විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි

විශ්මයජනක ඩයිනෝසරයෙක් හමුවෙයි - හඳුනාගත්තේ වසර පනහකින්


මෙතෙක් හඳුනාගෙන නොතිබූ අරුම පුදුම ඩයිනෝසරයකු සොයාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති. මේ ඩයිනෝසරයාගේ බාහුවක් සොයාගෙන ඇත්තේ 1960 වර්ෂයේ දී ය. ඒ මොංගෝලියාවෙනි. එසේ වුව ද ඩයිනෝසරයා කවර ආකාරය සත්ත්වයකු ද යන්න හඳුනාගැනීමට දශක ගණනාවක් යනතුරු හැකියාව ලැබී නැත.

මේ සත්ත්වයාගේ ඉතිරි අස්ථි කොටස් ද සොයාගත් විද්‍යාඥයන් ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලින් තමන්ට හමුවී ඇත්තේ මෙතෙක් ලොව හඳුනාගෙන නොසිටි අමුතුම ආකාරයේ ඩයිනෝසරය විශේෂයක් බව තහවුරු කරගෙන ඇත.

dia-2.jpg

මේ සත්ත්වයා විශාල හොටයක් හා පිටෙහි යෝධ මොල්ලියක් ඇති කුර සහිත පාද තිබු සත්ත්වයෙකි. අධ්‍යයනයේ පර්යේෂණ ප්‍රධානි කොරියානු භූගර්භ විද්‍යා සහ ඛනිජ සම්පත් විද්‍යායතනයේ යුන්නෙම්ලී පවසන්නේ තම කණ්ඩායම විසින් සොයාගත් අස්ථි කොටස් එකලස්කැර බැලීමේ දී අරුම පුදුම සත්ත්වයකු මැවුණු බවයි.

ශතවර්ෂ භාගයක් යනතෙක් ලොව පුරා විද්‍යාඥයන් දැන සිටියේ අඩි අටක් පමණ දිගැති ශක්තිමත් යටි බාහුවක් සහිත මේ සත්ත්වයාගේ බාහුව අග විශාල නියතුනක් පිහිටි බව පමණි. මේ සත්ත්වයා ඩයිනෝචිරස් මිරිෆකස් ලෙස නම් කැර තිබිණි. භයංකාර අත් යන්න එහි අර්ථය විය. විද්‍යාඥයන් පවසන්නේ නියමගින් ගොදුරු අල්ලාගන්නා ගස්මත එල්ලී සිටින සත්ත්වයකු යැයි සිතන බවයි. කෙසේ වෙතත් මේ සත්ත්වයා ගොදුරු ඇල්ලීමේ ගිජ වුව ද කම්මැලියකු විය යුතුයැයි ද පර්යේෂකයෝ කියති.

මේ සත්ත්වයා මීට 11 ක් හෙවත් අඩි 36ක් පමණ විශාල ටොන් හයක් පමණ බරැති දැවැන්තයකු බව ද ඔවුහු කියති. තාර හොටක් වැනි අවයවයක් සහිත හිසකින් ද පසුපස මොල්ලියකින්ද සමන්විත මේ සත්ත්වයා ගේ කෙටි හා තරබාරු පාද වගුරු සහිත පරිසරයට උචිත ආකාරයෙන් හැඩ ගැසී තිබිණි.

පර්යේෂකයන් අදහස් කරණ්නේ මෙම සතා බොහෝ විට ඉතාමත් සෙමින් ගමන් කල එකෙක් බවත් උදරයේ පිහිටීම අනුව ගස් සහ මත්‍යසන් ආහාර ලෙස ගත් බවත් හෙළිවි තිබේ.

dia-1.jpg

ආචාර්ය යංග් නෙම් ලී පවසන්නේ මොවුනගේ ක්‍රියාකාරකම් ගැන කලින් නොදැන සිටිය මුත් විශාල නිය සමගින් දිග බාහු පාවිච්චි කර ශාක හාරා ගැනීමටත්, එකතුකර ගැනීමටත් හැකියාව තිබූ බව පර්යේෂකයෝ කියති.

පර්යේෂණය ගැන අදහස් දක්වන එංගලන්තයේ රාජකීය පශු සම්පත් කොලීජියේ මහාචාර්ය ජෝන් හචින්ස් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විශ්මය දනවන බවයි.


-Lankadeepa
 
  • Like
Reactions: Real MAN

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කෑප්ටන් Jack Sparrow;17464937 said:
පිස්සු ඔටුවෙක් වගේ නේ බන්. :D

ඔව් බන්, කවුරු හරි ෆන් එකට හදපු එකෙක් වගේ නේද?
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කෑප්ටන් Jack Sparrow;17465162 said:
ඩයිනොසිරෙක් ට පැස්බරෙක්ගේ ඔලුවක් දාල ඔටුවෙක් ගේ පිටක් දාල වගේ බන්.

:yes: වැරදිච්ච එxපෙරිමන්ට් එකක් වගේ
 
:yes: වැරදිච්ච එxපෙරිමන්ට් එකක් වගේ

නෑ බන්, ඒ කාලේ හිටපු ඩයිනොසිරස් හුරතලේට මුන්ව තමයි හදල තියෙන්නේ. දන්නැද්ද ඉතින් ඒ කාලෙත් ක්‍රොස් කරලා නොවැ
 
  • Like
Reactions: Lewke

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කෑප්ටන් Jack Sparrow;17465219 said:
නෑ බන්, ඒ කාලේ හිටපු ඩයිනොසිරස් හුරතලේට මුන්ව තමයි හදල තියෙන්නේ. දන්නැද්ද ඉතින් ඒ කාලෙත් ක්‍රොස් කරලා නොවැ

:rofl: වල් හිත බන් උබලගෙ :P