විල්පත්තුව " ශ්‍රී රාමා ස්වමි " අභය භුමිය &#3520

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    විල්පත්තුව " ශ්‍රී රාමා ස්වමි " අභය භුමිය &#3520

    විල්පත්තුව " ශ්‍රී රාමා ස්වමි " අභය භුමිය වෙයි !

    අපේ රටේ ප්‍රධාන වනෝද්‍යාන දෙකක සහ අභය භූමියකට Google Map හරන අලුත් නම් තුනක් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව විල්පත්තුව අභය භූමිය Lord Shrirama Swami Wilpattu National Wildlife Park ලෙසත්, අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය Shri Virashrwa Angammedilla National Park ලෙසත්, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය Shri Vibhishan Horton Plains National Park ලෙසත් නම් කර තිබෙනවා.

    කෙසේ වෙතත් මෙලෙස Google Map හි පෙර තිබූ නම් වෙනුවට අලුත් නම් එකතු කිරීමේ අරමුණ කුමක්ද සහ එය කාගේ උවමනාවකට සිදුකල දෙයක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ. කෙසේ නමුත් මෙය කිසියම් අන්තවාදී කණ්ඩායමක් විසින් Google සමාගමෙන් කල ඉල්ලීමකට අනුව මෙම උද්‍යාන සඳහා අලුත් නම් ඇතුලත් කර ඇති බවට ඇතමුන් මත පල කරනවා.

    1938 පෙබරවාරි 25 වන දින ආරම්භ කල විල්පත්තු අභය භූමියට එහි ඇති විල්ලු නිසා විල්පත්තුව යන නම ලැබී ඇති බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. විල්පත්තු අභය භූමිය තුල විශාල විල්ලු 27ක් සමඟ විල්ලු 40 ක් ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ පැවත ආ විල්පත්තුව යන නාමය Lord Shrirama Swami Wilpattu ලෙස වෙනස් කලේ ඇයිද යන්න සොයා බැලීම වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය යුතු වනවා.

    එසේම මින්නේරිය-ගිරිතලේ වනෝද්‍යානයේ කොටසක්ව පැවැති අංගමැඬිල්ල උද්‍යානයද 2006 ජුනි මස 06 වැනි දා සිට ජාතික වනෝද්‍යානයක් ලෙස නම්කර තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන ගූගල් සිතියමෙහි එම නම Shri Virashrwa Angammedilla ලෙස වෙනස් කර තිබෙනවා.

    1969 වස‍රේදී ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලද හෝර්ටන් තැන්නටද එම නම ලැබී ඇත්තේ මෙරට ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකරවරයාගේ සංචාරයකින් පසුව බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. පුරා විද්‍යාත්මක මෙන්ම ජෛව විවිධත්ව වටිනාකමක්ද ඇති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයද ගූගල් සිතියමට අනුව Vibhishan Horton Plains National Park ලෙස වෙනස් කර තිබෙනවා.

    vilpaththuwa.jpg
    02.jpg

    03.jpg

    For source​
    http://nethgossip.lk/article/30088
     
    Last edited:

    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    අපිට එකමුතු වෙලා ගේමක් ගහන්න බැරිද මේකට? FB පේජ් වල ඇඩ්මින්ලගේ උදවුවක් ඇතුව මේක රිපෝට් කරන්න පෝස්ට් එකක් හැදුව නම් හරි.. මොන දේට පිල් බෙදුනත් අපි එකමුතු උනාම ඕන දෙයක් කරන්න පුලුවන්.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    අපිට එකමුතු වෙලා ගේමක් ගහන්න බැරිද මේකට? FB පේජ් වල ඇඩ්මින්ලගේ උදවුවක් ඇතුව මේක රිපෝට් කරන්න පෝස්ට් එකක් හැදුව නම් හරි.. මොන දේට පිල් බෙදුනත් අපි එකමුතු උනාම ඕන දෙයක් කරන්න පුලුවන්.

    adams peak එක ශ්‍රී පාදය එකට එකතුවෙලා කියලා වෙනස් කලානම් ඕක මහා දෙයක් නෙමේ එකමුතු වෙලා කරනවා නම්
     
    • Like
    Reactions: king edward

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    නම මොකක් උනත් වැඩක් නැහැ
    මුලින්ම කරන්න ඕන විල්පත්තුව හොරෙන් කපන අයව අල්ලන එක
    පස්සෙ නම වෙනස් කරන්න පුළුවන්
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    නම මොකක් උනත් වැඩක් නැහැ
    මුලින්ම කරන්න ඕන විල්පත්තුව හොරෙන් කපන අයව අල්ලන එක
    පස්සෙ නම වෙනස් කරන්න පුළුවන්

    :yes::yes::yes: totally agreed