විවාහ ලියාපදින්චිය

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    දන්න කට්ටිය උදවු කරනවද ?

    විවාහ ලියාපදින්චිය කරන කොට නම් ප්‍රසිද්ධ කරනවා කියන්නේ මොකක්ද ?

    මෙ සදහා අපි දෙන විස්තර වල නිවැරදි තාවය රේජිස්‍ටාර් පරික්ශා කරනවද?
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    දන්න කට්ටිය උදවු කරනවද ?

    විවාහ ලියාපදින්චිය කරන කොට නම් ප්‍රසිද්ධ කරනවා කියන්නේ මොකක්ද ?

    මෙ සදහා අපි දෙන විස්තර වල නිවැරදි තාවය රේජිස්‍ටාර් පරික්ශා කරනවද?

    මෙහෙමයි බදින්න 3 මාසයකට කලින් යුවල බදිනවා කියලා නොටිස් බෝඩ් එකේ දැමිමයි මේ කරන්නේ. මාස 3ක් තියනවා විරුද්දතාව ප්‍රකාශ කරන්න අනිත් අයට. නමුත් ඉතින් ඕවාට විරුද්දතා නොඑන තරම්, නොටිස් බලනවැයි.

    මේක කරන එක එක්තරා සාක්ෂියක් වෙනවා. විවාහා පොරොන්දු කඩකිරිම වගේ දේකට නඩුවක් යද්දි.

    විස්තර වල නිවරදිතාව පරික්ෂා කරනවාද?

    පරික්ෂා කරන්න ඕනි. ඒක එයාගේ ඩියුටිය. නමුත් ඉතින් ඔවා රෙජිස්ටාර්ලා අතින් මිස්වෙන අවස්තා ගොඩයි. කසාදබැදිල්ල ලේසි නැ. සහතිකේ නමක් අකුරක් වැරදුනාම හදන්න දිසා අදිකරනයේ නඩු දාන්නම ඕනා. ඉතින් ඔයවගේ අත්වැරදි හදන්න දාපු නඩු ගානක් උසාවි වල තියනවා.
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    විවාහ ලියාපදින්චිය කරන කොට නම් ප්‍රසිද්ධ කරනවා කියන්නේ මොකක්ද ?

    බදින්න මාස 3කට කලින් රටෙ මිනිස්සුන්ට දැනුවත් කරනවා මුන් දෙන්න බදිනවා අකමැතිනම් විරුද්ද වෙන්න කියලා (මෙක මාස 3ක්ම ඔනි නැ මාස 1ක් වුනත් කරන්වා) , මෙ කාලේදි දෙන්නාට කැමතිනම් වෙන් වෙන්න උනත් පුලුවන් නිතිමය බාධාවක් නැතිව


    මෙ සදහා අපි දෙන විස්තර වල නිවැරදි තාවය රේජිස්‍ටාර් පරික්ශා කරනවද?


    අපො නැ , ගොඩක් උන් කරන්නෙ හොරට , උදාහරණ විදියට උඹ බස්නාහිර , නොනා දකුණු පාළාත කියලා එ වෙලවට බස්නාහිර ඉන්න රෙජිස්ටාර් දකුණු රෙජිස්ටාර්ට ඔය ලිපි ලේඛන යවන්න ඔනි එක ටිකක් වාත නිස පොරවල් කරන්නෙ දෙන්නම එකම පළාතක දාලා වැඩෙ කරනවා (දෙන්නම එකම ගමෙ වගෙ බොරු ලිපින එහෙම දනවා).

    ඔයා මාස 3 කාලය තියෙන්නේ අවුලක් වෙන එකට ශපෙ කරන්න. එ කියන්නේ පොරට පුලුවන් කියන්නෙ මම හොයල බැලුවා එ වගෙම මාස 3 දි කිසි අවුලක් උනේ නැති නිසා මම මෙ විවාහය කල වගේ දෙයක් කියන්න.

    ඔය හොයන්නේ නැති නිසා තමා ගොඩක් හොරට බදින එවා වෙන්නේ