රිෂාඩ් බදුර්දීන් ගේ විල්පත්තු සංහාරය යහපාලනයේ ආශිර්වාදය යටතේ තවදුරටත්!
අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් විසින් විල්පත්තු අභයභූමිය තුල කඩිනමින් ඉදිකෙරෙමින් පවතින අනවසර ජනාවාසයක් පිලිබදව ටික කලෙක සිට තොරතුරු ලැබෙමින් පැවතින. මුස්ලිම් ජාතිකයින්ට පමණක් වෙන්වූ මෙම ජනාවාසයේ ස්ථිර ඉදිකිරීම් බොහොමයක් දැනටමත් අවසන්කර ඇති අතර, විලපත්තුවේ සිට මන්නාරම දක්වා ප්‍රදේශය එකම මුස්ලිම් ජනාවාසයක් වනලෙසට මෙම ඉදිකිරීම් සැලසුම් කර ඇත. මෙම අනවසර ඉදිකිරීම් හේතුවෙන්, ජාතික සම්පතක් වන විල්පත්තු රක්ෂිතයට බරපතල හානි ඇතිවී ඇත. එමෙන්ම එහි වෙසෙන වනසතුන්ද අනාරක්ෂිත තත්වයකට පත්ව ඇත. හාස්‍යජනකම කරුණ වන්නේ, මෙතරම් විශාල ඉදිකිරීම් සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු කිසිදු ආයතනයක කිසිදු සටහනක් නොමැතිවීම සහ ඔවුන් මුනිවත රැකිමයි. ලංකාවේ ජඩ දේශපාලුවන්ට මෙම විල්පත්තු රක්ෂිතයේ ඇති පරිසරික වටිනාකම නොවැටහීම ජාතියේ අභාග්‍යයකි. අනාගත පරපුර වෙනුවෙන් විල්පත්තු අභයභූමිය රැකගැනීමට පාට - පක්ෂ භේදයෙන් තොරව එක්වෙමු. කෙසේ නමුත් බෝලය ඒ මේ අත විසි වෙමින් පවති. මේ ගැනත් හිතන්න
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.