විල්පත්තුව වසා දමයි
මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය දින නියමයක් නොමැතිව වසා දමන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.
අගෝස්තු මාසයේ පාසල් සිසුන් ඇතුළු බොහෝ සංචාරක පිරිස් මෙම වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන මුත් පවත්නා නියං තත්ත්වය යටතේ වනෝද්‍යානය විවෘත කළ නොහැකි අතර අක්කර ලක්ෂ 3කටත් වඩා අතිවිශාල ප්‍රදේශයක් පුරා පැතිර ගත් මෙම උද්‍යානයේ වෙසෙන වන සතුන්ට බාහිරින් ජලය සපයා දීමට පවා කටයුතු යෙදෙන බව වාර්තා වේ.