මිනිස්සු හිතන පතන විදිය , ජන සමාජය සෑහෙන්න වෙනස් වෙලා තියෙන්නේ . ඉස්සර ළමයෙක් හදනවා කියන එක එච්චර සීන් එකක් නෙමේ . මොකද අනිවා පවුල් වල ළමයි ගොඩක් ඉන්නවා . එතකොට පොඩි එවුන්ව ලොකු එවුන් බලා ගන්නවා . ඊට අමතරව ගෙදර කවුරුහරි නෑදෑ කෙනෙක් ඉන්නවා . නැන්දා ,මාමා ,ආච්චි ,සීයා වගේ .
අනික් එක ඒ කාලේ මිනිස්සුන්ට තමුන්ගේ ළමයින්ට rocket science උගන්නන්න උවමනාවක් තිබ්බේ නෑ . ඒ ළමයි ලොකු වෙලා මොනවහරි ජොබක් කරගෙන හිටියා .
දැන් එහෙම නෙමේනේ . ජනගහනය වැඩියි . තරඟේ වැඩියි . ඉතින් හැම ලමයටම tuition දෙන්න ඕනේ . අපේ අම්මලාගේ තාත්තලගේ කාලේ ඒවා ඕනේ උනේ නෑ.
දැන් ගොඩක් දෙමව්පියෝ රැල්ලට ළමයින්ව international school යවන්නේ. අයියගේ ලමයව දැම්මොත් මල්ලිගේ ළමයත් කොහොමහරි දානවා . වියදම් සෑහෙන්න.
අනික් එක ඉස්සර දැන් වගේ මත් කුඩු , සුරාව ලේසියෙන් ගන්න විදි තිබ්බේ නෑ. දැන් කොච්චර අය මේ දේවල් වලට ඇබ්බැහි වෙනවද ? විශේෂයෙන් තරුණ ළමයි.
අම්මෙක් තාත්තෙක් උනාම මේවා හැම එකම බලන්න ඕනේ.
අනික් ලොකුම දේ ළමයි දේවල් ඉගෙන ගන්නේ තමුන්ගේ දෙමව්පියන්ගෙන්. ඒවුනාට දැන් tv වල පෙන්නන ජරාව දැක්කම උන් නරක් වෙනවා. පොඩි කාලෙම ඕනෙවට වඩා දේවල් දැන ගන්නවා . කුතුහලය නිසා ඒවා test කරන්න යනවා .
මම දැකලා තියෙනවා මහාචාර්ය වරුන්ගේ ළමයි full අවුල් වෙච්ච අය . ඒවගේම සාමාන්‍ය පවුල්වලින් බිහි වෙච්ච උගත් මිනිස්සු . දෙමව්පියන්ට කොච්චර දැනුම තිබ්බට වැඩක් නෑ ළමයෙක් හදන්න දන්නේ නැත්තම්.