වේ
"වියත්මගේ 3% කෝ?", "පරණ ටිකම තමයි ආයෙත් එන්නේ", "අලුත් මුහුණු නෑ", "උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට තැන නෑ" වගේ කතා ඇහුණා මතකද?
- පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) තේරී පත්වුණු හරි අඩක්ම අලුත් මුහුණු. ඒ කියන්නේ 128න් 64 දෙනෙක්ම (50%ක්) පලවෙනි වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අය. (ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාව වෙන්න ඕනේ එතරම් අලුත් මුහුණු ප්‍රමාණයක් එක පක්ෂයකින් තේරී පත් වුණේ.)
- ඉතුරු 50% (64 දෙනෙක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය.
- ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කල ශ්‍රීලනිප/පොහොට්ටුවට සම්බන්ධ අයගෙන් 20%ක් මෙවර පරාද කරලා ජන්ද දායකයෝ විසින්.
- සමගි ජන බලවේගය (කලින් එක්සත් ජාතික පක්ෂය) 47න් 41ක් ම (87% ක්) කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. අපේක්ෂකයෝ 6 දෙනයි (13%) අලුතින්ම පාර්ලිමේන්තුවට තේරිලා තියෙන්නේ.
- ජාතික ජන බලවේගය (හෝ වැඩිපුර ජනතා විමුක්ති පෙරමුණ) තේරී පත් වුණු 2න් 2ම කලින් පාර්ලිමේන්තුව නියෝජනය කල අය. එකම එක අලුත් නියෝජිතයෙක් නෑ.
- වියත්මගේ 3% කෝ? කියලා ඇහුවනම්....පොහොට්ටුවේ අලුත් මුහුණු වලින් 23%ක්ම (අලුත් 64න් 15ක්) වියත්මග එක්ක 2017 හෝ ඊටත් කලින් ඉඳලා විවිධ මට්ටමින් සම්බන්ධ වෙලා වැඩ කරපු අය. ඒ මතවාදය විශ්වාස කරන අය. (ඔය 23% ජාතික ලැයිස්තුව නැතුව).
- ක්‍රමේ වෙනස් කරන්න නම් කතා කරනවා වගේම ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒකම තමයි සමහර පක්ෂ වලට එක අපේක්ෂකයෙක් අලුතෙන් යවන්න බැරි වෙද්දී පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 64ක් පාර්ලිමේන්තුවට යන්නේ.
- ඒ අතරිනුත් කොළඹින් රියර් අද්මිරාල් සරත් විරසේකර, ගම්පහින් ආචාර්ය නාලක ගොඩහේවා වගේ චරිත පලවෙනි, දෙවෙනි වතාවට ඉදිරිපත් වෙලා ලක්ෂ 3ට වඩා වැඩි මනාප ගණනක් ලබා ගන්නේ.
- 128න් හතර පස් දෙනෙක් ගැන විතරක් දුක් වෙන වෙලාවේ හරි අඩක්ම (64ක්ම) අලුත් මුහුණු තේරෙන්නේ ඇයි කියන එකයි හිතලා බලන්න ඕනේ. සමච්චල් කරනවා, විවේචනය කරනවා වෙනුවට ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ දේශපාලන පක්ෂ වලට.
Lasantha Jayawardena
