විවාහ ජීවිතය එපා වෙන්නේ ඇයි?,,,,,,

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    විවාහ ජීවිතය එපා වෙන්නේ ඇයි?,,,,,,

    උගත්, රූමත් මනාලික් සමග සරණ බැඳුමට පත් පමණටම විවාහ ජීවිතය අර්ථ පූර්ණ වන්නේ නැත. අධ්‍යාපනික ලෙස පරිපූර්ණ වන සෑම අඹූ-සැමි යූවලකගේම විවාහ සංස්ථාව එම දැනූම ආදේශ කරගෙන සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමේ හැකියාව නැත.


    talk.jpg


    වර්තමාන පවූල් සංස්ථාවන් තුළ බිරින්ඳෑවරුන්ගෙන් සියයට 15 ක්ද, පිරිමින්ගෙන් සියයට 39 ක්ද, උපාධිධාරීන් වෙති. කාන්තාවන්ගෙන් සියයට 68 ක් පමණම විවිධ වෘත්තීන්හි නිරතව සිටිති. බාහිර ලෙසින් වූ මෙම අඹූ-සැමියන්ගේ ගැලපීම විවාහ ජීවිතය ආශ්‍රිතව වූ ලිංගික ජීවිතයේදී ද සාර්ථකම සිදුවීම සාර්ථක විවාහයක ලක්ෂණය වන්නේය.


    ලිංගික ජීවිතය ආශ්‍රිතව ඇති ගැටලුවලට ඇතැමූන් විසඳුම් සොයන්නේ විවාහ වී දින දෙක තුනක් ගතවනවිටය. තවත් උදවිය ප්‍රථම මංගල රාත්‍රියට පෙරාතුවද උපදේශනය සේවාවන්හි පිහිට අපේක්ෂා කරති. විවාහ වී එළැඹෙන ප්‍රථම මාසයේ සිටම ඇතැමූන් දරුවෙකු පිළිබඳව අපේක්ෂාවෙන් සිටිති. අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන විටම වෛද්‍ය සහ මානසික උපදේශනයේ පිහිට පැතීමට නැඹූරු පිරිසක් වෙති. ඇතැමූන් අවූරුදු 2 ක කාලයේදී ද තවත් පිරිසක් දිගු කාලයක් මූළුල්ලේම වෛද්‍ය හෝ මානසික උපදේශන නොලබා සිටිති. ඒ අතරම ඔවූන්ගේ පවූලේ සංස්ථාව තුළ ගැටළු උග්‍ර තත්ත්වයට පත්වීමද අනිත් පාර්ශ්වය ලෙස සැළකේ.


    විවාහකයන් සිය ගැටලුවලට ප්‍රතිකාර නොලබන්නේ ඇයි?


    විවාහ ජීවිතය ආශ්‍රිත ගැටලුවලට උපදේශන සේවාවන් පවතින බවට ඔවූන් වූ නොදැනීම.


    තමන් යා යූත්තේ කොතැනටද නොදැනීම.


    තමන්ගේ සහකරු හඳුනා නොගැනීම.


    මෙම ගැටලුව වෙහෙස වන තුරුම හඳුනා නොගැනීම.


    ලිංගික බෙලහීනතාවය පිළිබඳව ඇති නීතිමය පසූබිම වටහා නොගැනීම.


    ශ්‍රී ලංකා පවූල් සංස්ථාව තුළ 1-3 ක් ම මානසික උපදේශන මධ්‍යස්ථාන පිළිබඳව තවමත් හඳුනාගෙන නැත. සියයට 10 ක් තරමටම පවූල් සංස්ථාවන් මෙම ගැටලු මතම බිඳ වැටී යයි. පිටස්තර උදවිය වූව මෙම පිරිසගේ ගැටලු හඳුනාගෙන ඔවූන්ට උදව්වීමට ඉදිරිපත් වන්නේ නම් ඉහත අවාසනාවෙන් අත්විඳීමේ ශක්තිය ලබන්නට ඉඩ තිබූණි.


    ලිංගික බෙලහීනතාවය තුළින් සියයට 12 ක් තරම් වූ අඹූ-සැමි පිරිසක් පීඩා විඳිති.


    කාන්තාවන්ගෙන් සියයට 26 ක් ම ලිංගික ජීවිතය ප්‍රිය මනාප නොවූ උදවිය වෙති. ලිංගිකව එක්වීම ඔවූන්ට වේදනාකාරී වීම ඊට හේතුවයි. මෙම ගැටලුව තවත් කෙනෙකුට පවසා ඊට ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාවක් දැනගැනීම ලිංගික ආචාරධර්මවලට පටහැණිය. නමූත් සියයට 41 ක් දෙනා මේ පිළිබඳව විසඳුම්වලට එළඹීමද සතුටට කරුණකි.


    පවූල් සංස්ථාවක් තුළ 28% ක් පමණ දෙනාටම ලිංගික ජීවිතය තුළ දැඩි ප්‍රවණතාවයන්ට මූහූණදී සිටිති. විකෘති වූ ආශාවන් සමලිංගික සේවනය ආදී විවිධ හේතූන් මත විවාහ ජීවිතය නීරස බවට පත් උදවිය බොහෝය.


    විවාහ ජීවිතය නීරස වීමට බලපාන හේතු

    බිරිඳගේ ඇති බිය


    ලිංගිකව එක්වීම වේදනාකාරීවීම.


    ලිංගික බෙලහීනතාවය.


    පූරුෂයන් ලිංගික කටයූතුවලට ඇති උදාසීන බව.


    ලිංගික ජීවිතය මගහැරීම.


    එකම වහලක් යට වූව දෙන්න දෙපළේ සිටින වාතාවරනය තුළ රැඳුන අඹූ-සැමියන් බොහෝය. අතින් කැඩීමට හැකි දේ පොරවෙන් වූව බිඳ දා ගත හැකි නොහැකි තරමටම ඇතැම් සරල ප්‍රශ්න සංකීර්ණ ගැටලු බවට පත්වී හමාරය. මානසික උපදේශන අවශ්‍ය වූව ද ඊට නිසි උපා මග නොදනී. කරවිලේ වැටූන පණූවා තිත්ත රසම අනූභව කරන්නා සේ ඔවූන්ද මෙම කටූක බවින් මිදී ජීවිතයේ නිවැරදි මගට අවතීර්ණය නොවී තමන්ගේ පවූල මිහිපිට අපායක් බවට පත්කර ගනිති.

    :(:(:(:(

    via:sinhalamag
     
    Last edited: