කමක් තියෙනවා. මට වඩා උස වෙන්න ඕන.


දන්නවා. ඒක තමයි මම කිව්වෙ හැම දේටම කලින් හොඳ මනුස්සයෙක් වෙන්න ඕන කියලා. හැදියාව කියන එක සාපේශයි තමයි සහෝ. මාත් අපේ සමාජෙ පිලිගන්න ගොඩක් සම්මත දේවල් ඒතරම් පිලිගන්නෙ නැති කෙනෙක්. (අර කලින් ඔයාගෙ ත්රෙඩ් එකේ දාපු දේවල් වගේ. සමාජ සම්මත කාලෙන් කාලෙට වෙනස් වෙනව. දැන් අපිට සීගිරි චිත්ර වල ඇඳපු ඇඳුම් අඳින්න බෑ නෙ. ඒත් ඒ කාලෙ ම්නිස්සු අද මිනිස්සු වගේ වැරදි ඇහෙන් මිනිස් ශරීරෙ දිහා බැලුවෙ නෑ.) මම මේ දේ කිව්වෙ සමාජ සම්මතේ දිහා බලලා නෙවෙයි. මගේ පෞද්ගලික කැමැත්ත. දෙන්නෙක් එකට ඉන්න නම් අදහස් වුවමනාවන් ගැලපෙන්න ඕන. ඉතින් මට හිතෙන්නෙ මගේ හිතන විදියට ගැලපෙන්නෙ ගොඩක් සල්ලි හොයන්න කැමති කෙනෙකුට වඩා ගොඩක් ඉගෙන ගන්න කැමති කෙනෙක්. ඒකයි ඒක කිව්වෙ. හැබැයි වෙන කෙනෙකුට මේක වෙනස් වෙන්න පුලුවන්. මේ මගේ පෞද්ගලික කැමැත්ත විතරයි.
ඒක වෙන්න පුලුවන් අයියෙ. ඒත් අපේ අම්මල වැඩිපුර කැමැති එහෙම. ඒ කියන්නෙ බිස්නස් කරන කෙනෙකුට අකමැති වෙනවාමයි කියන එක නෙවෙයි. කවුරු වුනත් එයාල කැමැති වෙන්න ඉගෙන ගෙන තියන්න ඕන. මම බිස්නස් කරා කෙනෙකුට ඒ තරම් කැමති නැත්තෙ එයාල ගොඩක් වෙලාවට money oriented නිසා. හුඟක් සල්ලි ගැන හිතන එක මට මහ කරදරයක් වගේ දැනෙන්නෙ. ඒ නිසා එහෙම කෙනෙකුට මම කැමති නොවෙන්න පුලුවන්.
ඒක අර සමහරු ලස්සන ඕන කියල තිබුන වගේ පෞද්ගලික කැමැත්තක්. මම රූපෙ ගැන හිතන්නෙ නෑ. ඒත් සමහරුන්ට ඒක ඕන කියල කියල තිබුන නෙ. ඒ එයාල ආස වෙන විදිය. මේ මම කැමැති විදිය.