විවාහ 5 ක්

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    ඉස්සෙල්ලම කියන්න ඕනේ මමත් කැමති නෑ මේ කරලා තියෙන යෝජනාවට :no::no: නමුත්තුන් වෙනි සිල් පදේට කිසිම හානියක් වෙන් නෑ. මොකද තුන් වෙනි සිල් පදෙන් කියවෙන විදියට තමන් විසින් නීතියානුකූලව විවාහ කරගෙන ඉන්න කෙනා සමඟ සංසර්ගයේ යෙදුනට සිල්පදේට හානියක් නෑ. දැනට නම් එක්කෙනෙක් නිසා ඒ කෙනා හරුනු කොට වෙන කෙනෙක් සමඟ අහවල් එක කරොත්නේ සිල්පදේ කැඩෙන්නේ. 5 දෙනෙක් නීත්‍යානුකූලව බැදලා ඒ 5 දෙනා එක්ක අහවල් එක කරාට අවුලක් නෑ. හැබැයි ඒ 5 දෙනාගෙන් පිට කෙනෙක්ට ශොට් එක දුන්නොත් නම් ඔන්න සිල් පදේ කැඩෙනවා. වැඩිය ඕනේ නෑ. යකෝ රජවරුන්ට අන්ත:පුර තිබ්බේ :P:P ඒවා නීත්‍යානුකූල විවාහ නිසා කාමයේ වරදවා හැසිරීමක් වෙන් නෑ. :yes::yes:

    මචන් මං දන්න විදිහට කාමයේ වරදවා හැසිරීම කියන්නෙ සංසර්ගයේ යෙදෙන එකම නෙවෙයි නේද? මෙහෙම හිතපන්කො. ඔන්න දැන් එකෙක් බැදලා ඉන්නවා. ඔන්න ඔය කියන නීතිය සම්මත වෙනවා. මිනිහට ඕන වෙනවා තව ගෑනියෙක් බදින්න. ඒත් ගෑනි අකමැතියි. ඔතනදි වෙන්නෙ පවුල් සංස්ථාව බිද වැටෙන එක නේද? අනික මිනිහෙක් ගෑණු දෙක තුනක් බදින්නෙ ඌට ආතල් ගන්න මිසක් ගෑනු ගැන තියෙන ආදරේකටවත් රට ගැන තියෙන කැක්කුමකටවත් නෙවෙයි. ඕකෙන් වෙන්නෙ Spare wheel හොයන උන්ට නීතියෙන්ම ඉඩ ගැදෙන එක. පවුල් කීයක් නම් ඕකෙන් අනාත වෙයිද? මෙවගේ දේවල් නිසා වෙන්නෙ අපිත් හම්බයින්ගෙ ගානට වැටෙන එක. :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,120
    4,957
    113
    -In Darkness-
    මචන් මං දන්න විදිහට කාමයේ වරදවා හැසිරීම කියන්නෙ සංසර්ගයේ යෙදෙන එකම නෙවෙයි නේද? මෙහෙම හිතපන්කො. ඔන්න දැන් එකෙක් බැදලා ඉන්නවා. ඔන්න ඔය කියන නීතිය සම්මත වෙනවා. මිනිහට ඕන වෙනවා තව ගෑනියෙක් බදින්න. ඒත් ගෑනි අකමැතියි. ඔතනදි වෙන්නෙ පවුල් සංස්ථාව බිද වැටෙන එක නේද? අනික මිනිහෙක් ගෑණු දෙක තුනක් බදින්නෙ ඌට ආතල් ගන්න මිසක් ගෑනු ගැන තියෙන ආදරේකටවත් රට ගැන තියෙන කැක්කුමකටවත් නෙවෙයි. ඕකෙන් වෙන්නෙ Spare wheel හොයන උන්ට නීතියෙන්ම ඉඩ ගැදෙන එක. පවුල් කීයක් නම් ඕකෙන් අනාත වෙයිද? මෙවගේ දේවල් නිසා වෙන්නෙ අපිත් හම්බයින්ගෙ ගානට වැටෙන එක. :dull:

    සංසර්ගේ යෙදෙන එක තමා මචං.නමුත් සංසර්ගයේ යෙදෙන්නේ කා එක්කද කියන එක තමා ඇත්තටම වැදගත් වෙන්නේ. ඕකේ හරි අර්ථ දැක්වීම ගොඩක් අය දන්නේ නෑ. ඒක ටිකක් දිග සීන් එකක්. මව විසින් හෝ පිය විසින් හෝ, සහෝදරිය විසින් හෝ සහෝදරයා විසින් හෝ, නෑදෑයෙකු විසින් හෝ සමාජය විසින් හෝ(තව හෙන සෙට් එකක් සඳහන් වෙනවා. ඔක්කොම මතක නෑ) ආරක්ෂා කරන තැනත්තෙක් හෝ තැනත්තියක් සමඟ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ලිංගිකව එකතු වීම තමා කාමයේ වරදවා හැසිරීම වෙන්නේ. නීත්‍යානුකූලව විවාහ වුනාට පස්සේ ආරක්ෂා කිරීමට තමා බැඳිලා සිටින නිසයි එතනදි ලිංගිකව එකතු වීමේදී ඒක කාමයේ වරදවා හැසිරීම නොවෙන්නේ :D:D එතෙක් තමා විසින් ආරක්ෂා කිරිමට බැඳිලා නැත්තම් ඒ කෙනා සමඟ ලිංගිකව එකතු වුනොත් එතනදි සිල් පදේ කැඩෙනවා. ඔයා කියන කතාව ඇත්ත. මනුස්සයෙක්ට එක ගෑණියෙක් හිටියාම හොඳටම ඇති. නැත්තම් කචල්. කොහොමටත් ගෑනියෙක් කැමති වෙන් නෑ තමන්ට අමතරව වෙන ගෑණියෙක්ට තමන්ගේ මිනිහා ආදරේ කරනවා බලන්න.:oo::oo:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    හිකිස්‌..

    අබුද්දස්ස කාලේ කිව්වලු..:D:D:D
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    මචන් මං දන්න විදිහට කාමයේ වරදවා හැසිරීම කියන්නෙ සංසර්ගයේ යෙදෙන එකම නෙවෙයි නේද? මෙහෙම හිතපන්කො. ඔන්න දැන් එකෙක් බැදලා ඉන්නවා. ඔන්න ඔය කියන නීතිය සම්මත වෙනවා. මිනිහට ඕන වෙනවා තව ගෑනියෙක් බදින්න. ඒත් ගෑනි අකමැතියි. ඔතනදි වෙන්නෙ පවුල් සංස්ථාව බිද වැටෙන එක නේද? අනික මිනිහෙක් ගෑණු දෙක තුනක් බදින්නෙ ඌට ආතල් ගන්න මිසක් ගෑනු ගැන තියෙන ආදරේකටවත් රට ගැන තියෙන කැක්කුමකටවත් නෙවෙයි. ඕකෙන් වෙන්නෙ Spare wheel හොයන උන්ට නීතියෙන්ම ඉඩ ගැදෙන එක. පවුල් කීයක් නම් ඕකෙන් අනාත වෙයිද? මෙවගේ දේවල් නිසා වෙන්නෙ අපිත් හම්බයින්ගෙ ගානට වැටෙන එක. :dull:

    මචන් මම දන්නා දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් මම තේරුම් අරන් ඉන්න විදිහට ඔය සිල් පදයේ තේරුම අපි බොහොම පටුව තමයි විග්‍රහ කරන්නේ.

    කාමයේ වරදවා හැසිරීම කිව්වහම, පුළුල් ලෙස විසිරෙන විෂයයක්. එක ලිංගිකත්වයට විතරක් සිමා වෙන්නේ නෑ.
    උදාහරණයක් විදිහට ඔබ යම්කිසි ආහාරයක් ගැන දැඩි සේ ලොල් බැද, අහාර සදහා ගැනීම කාමයේ වරදවා හැසිරීම යතතට ගන්න පුළුවන් නේද?

    ප.ලි.: මම බහු විවාහයට විරුද්ධයි. අපේ ගෑනි මාව මරයි...:P:P:P
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,976
    9,316
    113
    Microsoft
    වැඩ්ඩා;14323252 said:
    ඒක පිස්සු වැඩක්.... බොදු බල සේනාව කරන සමහර දේවල් මම ඇත්තටම අගය කරනවා... එහෙමයි කියලා හම්බයෝ වගේ කියන කියන හැම එකටම එහෙයි කියන්නේ නම් නැහැ මම.... වැරද්ද වැරද්දක් විදියට දකින්න ඔනේ... බෞද්ධ ප්‍රතිශතය අඩුයි තමයි එහෙමයි කියලා බෞද්ධ දර්ශණයේ තියෙන සමහර දේවල් වලින් පිට පනින්න කැමති නැහැ. බෞද්ධ දර්ශනය අනුගමනය කරන සිංහල කෙනෙක් ලෙසත් මනුස්සකමින් ලෝකය දෙස බලන මනුස්සයෙක් වශයෙනුත් විරුද්ධයි මේ දේට නම්......

    :yes::yes::yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉස්ලාම් ආගමේ ගෘප් සෙක්ස් කරන්න කිව්වට අපිත් ඔව පිලිගන්න ඔනෙද .ඔව හොදයි සත්තුන්ට නම්
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කාම‍ය කියන්නේ ආසාවන් වලට එක ලිංගික කරැණකට විතරක් අදාල නෑ ඔනේම ‍භෞතික ආසාවන් කාමය කියලා හදුන්වන්නේ .
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ නීතිය හොදයි, දැන් ඉන්න ගෑනුත් කැමතියි..
    අපිට ඒක සමජයෙන් තෙරෙනවා,
    මේ බොරු සංස්කෘතිය තියාගෙන ඉදලා වැඩක් නෑ.
    සිංහල ජාතියයි බුද්ධ සාසනෙයි විනාස වෙනවනම්..
    අනික තියන එවුන් කරගත්තම මොක්ද වෙන්නේ..
    ...
    හැබයි ඔක කරන ගියහම
    මහරජා ගෙවන්න වෙන 5000 හෙ බද්ද ඒකට මොක්ද
    ඥානසාර හිමිකියන්නේ. පන්සලේ බැන්දොත් රෙජිස්ටාර් ගාස්තු විතරද? :lol:


    "ඔය ප්‍රශ්නෙට හරි විසදුම නම් ඕක නෙම..
    ත්‍රීසම් දානවට වඩා හොද විසදුමක් තියෙනවා..
    බැඳලා ඉන්න මිනිස්සුන්ට, ලමයි හදන්න ආරථික ශක්තිය දෙන්න..
    පන්සලට මුදල් එනවා වෙනුවට පන්සලෙන් ගමට පවුලට
    සිංහල මිනිහට කීයක් හරි දෙන්න,
    ...
    විවහවන අලුත් සිංහල කපල් වලට උදව්වක් කරන්න.
    රටේ සින්හලු කීදෙනෙන් ඉන්නවද
    කසාද බදින්න සල්ලි නැතුව..
    අන්න ඒ වගේ ලමයි වැඩියෙන් ඉන්න පවුල් හොයලා
    උදව් කරන්න, සල්ලිනෙමේ ආධාර් දෙන්න ද්‍රව්‍යමය.
    නැත්නම් හාමුදුරුවනේ තියෙන එකා හුකයි..
    නැති එකාට හිකිල්ලත් හීනයක් වගේ වෙයි

    "
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඔව් කමල් අයියලා වගේ..හෙල කරුමේ අයට
    බඩු දෙක දෙක තියාගන්නත් පුලුවන්..
    එතකොට රන්චික පණවන ලා හට බොන්ඩේජ් කරන්න
    15 ක් වගේ ලේඩි ස්ලේව් ලා තියාගන්නත් ඇහැක් නේ
    හාමුදුරුවනේ. අවසරයි..!"
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,120
    4,957
    113
    -In Darkness-
    මචන් මම දන්නා දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් මම තේරුම් අරන් ඉන්න විදිහට ඔය සිල් පදයේ තේරුම අපි බොහොම පටුව තමයි විග්‍රහ කරන්නේ.

    කාමයේ වරදවා හැසිරීම කිව්වහම, පුළුල් ලෙස විසිරෙන විෂයයක්. එක ලිංගිකත්වයට විතරක් සිමා වෙන්නේ නෑ.
    උදාහරණයක් විදිහට ඔබ යම්කිසි ආහාරයක් ගැන දැඩි සේ ලොල් බැද, අහාර සදහා ගැනීම කාමයේ වරදවා හැසිරීම යතතට ගන්න පුළුවන් නේද?

    ප.ලි.: මම බහු විවාහයට විරුද්ධයි. අපේ ගෑනි මාව මරයි...:P:P:P
    නෑ නෑ මචං. ඒක සම්පූර්ණෙන් වැරදි අර්ථකතනයක්. තෘෂ්ණාවයි කාමයේ වරදවා හැසිරීමයි කියන්නේ විෂයන් දෙකක් :yes::yes:
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ඓතිහාසික වශයෙන් විප්ලව හා අනෙකුත් ආකාරවල දේශපාලන, සමාජ හා සංස්‌කෘතික අසහන බොහෝ විට සිදුවනුයේ ශක්‌තිමත් වූත් ඉච්ඡාභංගත්වයට පත් ජනගහනයෙන් වැඩි කොටසක්‌ තරුණයන් සිටිනා රටවලය.

    උක්‌ත තත්ත්වය පිළිබඳව ගෝලීය විද්වත් ප්‍රජාව වෙත තවදුරටත් කරුණු පැහැදිලි කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයකු වන පොල් කෙනඩිගේ 21 වැනි සියවසට සූදානම යන අදහස දෙන PREPARING FOR THE 21st CENTURY නමැති කෘතියෙනි.

    අද්‍යතනව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ත්‍රිව්‍ර අවධානයද මේ හා සම්බන්ධ කරුණු ජාලය පිළිබඳව යොමු විය යුත්තේ ඉතා කඩිනමිනි. සමස්‌ත පෘථිවි චිපිට ගෝලයේ අද්‍යතන රාජ්‍යයන් බහුතරයකගේ දැඩි අවධානය උක්‌ත තත්ත්වය පිළිබඳව යොමු වී ඇත්තේ තම ජාතියේ රටේ අනාගතයේ මෙන්ම ඓතිහාසික උරුමයන් පිළිබඳ දැඩි අවබෝධයෙන් යුතුව ඔවුන්ගේ පැවැත්මට අනතුරුදායක නොවන ලෙසය.

    පුරා විද්‍යාව, නූතන පුරාවිද්‍යාව යන විෂයයන් ද්වැයෑම ඇසුරෙන් අපේ උපන් බිමටත් සිංහල ජාතියටත් වසර දහස්‌ ගණනක අඛණ්‌ඩ පෞඩ උරුමයක්‌ ඇති බව ඉතා පැහැදිලිව ඔප්පු කර ඇත.

    නමුත් ජනගහනය වර්ධනය පාලනය පිළිබඳ අප රටක්‌ ජාතියක්‌ වශයෙන් ක්‍රියාකර ඇත්තේ ඉතාමත් අදූරදර්ශීව මෙන්ම සිංහල ජාතියේ අනාගත පැවැත්මට ඉතා අනතුරුදායක ලෙසය.

    ජනගහන වර්ධනය පිළිබඳ විද්වතුන් යුවළක්‌ වන පොල් අර්ලික්‌ සහ ඈත් අර්ලික්‌ විසින් රචනා කොට 1968 දි ප්‍රකාශයට පත් කර ඇති "ජනගහන බෝම්බය" යන අදහස දෙන "THE POPULATION EXPLOSION" නැමැති කෘතියේ විස්‌තර කර ඇත්තේ ජනගහන වර්ධනය නැමැති පෘථිවී පිළිකාව කඩිනමින් ඉවත් කළ යුතු බවය.

    එහි තවදුරටත් සඳහන් වනුයේ ජනගහන වර්ධනය පාලනය නොකළහොත් ඊට ඇති එකම විකල්පය වනුයේ පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ මරණ සංඛ්‍යාව ගණනය කිරීම බවය.

    එසේ වනුයේ දේශපාලන ගැටුම් ජාතීන් අතර ගැටුම්, ආහාර, ජලය, භූමිය මෙන්ම අසමානව බෙදී යන ස්‌වභාවික සම්පත් හා පොදු ජනයාගේ සෞඛ්‍ය තත්ත්වයට සෘජුව අභියෝග කරනා නානාවිධ වසංගත ඇති වීමට තිබෙන ප්‍රවණතාවය ඉතා ඉහළ බැවිනි.

    ඇතැම් ගෝලීය විද්වතුන්ගේ මතවාදයන්ට අනුව මෑත කාලීන ඉතිහාසයේ අපේ රට පාලනය කළ ආණ්‌ඩු විසින්ද මෙම අවශ්‍යතාව පිළිබඳ ක්‍රියාත්මක වී ඇත. ඒ "පුංචි පවුල රත්තරං" යන සංකල්පය යටතේය, එකල දරු උපත් බලය නැති කරගන්නා තරුණ ප්‍රජාවට මුදලින් දිරි දීමනාද ලබාදුන් අතර කාන්තාවන්ට නොයෙක්‌ මාදිලියේ උපත් පාලන ක්‍රම හඳුන්වා දෙන ලදී.

    උතුරු ගෝලීය දියුණු රාජ්‍යයන්වල ජනයා නීති මගින් කටයුතු කර ඒ රටවල අළෙවි කිරීම තහනම් කරන ලද නොයෙක්‌ විධ උපත් පාලන ඖෂධ වර්ග එම නිෂ්පාදකයින් විසින් USAID හරහා 3 වන ලෝකයට නොමිලේ බෙදා හරින ලදී.

    අපේ රටත් ඊට ගොදුරු විය. වසර 30 - 40 ක කාලයකදී භාවිතයට ගැනුණු උක්‌ත උපත් පාලන ඖෂධ වර්ග නිසා අද අපේ ජාතියේ අත්තිවාරම වන කාන්තා ප්‍රජාව, නොයෙක්‌ රෝගාබාධවලට ගොදුරු වී ඇත.

    ඒ අතර පිළිකා මූලිකව කාන්තා ශරීරයට වැළදෙන රෝග රාශියකි. වඩාත් සංවේදී කාරණාව වී ඇත්තේ එම කාන්තාවන්ගෙන් බිහිවුණු අද්‍යතන තරුණ ප්‍රජාවද දරු උපත් බලයෙන් හීන වී නොයෙක්‌ ලෙඩ රෝගවලට ගොදුරු වී තිබීමය.

    නමුත් මෙම රෝගාබාධ මීට වසර 30-40 කට පෙර අපේ වැඩිහිටි පරම්පරාවට නොතිබූ බව ඉතා පැහැදිලිය. සුජනකවාදයට අනුව උතුරු ගෝලීය සුදුහම ඇති ජාතීන් වර්ණවත් ජාතීන්ගේ (කළුහම, කහහම, දුඹුරුහම වර්ණවත් ජාතීන්) උත්පත්ති පාලනය කරණ ආකාරය පිළිබඳ ලියුම්කරු විසින් ලියන ලද සවිස්‌තරාත්මක ලිපියක්‌ 2010 සැප්තැම්බර් 17 වැනිදා දිනපතා "දිවයින" පුවත්පතේ පළවිය.

    අද වන විට අපේ රටේ භූමිය වර්ග කිලෝමීටර් 65610 ක්‌ බව ප්‍රකාශිතය. මෙයින් වාර්ෂිකව යම් ප්‍රමාණයක්‌ මුහුදු කෑමට ලක්‌වේ. සියලු අභියෝග හමුවේ 2001 දී වර්ග කිලෝ මීටර් 01 කට ජනගහනය 300 ක්‌ බවද 2010 දී එම ප්‍රමාණය 319 ක්‌ බවද ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව 2010 මහබැංකු වාර්තාවේ සඳහන් වී ඇත.

    මේ අනුව ඉදිකිරීම්, ජලාශ, ජල මුලාශ්‍ර මඩගොහොරු, වගුරුබිම්, කඩොලාන පද්ධති, වනාන්තර, රක්‍ෂිත මහා මාර්ග, දුම්රිය මාර්ග හා බෑවුම් කලාප අත්හැර ඉතිරි භූමිය අද ජීවත් වන ජනතාවගෙන් මැන බැලීමේදී එක්‌ පුද්ගලයකුට පර්චස්‌ 09 ක්‌ පමණ හිමිවනු ඇත්තේ ඉතා සංකීර්ණ ප්‍රශ්න රාශියක්‌ සිංහල ජාතිය ඉදිරියේ ඇති කරමිනි. සිංහල ජාතිකයන් "පුංචි පවුල රත්තරං" යන මර උගුලට හිරවී නාගරික භූමිය මිලදී ගැනීමට නොහැකිව අර්ථිකව අසරණව සිටිනුයේ වසර දසදහස්‌ ගණනක සිට නොයෙකුත් ආක්‍රමණිකයන්ගෙන් හා මෑත ඉතිහාසයේ පෘතුග්‍රීසින්, ලංදේසීන් හා ඉංග්‍රීසීන්ගෙන් රටත්, ජාතියත් බේරා ගැනීමට තම ලේ දහදිය මෙන්ම දූ දරුවන් ගේ ද, තම දෙමාපියන් ඇතුළු නෑ පරපුරේද පණ නළ අපේ උපන් රටේ අනාගතය වෙනුවෙන් පූජාකර තිබියදීය.

    නමුත් අපේ රටට වසර 500 - 600 පමණ කාලයකට පෙර නොයෙකුත් වෙළෙඳ අවශ්‍යතා වෙනුවෙන් පැමිණි ජාතීන් උක්‌ත උපත් පාලනයට අනුගත නොවී තම ජාතිය නිදහසේ බෝකරමින් සිටිනුයේ කාන්තාවන් 04 දෙනකු නීතියෙන් විවාහ කරගෙන ඉතා සැලසුම් සහගතවය. (මෙම නීතිමය ප්‍රතිපාදනය ආර්ථික හැකියාව තිබෙන පුරුෂයන් පමණක්‌ ක්‍රියාත්මක කරනු ලබයි.) එකී එක්‌ බිරිඳකට දරුවන් 04 දෙනකුනම් එක්‌ පියකුට දරුවන් 16 කි. පියවරු 10 කට දරුවන් 160 කි. ඉංගී්‍රසීන් විසින් 1903 දී බලහත්කාරයෙන් අපේ ජාතියට හඳුන්වා දුන් විවාහ නීතියට අනුව සිංහලයා විවාහ කරගන්නා එක්‌ කාන්තාවට "පුංචි පවුල රත්තරං" වීමෙන් පසුව දරුවන් 2 කි. සිංහල පියවරුන් 10 කට දරුවන් 20 කි.

    විවාහ 04 න් බිහිවන දූ දරුවන් ගෝලීය පුරවැසියන් කරලීමට ආගමික අරමුදල් ක්‍රියාත්මකය. අපේ පියවරුන්ගේ දූ දරුවන් 20 දෙනා 2009 මහ බැංකු වාර්තාවට අනුව දිනක ආදායම රු. 200 අඩු පවුල් සියට 41% නියෝජනය කරන්නේ නම් ඔවුන්ගේ අනාගතය ගෝලීයව නොව දේශීයවද අර්බුදකාරීය.

    එසේ නම් ගෝලීය සිංහල ජාතියක්‌ ඉදිරි දශක 03, 04 දී බිහිකරගැනීමට නම් අප අනාගත පරපුර ගැන සිතා රටේ විවාහ නීතියට පහත යෝජිත පරිදි සංශෝධන ගෙන ඒම ඉතා වැදගත් පියවරක්‌ වනු ඇත.

    තවත් මෙවැනි ලාංකික උදාහරණයක්‌ වනුයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන් තම වෙඩි බලයෙන් සිංහලයන් අපහසුතාවට පත්කර ඔවුන්ගේ ගෝලීය ජාලය හරහා තම සහෝදර ජනයාට ලොව සිසාරා පදිංචි වීමට අඩිතාලම දමා දුන් ආකාරයෑයි. නමුත් එම ක්‍රියාවලියට එකල පැවැති ආණ්‌ඩු අද පවතින ආණ්‌ඩුව මෙන් ගෝලීයව ක්‍රියාකාරී වූ බවක්‌ දක්‌නට නොලැබීමේන් අනාගත පරපුර පැවැත්වූයේ දැවැන්ත අර්බුදයකටය. ගෝලය සිසාරා දේශපාලන හා ආර්ථික වශයෙන් ශක්‌තිමත් දෙමළ ඩයස්‌පෝරාවක්‌ සිටීම බෙදුම්වාදයට හිතකර අතර ජාතියක්‌ වශයෙන් අපට තවදුරටත් එය කළමනාකරණය කරගත යුතු ප්‍රශ්යකි.

    සැබැවින්ම දෙමළ ත්‍රස්‌තයන්ගේ තවත් එක්‌ යුද පෙරමුණක්‌ වූයේ බෙදුම්වාදය අදහන දෙමළ ඩයස්‌පෝරාවයි. ත්‍රස්‌තයන් යුද්ධය සැලසුම් කරද්දී තම ජාතිය ගෝලීයව පදිංචි කරවීමට ක්‍රියාකිරීම ඔවුන්ගේ පාර්ශ්වයෙන් අගනා ජාතික මෙහෙවරකි. එම නිසාම අද්‍යතන ලාංකික දෙමළ ප්‍රජාව ගෝලීය වී ඇත.

    නමුත් නිදහසින් පසු පැවැතුණු කිසිම රජයක්‌ සිංහලයන් තම උත්සාහයෙන් පිටරට පදිංචියට යැමේදී කළ සුවිශේෂී මෙහෙවරක්‌ නම් නැත. අද්‍යතනව හෝ සිංහල ජනතාවට ගෝලය සිසාරා පදිංචි වීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදෙනු සඳහා පහසුකම් සපයන ආයතනයක්‌ හෝ අධිකාරියක්‌ ස්‌ථාපිත කළ යුතුය.

    එමෙන්ම අද්‍යතනව ඉතා ශක්‌තිමත්ව ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ ඩයස්‌පෝරා සමූහය පිළිබඳව ක්‍රියාකිරීමට විදේශ අමාත්‍යාංශයේ වෙනම අංශයක්‌ පිහිටුවීම රටේ අනාගතයට අතිශය වැදගත් වනු ඇත.

    2002 ජොහැන්ස්‌බර්ග්'හි පවත්වන්නට යෙදුණු තිරසර සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුවට බ්‍රිතාන්‍යයේ ABERYSTWYTH UNIVERSITY හි ගෝලීය දේශපාලනය පිළිබඳ කතිකාචාර්ය CARL DEATH විසින් ඉදිරිපත් කරන ලද ONE WORLD COMES TO ONE COUNTRY - "ලෝකයම එකම රටක්‌" නමැති නිබන්දනයෙන් තිරසර සංවර්ධනයේ අදහස්‌ පුබුදුවා ඇත. සැබැවින්ම තිරසර සංවර්ධනයෙන් සමස්‌ථ පෘථිවි ගෝලයම එකම රටක්‌ වන විට සිංහල ජාතියද ලෝකය සිසාරා ව්‍යාප්ත කිරීමට හැකි පමණ ක්‍රියාත්මක විය යුතුය.

    ඒ සඳහා උක්‌ත ආයතනය හෝ අධිකාරිය ස්‌ථාපිත කරලීම අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුරට කළ හැකි අගනා ජාතික මෙහෙවරකි.

    සිංහලයන් තවදුරටත් අනවබෝධයෙන් කටයුතු කළහොත් දෙමළ ඩයස්‌ පෝරාව, මෙන්ම අන්තවාදී ආගමික ආයෝජකයන් විසින් අපේ භූමිය මිලදී ගනු ඇත. ලියුම්කරු විසින් ලියන ලද භූමිය පිළිබඳ සවිස්‌තරාත්මක ලිපියක්‌ 2010 දෙසැම්බර් 28 වැනි දා දිනපතා "දිවයින" පුවත්පතෙහි පලවිය. එම ලිපිය ලියුම්කරු අවසන් කර ඇත්තේ පහත ඡේදයෙනි.

    "රජය සතු හෙක්‌ටයාර් මිලියන 5.50 සහ පෞද්ගලික අංශය සතු හෙක්‌ටයාර් මිලියන 1.07 කෙරෙහි බල පවත්වන පරිදි සියලු ආයතන ඒකාබද්ධ වූ ක්‍රියාශීලී ඵලදායී පරිපාලනයක්‌ සහිතව ක්‍රියාත්මකවන ජාතික ඉඩම් බැංකුවක්‌ ස්‌ථාපිත කිරීම රටේ අනාගතයටත් සිංහල ජාතියටත් ඉතා වැදගත් වනු ඇත" යනුවෙනි. "පුංචි පවුල රත්තරං" යන මර උගුලේ සිරවී සිටිනා 76% ක්‌ සිංහල ජාතිය මෙම තත්ත්වයෙන් මුදා ගැනීමට තවත් වසර 30-40 පමණ කාලයක්‌ සඳහා බල පැවැත්වෙන වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

    මක්‌නිසාද යත් 76% ක්‌ වූ සිංහල ජාතියේ දරු උපත් සිදුවීම ප්‍රතිශතයක්‌ වශයෙන් බැලීමේදී ඉතා පහළ අගයක්‌ ගන්නා නමුත් අනෙක්‌ ජාතින්ගේ බෝවීම ප්‍රතිශතයක්‌ වශයෙන් ඉතා ඉහළ අගයක්‌ ගන්නා බැවිනි. එම නිසා සිංහලයන් ආර්ථික වශයෙන් නැගී සිටිනතුරු සමස්‌ත රටට බලපාන අයුරින් ප්‍රසූත බලපත්‍ර ක්‍රමයක්‌ හඳුන්වාදිය යුතු යෑයි යෝජනා කරමි.

    චීනයේ ජනගහන වර්ධනය පාලනය කිරීම සඳහා එක්‌ ළමයකු එක්‌ පවුලකට ධභෑ ONE CHILD PER FAMILY POLICY 1979 දී හඳුන්වා දෙන ලදී. ඉන් පසුව 1980 දශකයේදී උක්‌ත තත්ත්වය ලිහිල් කර පළමු දරුවා දුවෙක්‌ නම් තම දරුවකු ලබාගැනීමට ඉඩ දෙන ලදී. (DAUGATER ONLY HOUSE HOLD POLICY) එමෙන්ම මෙම ප්‍රමිතිය අපහරණය කරණ පවුල්වල සමස්‌ත ආදායමෙන් 50% ක්‌ සමාජ සුභ සාධනය සඳහා ලබා ගැනීමට නීතිරීති ක්‍රියාත්මක කර ඇත.

    එමෙන්ම නිත්‍යානුකූල උපත් බලපත්‍රයක්‌ (LEGAL BIRTH PERMIT) නොමැතිව දරුවන් ප්‍රසූත කරණ පවුල්වලට එරෙහිවද නීතිය ක්‍රියාත්මකය. සිංහල ජාතිය ඓතිහාසිකව කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සම්බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ඇසුරු කළ උතුම් ගුණාංග සහිත දිරිමත් ජාතියකි.

    ඔවුනට සොබාදහම, විවාහය, දූ දරුවන් රැකබලාගැනීම, සම්පත් බෙදාගැනීම, කාන්තාවන්ට සැලකීම, ජාතින් අතර සමගියෙන් කටයුතු කිරීම ආදී කාරණා සම්බන්යෙන් බටහිර ජාතීන්ට වඩා ඉහළ ප්‍රමිතියකින් යුත් ශික්‌ෂණයක්‌ ඇත.

    නමුත් යටත් විජිතකරණයෙන් පසුව පෘතුගී්‍රසි, ලන්දේසි හා ඉංගී්‍රසි සිරිත් විරිත්වල අබලි කොටස්‌ එකතු කර ඇන්ග්ලෝ ලන්දේසි, රෝම ලන්දේසි නීතියත් මෙන්ම සාමාන්‍ය ඉංගී්‍රසි නීතියත් ඇසුරෙන් 1903 අංක 19 දරණ (සාමාන්‍ය) විවාහ ආඥ පනතේ අපව ජාතියක්‌ වශයෙන් ඉතා ගොරෝසු ආකාරයට හිර කර ඇත. යටත් විජිතයේ වානිජ ඉලක්‌ක සපුරා ගැනීම සඳහා අවශ්‍යය ආකාරයට රට සකස්‌ කර ගැනීමේ වුවමනාවට අනුව විශේෂයෙන් පහත රට සිංහලයන්ට බලපාන පරිදි උක්‌ත විවාහ පනත ක්‍රියාත්මක කරවන ලදී.

    අපේ රටේ දේශපාලන බලය, සාමාජීය අනාගතය දෙස ගැඹුරින් සලකා උක්‌ත පණතට සංශෝධන ගෙන ඒම කාලීනය.

    විවාහය සම්බන්ධයෙන් අපේ රටේ එක්‌ ජාතියකට ලැබී තිබෙන නීතිමය ප්‍රතිපාදන සිංහලයන්ට බල පැවැත්වෙන නීතිය සඳහාද ආදේශ කළ යුතුය. වෙන කවරදාටත් වඩා සිංහල ජාතියේ අනාගතය පිළිබඳ අවධානය යොමු වී ඇති මේ අවධියේදී ගෝලීය මට්‌ටමේ දරු පරපුරක්‌ බිහිකළ හැකි ආර්ථික, සෞඛ්‍යය, සමාජීය හැකියාව තිබෙන ස්‌ත්‍රී/පුරුෂ දෙපාර්ශවයම විවාහ 2-4 ක්‌ ගැනීමට නීතියේ පහසුකම් ඇති කළ යුතුය. උක්‌ත සංශෝධන ගෙන ඒමේදී ආර්ථික, සාමාජීය, සෞඛ්‍ය, පවුල් අතර සමගිය, දූ දරුවන්ගේ අනාගතය පිළිබඳ නිසි ඇගැයීමකින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට හැකියාව වුවමනා තරමටත් වැඩියෙන් ඇත. එමෙන්ම ජාතීන් අතර ගැටුම්, දේශපාලනික අවස්‌ථාවරත්වය, විප්ලව, තරුණ අසහන හා අපේ ජාතියේ අනාගතය ආරක්‌ෂා කරගැනීමට නම් අපේ රටේ ජීවත් වන සියලු ජාතීන්ට පොදුවේ බල පැවැත්වෙන පරිදි ප්‍රසූත බලපත්‍ර "LEGAL BIRTH PERMIT" ක්‍රමයක්‌ හඳුන්වාදිය යුතුය.

    2050 දී ශ්‍රී ලංකාවේ ජනගහනය ස්‌ථාවර වීමේදී අපේ රටට අලුතින් මිනිසුන් ලක්‌ෂ 50 ක්‌ පමණ එකතු වන බව පුරෝකථනය කර ඇත්තේද දරු දෙදෙනාගේ සංකල්පය සාර්ථක වීමෙන් බව ජනගහන පාලනය පිළිබඳ ලිපි ලේඛනවල සඳහන්ය. එසේනම් යෝජිත කරුණු පිළිබඳ කඩිනමින් අවධානය නොකළහොත් එසේ එකතුවන ලක්‌ෂ 50 න් 30 කට වැඩි පිරිසක්‌ සිංහලයන් නොවනු ඇත.

    ඇමරිකාවේ හිටපු උප ජනාධිපති ඇල් ගෝර්ගේ "අර්ත් ඉන් බැලැන්ස්‌"EARTH IN BALANCE'' කෘතියේ සඳහන් වනුයේ ගෝලීය පරිසරය ආරක්‌ෂා කර ගැනීමට හා අනෙකුත් සියලු උපායමාර්ග සඵල කර ගැනීමටත් පෘථිවි ගෝලයේ සියලු රටවල් තිරසාර සංවර්ධනය කරා මෙහෙයවීමටත් අතිශය සංවේදී කාරණය ජනගහන ස්‌ථාවරත්වය බවය.


    දේශප්‍රිය නානායක්‌කාර

    http://www.divaina.com/2011/10/27/feature01.html
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    නෑ නෑ මචං. ඒක සම්පූර්ණෙන් වැරදි අර්ථකතනයක්. තෘෂ්ණාවයි කාමයේ වරදවා හැසිරීමයි කියන්නේ විෂයන් දෙකක් :yes::yes:

    හ්ම්ම්..

    මචන් මම කතාකරන්නේ තෘෂ්ණාව ගැන නෙවෙයි. දැන් කෑම ගැන ගත්ත උදාහරණෙ දී මම අදහස් කරන්නේ අනවශ්‍ය ලෙස දිව පිනවීම. අවසාන වශයෙන් ගත්තහම සියල්ල තෘෂ්ණාවේ කොටස් නම් තමයි. නමුත් දැන් අපි වචනයේ අර්ථයෙන් කාමයේ වරදවා හැසිරීමයි කියන්නේ ලිංගික පිනවීම ගන්නේ.. දැන් ඒක අනවශ්‍ය ලෙස ස්පර්ශයට ලොල් වීමක්. මගේ අදහස තමයි ඔය සිල් පදයෙන් ඇත්තටම අපිව සිමා කරන්න උත්සහ කරන්නේ ඒකට පමණක් නෙවෙයි කියල.. මට හිතෙන විදිහට ඇස, කන, නාසය, දිව ස්පර්ශය කියන පන්චේන්ද්රියම ගැන තමයි මේ සිල් පදයෙන් අදහස් කරන්නේ.

    ඉතින් මම වැරදි වෙන්න පුළුවන්. නමුත් මගේ මේ අර්ථකතනේයෙන් හොදක් මිසක් නරකක් නම් මට වෙලා නෑ..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,120
    4,957
    113
    -In Darkness-
    හ්ම්ම්..

    මචන් මම කතාකරන්නේ තෘෂ්ණාව ගැන නෙවෙයි. දැන් කෑම ගැන ගත්ත උදාහරණෙ දී මම අදහස් කරන්නේ අනවශ්‍ය ලෙස දිව පිනවීම. අවසාන වශයෙන් ගත්තහම සියල්ල තෘෂ්ණාවේ කොටස් නම් තමයි. නමුත් දැන් අපි වචනයේ අර්ථයෙන් කාමයේ වරදවා හැසිරීමයි කියන්නේ ලිංගික පිනවීම ගන්නේ.. දැන් ඒක අනවශ්‍ය ලෙස ස්පර්ශයට ලොල් වීමක්. මගේ අදහස තමයි ඔය සිල් පදයෙන් ඇත්තටම අපිව සිමා කරන්න උත්සහ කරන්නේ ඒකට පමණක් නෙවෙයි කියල.. මට හිතෙන විදිහට ඇස, කන, නාසය, දිව ස්පර්ශය කියන පන්චේන්ද්රියම ගැන තමයි මේ සිල් පදයෙන් අදහස් කරන්නේ.

    ඉතින් මම වැරදි වෙන්න පුළුවන්. නමුත් මගේ මේ අර්ථකතනේයෙන් හොදක් මිසක් නරකක් නම් මට වෙලා නෑ..

    මචං මං මේ කිව්වේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ පොතක තිබ්බ අර්ථ කතනයක්මයි :) :) ඒකයි බයක් නැතිව කිව්වේ උඹ දුන්න අර්ථ කථනය වැරදියි කියලා. උඹ කියන දේ ඇත්ත. ඕනම දේකට ලොල් වෙන්න හොඳ නෑ. දන්නවා ඇතිනේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සිවුරකට ඇළුම් කරලා අන්තිමට ඒ සිවුරේ මැක්කෙක් වෙලා ඉපදුන සිද්දිය. මචං එතනදි භෞතික දේට සිදුවන ඇලීම තමා මචං තෘෂ්ණාව කියන්නේ.උඹ ඔය පටලන් තියෙන්නේ පංච කාම එක්ක. පංච කාම වලට අයත් දෙයක් තමා ඔය ලිංගිකව එකතු වෙද්දි සිද්ද වෙන්නේ. නමුත් එතනදි ඇස,කණ, නාසය,දිව, ස්පර්ෂය කියන සිද්ධි 5ම වෙන නිසා. ඉතින් ටිකක් තේරුම් ගනින් ලිංගිකව හැසිරීම ඇයි විශේෂ වෙන්නේ කියලා. එතනදි වෙන්න පුලුවන් ඔක්කොම කාමයන් සිද්ධ වෙනවා. අනිත් අවස්ථා වල වගේ නෙමෙයිනේ :D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොරැ....බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ බොරැ ......
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    ඕක බොරුවක් බාන්ස් ...අපේ එඋන් නිමග යවන්න වැඩක් ඕක
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    මචං මං මේ කිව්වේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ පොතක තිබ්බ අර්ථ කතනයක්මයි :) :) ඒකයි බයක් නැතිව කිව්වේ උඹ දුන්න අර්ථ කථනය වැරදියි කියලා. උඹ කියන දේ ඇත්ත. ඕනම දේකට ලොල් වෙන්න හොඳ නෑ. දන්නවා ඇතිනේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සිවුරකට ඇළුම් කරලා අන්තිමට ඒ සිවුරේ මැක්කෙක් වෙලා ඉපදුන සිද්දිය. මචං එතනදි භෞතික දේට සිදුවන ඇලීම තමා මචං තෘෂ්ණාව කියන්නේ.උඹ ඔය පටලන් තියෙන්නේ පංච කාම එක්ක. පංච කාම වලට අයත් දෙයක් තමා ඔය ලිංගිකව එකතු වෙද්දි සිද්ද වෙන්නේ. නමුත් එතනදි ඇස,කණ, නාසය,දිව, ස්පර්ෂය කියන සිද්ධි 5ම වෙන නිසා. ඉතින් ටිකක් තේරුම් ගනින් ලිංගිකව හැසිරීම ඇයි විශේෂ වෙන්නේ කියලා. එතනදි වෙන්න පුලුවන් ඔක්කොම කාමයන් සිද්ධ වෙනවා. අනිත් අවස්ථා වල වගේ නෙමෙයිනේ :D:D


    එල..:yes::yes::yes:
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    pala pala boru nokia..... Source please??

    Code:
    http://hirunews.lk/sinhala/51919

    page-1.jpg


    page-2.jpg
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Not a Good Suggestion....I would say ! ! !
    Balla apiwa hapuwa kiyala apita ballawa hapanna baane bro. etakota apitah ballage level ekata watenawa balu wada karanna gihin!
    habayi ithin ballata gamak denna wena practical widihak hoyaganna oane!

    mama harida ?
    bump