විවාහයට පෙර ආදරය තහනම් 
ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයක ආදර සම්බන්ධතා මත සිදු වන විවාහ තහනම් කර තිබේ.
බී.බී.සි. ලෝක සේවය පැවසුවේ, අසාරා නැමති එම ගම්මානයේ නායකයින් විසින් කාන්තාවන්ට එරෙහිව රෙගුලාසි රැසක් ද පනවා ඇති බවයි.
මේ යටතේ වයස අවුරුදු 40ට අඩු කාන්තාවන්ට තනිව සාප්පු සවාරියාම හා නිවසින් පටතදි ජංගම දුරකථන භාවිතය ද තහනම් කර තිබේ. තවද නව නියමයන්ට අනුව නිවසින් පිටතට යන කාන්තාවන් ඔවුන්ගේ හිස ආවරණය කළ යුතුය.
කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බව ගම් නායකයින් ප්‍රකාශ කළ ද ඉන්දීය පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඉන්දීය වාර්තා පවසන්නේ ආදර සබඳතා මත විවාහ වන අයට එම ගම්මානයේ පදිංචිවීමට ඉඩ නොදෙන බවයි.
අසාරා ගම්මානය ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට කිලෝමීටර් 40 තරම් ආසන්නයේ පිහිටා තිබියදී මෙවැනි දේ සිදුවීම විශේෂත්වය බව විදෙස් වාර්තා පවසයි.
Source - http://newsfirst.lk/
අනේ හෆොයි මෙහෙමත් නීතී