වියදම්_පියවීම

damithcpu

Member
Feb 11, 2013
408
22
0
…මම මේ කියන්න යන්නේ පහුගිය දවසක මා ඇසූ සිද්දියක්. ඒත් මේ කතාව ලු කතාවක් නෙමෙයි මගේම කනින් ඇසු මම දුටුව කතාවක්. දිනය පහුගිය තෙල් වැඩිවීම වුන දිනයට පසු දිනය. මගේ ස්කූටර් කට්ටට තෙල් ගහගන්න කියලා ළඟ තිබුන තෙල් පිරවුම් හලට ගොඩවුනා.


මේ පිරවුම් හල අයිති පුද්ගලයත් එතන උන්නා. ඔහු මගෙත් හොඳ මිතුරෙක් නිසා මා ඔහු හා කතාවට වැටුනා.

"වාසියක් උනා නේද? " මම ඇසුවා.

"වැඩක් නෑ. ඒ වැඩිවුන ගානට අපි ගෙවන්න ඕන ඩිපොසිට් එකත් වැඩි උනානේ"

…ඔය කතාව තව විස්තර ඇතිව අපි කතාකරකර ඉන්න අතරතුරේදි තෙල් ගහගැනීමට අපේ තව මිතුරෙක් එතනට ආවා. …

"ආ මචෝ කොහොමද උඹලගෙ ලොක්කා ඔන්න ආයෙම උඹලට බෝනස් දුන්නා නේද ? දැන් ඉතින් බලන් හිටපන් ඉස්සරහට බස් ගාස්තු බෝන්ස් එකයි ලයිට් බිල් බෝනස් එකයි එනකන්"

තෙල් පිරවුම් හල අයිති පුද්ගලයා එලෙස කීවේ ඔහු දැඩි එක්සත් ජාතික පාක්ශිකයෙකු වූ බැවිනි.
තවද අනිත් මිතුරා වත්මන් ජනාධිපතිතුමා ජනපති පදවියට පත් කිරීමට බර කරට ගත් දැඩි ශ්‍රීලංකා නිදහස් පාක්ශිකයෙකුබව සියලු දෙනාටම නොරහස වූ නිසාවෙනි.

"එහෙම කියන්න එපා මචො උඹලා ඔය ව්‍යාපාර දියුනු කරගෙන ඉන්නේ. ව්‍යාපාරිකයින්ට පාඩුනම් උඹලා කොහොමද යහතින් වැජබෙන්නෙ ?"

"ඉතින් කවුද බං කියුවේ අපිට පාඩුයි කියලා මම කියුවෙ උඹලගෙ ලොක්කා පොඩි එකාගෙ පාත්තරේටම තමයි කෙලවන්නෙ කියලා "

ඉතාම රසබර සංවාදයක් යන්නට යනබව ඉවෙන් මෙන් දැනුන මම කිසිවක් නොකියාම දෙදෙනාගේ කතාවට කන් යොමාගෙන උන්නෙ ඉමහහ් සතුටින් ..

…"උඹ කියුවෙ පොඩි එකාගෙ පාත්තරේ ගැනනෙ? එහෙනම් අහගනින් පොඩීකාගෙ පාත්තරේට කෙලවෙන හැටි ."

…"දැන් බලහන් අරහේ තෙල් බැරල් එක වැඩිවෙනවා. එතකොට ඒ වැඩිවෙන ගාන මෙහේ ආන්ඩුවේ වියදනුත් එකතු කරලා උඹලගේ පොම්පවලට එනවා . වැඩි උනාට ඒ පාඩුව අල්ලන්නේ අපි වගේ පොඩි උන්ගෙන් . අපි අපේ බයිසිකල් කටුවලින් ඒ තෙල් ටික පුච්චනවා අපිට ඒ ගාන පියවගන්න තැනක් නෑ . උඹලානම් අඩුගානෙ අපෙන් හරි ඒ ගාන පියව ගන්නවා."
"බස් කාරයො වැඩිවෙන ගාන බස් ගාස්තුවලින් හරි පියව ගන්නවා හරි කියහන් බලන්න බස් මගියා කාගෙන්ද වැඩිවුන බස් ගාස්තුව පියව ගන්නෙ ? "

"ඉතින් ඕකමනෙ බං මම කියුවෙත් "

"හරි හිටපන් මම කියලා ඉවර නෑ,
ලොක්කා කොහොමහරි රජයේ සේවකයන්ගේ පඩිය නම් කීය කීය හරි වැඩිකලා "

"හරි කියපන් මේ පොම්ප කාරයෙකුට 2008 දීපු රුපියල් 6500ම නේද තාම උඹලා ගෙවන්නේ ? අඩු ගානේ උඹලා වගේ ව්‍යාපාරිකයො ලාබේ සම්පූර්නයෙන්ම උඹලගේ ප්‍රයෝජනයට අරගන්නෙ නැතිව මේ පොම්ප කාරයන්ටත් පඩි වැඩි කරානම් උනුත් අර වැඩිවන වියදම කොහොම කොහොම හරි පියවා ගන්නවා "

පොම්ප කරුවන් මූන හංගගෙන සිනාසෙනවා මම දුටිමි. තෙල් පිරවුම් හලේ මිතුරා හිමිහිට ලෙස්සා ගිය අතර . මම මගේ බයිසිකලයට රුපියල් 200ක තෙල් ගසන්නයැයි පොම්පකරුට කීවෙමි.

" අර මහත්තයා කියුවෙනම් මසුරං කතාවක්." ඒ පොම්පකරුය

මම කිසිවක් නොකිවූ අතර ඒ කියපු කතාව අපිට උනත් සාධාරන බව මගේ හිත ඇතුලටම වැදුන බවනම් මට තෙරුනා