විශ්වයේ නොවිසදුන අබිරහස්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,939
    113
    Colombo
    විශ්වයේ නොවිසදුන අබිරහස්


    13876176_887106224766161_9133407236381735416_n.jpg

    1. ඊජිප්තු පීරමිඩ කියන්නේ කොහොමත් ඉතින් අභිරහසක්ම තමයි. ඒවා ඇතුලේ තියෙන දේවල් ඊට වඩා අභිරහස්... මේ රූපයත් ඒ වගේ. මේක තියෙන්නේ ‍ඊජිප්තුවේ Dendera වල හාතර් දෙවොලේ. මේ රූප වලින් පෙන්නුම් කරන්නේ යම් ආකාරයක විදුලි බුබුලක් වැනි ව්‍යුහයක් බවයි පැවසෙන්නේ. මේ බල්බ දඟර ගැසුනු වයරයකින් ජෙනරේටරයක් වැනි ව්‍යුහයකට සම්බන්ධ වෙනවා. ඔය බල්බ් එක මැද්දේ සර්පයෙක් වගේ තියෙන්නේ සූත්‍රිකාව නොහොත් ෆිලමන්ට් එක (filament). ක‍්‍රිස්තු පූර්ව ගණන් වල විදුලි බල්බ වගේ තාක්ෂණයක් ගැන ඊජිප්තු වැසියන් දැන සිටියාද යන එක තමයි මෙතන තියෙන අභිරහස...!

    13902832_887106364766147_7183133805338531965_n.jpg

    2. ඉහත කී ඊජිප්තු රූපයට පොඩ්ඩක් එහායින් තමා මේ වස්තු හතර පෙන්නලා තියෙන්නේ. මේ වස්තුන් හතරම පෙරදී මෙන්ම දඟර ගැසුනු වයරයක් වැනි සම්බන්ධකයකින් තවත් එක් ‍පොදු වස්තුවක‍ට සම්බන්ධ වෙනවා. මේ පොදු වස්තුවේ ව්‍යුහය බැටරියකට හෝ එවන් විදුලි සැපයුමකට සමාන බව තමයි පැවසෙන්නේ. ඔය පහතින් තියෙන රූපෙන් පේන්නේ අර වස්තු දෙකක් මැද තිබෙන ගෝලාකාර ව්‍යුහයයි. මෙමගින් යම් ආකාරයක විද්‍යුත් විසර්ජනයක්, නැත්නම් පුලිඟුවක් වැනි යමක් නිරූපණය කෙරෙනවා. මේක මොකක්ද කියන එක තාමත් හොයාගෙන නෑ.

    13680794_887106554766128_7228171844131525431_n.jpg

    3. මේ තවත් ඊජිප්තු පිරමීඩ අභිරහසක්. ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ඔය පීරමීඩ වල තියෙන රහස් උමං ගැන / රහස් කාමර / රහස් දොරටු ගැන කථා... මේ රූපයේ දැක්වෙන්නේ ඒ වගේ අභිරහස් දොරටුවක්. පුදුමේ කියන්නේ තඹ අත් අල්ලු (handles) දෙකකුත් මේ දොරට දාලා තිබුණත් මේක ඇරෙන්නේ තවත් බිත්තියකටමයි...! Rudolf Gantenbrink ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මගින් මේ දොරටුව සොයා ගනු ලැබුවේ UPUAUT 2 නම් රො‍බෝ පාලක උපකරණයක් මගින් ලබාගත් ඡායාරූපයකින්. Cheops නම් පිරමීඩයේ රැජිණගේ කුටියෙන් දකුණු දෙසට වැටුණු විවරය කෙලවර වසා ගෙන සිටින මේ දොරටුව මෑතකදී විවෘත කරනු ලැබුවා. කවුරුත් බලාපොරොත්තු වුනේ පෞරාණික වස්තු සමූහයක් දකින්න වුවත් එතනින් එහා තිබුනේ හිස් බිත්තියක්...! සමහරු නම් කියන්නේ ඒ බිත්තිය, එහා පැත්තේ තියෙන වෙනත් දොරක පිටුපස ප‍ැත්ත කියලා. මේ වගේම දොරටුවක් රැජිණගේ කුටියෙන් උතුරු දෙසට යන විවරය කෙලවරත් තියෙනවා. ප්‍රශ්ණේ තියෙන්නේ හංගන්න දෙයක් නැත්නම් මේවා මොකට මෙච්චර හංගලා හැදුවද කියන එක තමයි

    13886888_887106781432772_3993294844909327535_n.jpg

    4. මේ රූපයෙන් පේන්නේ පැරණි මිටියක නටබුන්. ඩේවිඩ් බෲස්ටර් කියන භෞතික විද්‍යාඥයෙක් විසින් 1844 දී මේක හොයාගෙන තියෙන්නේ වැලිගල් කුට්ටියක් අස්සේ තිබිලා. බ්‍රිතාන්‍ය භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය A.W. මෙඩ් විසින් මේ වැලිගල් කුට්ටියේ කාල නිර්ණය කරන්නට යෙදුනා. දන්නවද කොච්චර පරණද කියලා... අවුරුදු මිලියන 360 ත් 460 ත් අතර ගාණක් මේ මිටිය පරණයි ලු ! ඒ කාලේ කවුද දන්නෑ මේක පාවිච්චි කලේ...!!!

    13876564_887106861432764_8709132123505610944_n.jpg

    5. මේක දැක්ක ගමන් මොකක්ද ඔළුවට එන්නේ. මිනිස් මූණක් කැටයම් කරපු සිප්පි කටුවක්... 1881 දී මේක හොයාගත්ත භූ විද්‍යාඥ H. ස්ටෝප්ස් ට අනුව නම් මේක තිබිලා තියෙන්නේ එංගලන්තයේ රතු ගල් පරයක. පුදුමේ කියන්නේ ඒක නෙවෙයි, මේ සිප්පි කටුව ප්ලියෝසීන යුගයට අයත් එකක් බව තහවුරු වීමයි. තේරුණේ නෑ නේද... මේක අවුරුදු මිලියන දෙකකට වඩා පරණයිලු...!

    13924883_887107021432748_5293272759893259020_n.jpg

    6. ආදී කාලීන ලෙදර් බෝලයක් වගේ නේද පේන්නේ. මේ බෝල ලෙදර් බෝල නොවුනත් ලෝක ප්‍රසිද්ධ ඒවා. මේ ලෝහ ගෝල සොයාගෙන තියෙන්නේ දකුණු අප්‍රිකාවේ Klerksdorp නම් ප්‍රදේශයෙන්. ඔය රූ‍ප සටහනේ තියෙන ගෝලයේ වටේට ඇලි තුනක් කොටලා තියෙන්නේ. ඔය වගේ බෝලත් එක්ක තවත් බෝල ගොඩාක් හම්බවෙලා තියෙනවා ආදී කේම්බ්‍රීය යුගයේ - ඒ කියන්නේ අවුරුදු බිලියන 28 ක් පරණ ඛණිජ නිධියක තිබිලා. මේ සමහර ගෝල වලට අඟල් කාලක් විතර ඝණකම තියෙන තුනී ක‍බොල්ලක් වගේ පිට කට්ටක් තිබිලත් තියෙනවා. ඒත් ඒක යකඩ වලින් සූරන්න බැරි තරමටම දැඩියි. ඔය කට්ට කැඩුනම ඇතුලේ තිබිලා තියෙන්නේ අමුතු ජාතියේ ස්පොන්ජි ව‍ෙග් ද්‍රව්‍යයක්. මේ අමුතු ද්‍රව්‍යය වාතයට නිරාවරණය වුනාම දූවිලි වගේ කෑලිවලට කැඩිලා විසිරිලා යනවා. Klerksdorp කෞතුකාගාරයේ භාරකරු හා පරිපාලක වන Roelf Marx පවසන්නේ ඔහු ප්‍රදර්ශණය පිණිස තබා ඇති ගෝලයට තමා විසින්ම භ්‍රමණය වීමට මෙන්ම පිටතින් එන සෙලවීමකදී එක තැනකම නොසෙල්වී සිටිය හැකි බවයි...! මේ බෝල මොනවාද ? මෙතරම් ඈත අතීතයේදී මෙවැනි ජ්‍යාමිතික නිවරද්‍යතාවයකින් මේවා සෑදුවේ කවුද ? කුමක් සඳහාද යන්න අඥාතයි. මේවා තැනී ඇත්තේ ආගන්තුක ද්‍රව්‍යයකින් බවයි විශේෂඥ මතය වන්නේ.

    13903198_887107284766055_6319070369548502725_n.jpg

    නමින්. මේ පැරණි ස්ඵටිකමය පාෂාණ කුට්ටිය හොයාගෙන තියෙන්නේ ඇමරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ Olancha ප්‍රදේශයෙන්. මෙහි අන්තර්ගත වෙන්නේ ලෝහ හා පිඟන් මැටි (පෝසිලේන්). A රූපයෙන් පෙන්වන්නේ මේ පාෂාණය කොටස් දෙකකට වෙන් කර ඇති ආකාරය. B රූපයෙන් පේන්නේ ඒ කොටස් දෙකේ ඇතුළු පැත්ත. එතකොට C හා D රූප තමයි වැදගත්. මේවායින් පෙන්වන්නේ මේ පාෂාණයේ X කිරණ ඡායාරූපයන්. මේ රූප වලින් පේන්නේ කුප්පියක් වගේ ව්‍යුහයක් ඇතුලේ තියෙන යකඩ දණ්ඩක්. මේක පුදුම සහගත වෙන්නේ මේ පාෂාණ කුට්ටිය අවුරුදු ලක්ෂ පහක් පැරණි වීමයි. ගොඩක් දෙනෙක් මත පළ කරන්නේ මේක පුළිඟු පේනුවක් - ස්පාර්ක් ප්ලග් එකක් කියලයි. අවුරුදු ලක්ෂ පහකට එහා වාහන තියා මනුෂ්‍යයා වත් ලෝකෙට පහළවෙලා හිටියේ නැති එකේ, ඒ කාලේ මොන ස්පාර්ක් ප්ලග් ද ? පුදුමයි නේ...!!!

    13920823_887107588099358_2170849974398423905_n.jpg

    8. ජපානයට අයත් යොනාගුනි දූපත් අසල මුහුදේ ගිලී ඇති මේ අරුම පුදුම ව්‍යුහය තවත් අභිරහසක්. මුහුදු මට්ටමෙන් අඩි 75 ක් ගැඹුරේ පිහිටා ඇති මේ ව්‍යුහය පැහැදිලි ලෙසම මිනිස් නිර්මාණයක් ලෙස හඳුනාගත හැකියි. මෙය අඩි 600 ක් පළලින් හා අඩි 90 ක් උසින් යුතු අතර අවුරුදු 8000 ක් පැරණි බව පැවසෙනවා. මේ වේදිකාමය ආකෘතිය පැහැදිලිවම නගරයක හෝ එවැනි ශිෂ්ඨාචාරයක නටබුන් කියාපානවා. ප්‍රශ්නේ වෙන්නේ මුහුද යටට මේක ගියේ කොහොමද / නැත්නම් මුහුද යට මේක ඉදිකලේ මොකටද කියන එක තමා...!

    13903425_887107851432665_2755859007237001106_n.jpg

    9. මේ පේරු හි Sacsahuaman ගල් බිත්තිය. මේක බිමිනි නම් ස්ථානයේ ඇති ගල් බිත්තිවලට සමාන බවයි විද්වත් මතය. මේක තවත් පුරාවිද්‍යාත්මක අභිරහසක් වෙන්නේ මේ ගල් බිත්ති අයත් වෙන්නේ ආදී කාලීන යුගයට වීම නිසායි. මේ ගල් කුට්ටි එකෙනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ හරිම අමුතු ආකාරයකට. මේ එක එක හැඩයේ විශාල ගල් කුට්ටි මේ විදියට කැපුවේ කොහොමද ? ඒවා මේතරම් නිවැරදිව කෝණ ගණනය කලේ කොහොමද ? මේවා මෙතනට ගෙනල්ලා, උස්සලා එකකට එකක් හරියටම පූට්ටු වෙන විදියට සෙට් කලේ කවුද ? කොහොමද ? මොකටද කියන එක තවමත් ප්‍රශ්ණයක්...! ගල් කුට්ටි හතරැස් වෙන්න කපලා ගානට සෙට් කරන්න පුළුවන්කම තියෙද්දී මේවා එක එක හැඩේට කපාගෙන වැඩේ අමාරුත් කරගෙන නොවැ. ඉන්කා වරුන්ගේ පැරණි ලේඛණවලවත් ‍‍‍මේක ගැන කිසිම සඳහනක් නැති එකෙන්ම මේක හදපු උදවිය කොච්චර ඈත කාලෙක ජීවත් වුනාද කියලා හිතාගන්න පුළුවන් !

    13901303_887107988099318_7273740308772195717_n.jpg

    10. දැක්ක ගමන් පෙනුනේ සිංහ පාදයක් වගේ තියෙන පර්වතය නේද ? මෙතන විශේෂත්වය ඔය පර්වතය නෙවෙයි. මේ රූපේ මැදින් උඩට යන රේඛා දෙකයි. මේ පේරු රටේ ලෝ ප්‍රසිද්ධ නස්කා රේඛා ආසන්නයේ ඇති සලකුණක්. මේ ඉරි දෙක කඳු, නිම්න, මිටියාවත් හරහා කිලෝමීටර් ගණනාවක් ඈතට සමාන්තරව දිවෙන රේඛා දෙකක්. මේ තරම් දිගට - ඒ වගේම සමාන්තරව මේවා ඇන්දේ කවුද ? මොකටද ?

    13906997_887108124765971_3186638543679119783_n.jpg

    11. ඔන්න තවත් පීරමීඩ අභිරහසක්... මේ රූපයෙන් ‍දැක්වෙන්නේ ඊජිප්තුවේ Abydos නම් දේවස්ථානයේ කුළුනක කොටා ඇති මිසර රූපාක්ෂර සමූහයක්. හොඳට බලන්න මේවගේ වෙනසක් තියෙනවද කියලා... ඔය පහළ රූපයෙන් පෙන්වලා තියෙන සලකුණු අතරේ නූතන හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක්, cargo යාත්‍රාවක් හා ග්ලයිඩර් වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් පැහැදිලිවම අඳුනා ගන්න පුළුවන්. මේ රූප ඇත්තටම ඒ දේවස්ථානයේ කොටා ඇති රූප... එතකොට අවුරුදු 3000 කට එහා කාලයේ මේ රූපාක්ෂර බිත්තියේ කොටපු කෙනා ඉහත කිව්ව යානා ගැන දැනගත්තේ කොහොමද ?

    13880402_887108251432625_5867100512913566853_n.jpg

    12. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තවත් අභිරහස් ස්ථානයක අභිරහස් දර්ශණයක්. අහල තියෙනවද ස්කොට්ලන්තයේ කඳුකරයේ පිහිටි නෙස් විල (Loch ness) ගැන. (මේ නෙස් විල කොච්චර අභිරහසක්ද කියනව නම් දැන් ඔය කලින් තියෙන “Loch ness” කියන වචනේ විකිපීඩියා එකෙන් කොපි කරලා මේකේ පේස්ට් කලා විතරයි මුළු මැෂින් එකම ගල් වුනා. ස්ටක්...! අපොයි...!!!) ඔය නෙස් විලේ තමයි අර සර්පයෙක් වගේ දිගම දිග මහ විශාල අද්භූත සත්ත්වයෙක් ඉන්නවා කියන්නේ... මේ උඩ තියෙන ඡායාරූපය ඒ නෙස් විලේ පතුලේ තියෙන අමුතු විදියේ ගල් ගොඩක්. මේ ගල් ගොඩ මීටර 30 ක විතර විශ්කම්භයකින් යුතුයි. විලක් පතුලේ මේ වගේ අමුතු හැඩයක් හිටින්න ගල් දැම්මේ කවුද ? අභිරහසක්ම තමයි.

    13681018_887108431432607_970969725836585486_n.jpg

    13. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුප්‍රසිද්ධ නෙස් විලේ අද්භූත සත්ත්වයා තමයි. මේ ඡායාරූපය 70 දශකයට අයත් එකක්.

    13880216_887108584765925_7989241124620230829_n.jpg

    14. පුරාණ ඊජිප්තු රූපාක්ෂර වලට ලෝකෙ කොහේ තිබුණත් අඳුනාගන්න පුළුවන් අනන්‍ය හැඩයක් තියෙනවා. ලෝකෙ පුරාම එක එක පැරණි ශිෂ්ඨාචාර වල මේ වගේ පැරණි රූපාක්ෂර ක්‍රම භාවිතා වෙලා තියෙනවා. ඒ වුනත් ඊජිප්තු දෙවියෙක් ඕස්ට්‍රේලියාවෙන් හමුවුනොත්...! මේ පහත රූපයෙන් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් හමුවූ රූපාක්ෂර සමූහයක්. සිඩ්නි නුවරට කිලෝමීටර 10 ක් විතර උතුරු දෙසින් ‘දඩයම් නිම්නයේ’ පිහිටි ජාතික වනෝද්‍යානයෙන් තමයි මේවා ‍හොයාගෙන තියෙන්නේ. මෙතන තියෙන 250 ක් විතර වෙන රූපාක්ෂර අතුරින් නොවැරදීම හඳුනාගත හැකි ඊජිප්තු රූපාක්ෂර කීපයකුත් හමුවෙලා තියෙනවා. ඒවායින් පැහැදිලිවම අඳුනගෙන තියෙන එක් රූපයක් තමයි අනුබිස් නම් දේව රූපය. මේ අනුබිස් කියන්නේ පුරාණ ඊජිප්තු දෙවිවරුන් අතර මරණයේ විනිශ්චකාරයා. මේකෙන් හිතාගන්න ඕනේ මොකක්ද ? ඊජිප්තු වැසියන් ඈත අතීතයේදී ඕස්ට්‍රේලියාවට ගියා කියලද ?

    13901391_887109114765872_1322836109401948692_n.jpg

    15. ම්ම්...ම්... මෙන්න නියම අභිරහසක්. ඔය වම් පැත්තේ තියෙන හිස් කබල බැලු බැල්මට වෙනසක් පේන්නේ නෑ නේද ? මේක පේරු රටේ ඉකා ගෝත්‍රිකයන් හා මෙක්සිකෝවේ මෙරිඩා කියන ගෝත්‍රිකයන් අතර තිබුණු හිස්කබල් වලින් එකක්. මේක පෙනුමෙන් නම් නූතන මිනිස් හිස් කබලට සමානයි. ඒත්...! බලන්න දකුණු පැත්තේ රූපය දිහා. අළුපාටට ලකුණු කරලා තියෙන්නේ නූතන මිනිස් හිස් කබලක ප්‍රමාණය. මේ ‘ඔළුව ලොකු’ මිනිස්සුන්ගේ හිස් කබල් වල අක්ෂි කූප (ඇස් කුහර) සාමාන්‍ය ප්‍රමාණයට වඩා 15% ක් විශාලයි. ඒවගේම මේකෙ කපාල ධාරිතාවය ඉතාමත් වැඩියි. මේ ලොකු හිස් කබල් වල උපරිම කපාල ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 3200 ක් හා අවමය ඝණ සෙන්ටිමීටර 2600 ක් ලෙසයි දැක්වෙන්නේ. අපේ කපාල ධාරිතාවය කීයද දන්නවද ? යන්තම් ඝණ සෙන්ටිමීටර 1450 ක් විතරයි. මේ ‘අලි ඔළු’ මිනිස්සුන්ගේ නම් වෙන්න බෑ කියලා විද්‍යාඥයෝ එකහෙලාම කියා සිටිනවා. එතකොට මේවා කාගෙද ඈඃ...?

    13901403_887109564765827_3552535662194740372_n.jpg

    16. මේ රූපය නම් එච්චර පැහැදිලි නෑ හැබැයි. ඒ වුනත් පරිස්සමෙන් බැලුවොත් යම් සටහනක් දකින්න පුළුවන්. ඇල්බාන් කඳුවැටියේ වාසය කලා යැයි සැලකෙන ඔල්මෙක් ගෝත්‍රිකයන් විසින් කැටයම් කලා යැයි සිතිය හැකි මේ රූපයෙන් දැක්වෙන්නේ අවර පෙති සහිත නූතන හෙලිකොප්ටරයකට සමාන ගුවන් යානයක් කියලයි පර්යේෂකයන් නම් කියන්නේ. බලන්න ඔයාලටත් අඳුන ගන්න පුලුවන්ද කියලා...

    13907067_887110081432442_8944926038090143057_n.jpg

    17. මෙන්න මේක නම් මම ආසම වස්තුවක්. තවත් නියමම අභිරහසක්. මේ රත්රන් වස්තුව හමුවෙලා තියෙන්නේ ප්‍රාග්-කොලොම්බියානු සොහොන් ගැබකින්. මේක අවුරුදු 1800 ක් විතර පරණයි කියලා තමයි අනුමාන කරන්නේ. මේක යම් කිසි සත්ත්වයෙක්ගේ අනුරුවත් කියලා මුලින් හිතුවත් පස්සේ මේක ගුවන් යානාවක අනුරුවක් කියලා තහවුරු කරගෙන තියෙනවා. මේක අනුරුවක් වුවත් වායු-ගති විද්‍යාවට (Aero-dynamics) අනුරූප ලෙස විද්‍යානුකූලව තනා තියෙනවා. ඒ වගේම ගුවන් යානයක අඩංගු විය යුතු සියළුම ලක්ෂණ මෙහි අඩංගුයි. අවුරුදු 1800 කට කලින් ජීවත් වුනු අප්‍රිකානුවෝ වායු-ගති විද්‍යා නියමයන් දැනගෙන හිටිය බව මේ නිර්මාණයෙන් ඔප්පු වෙනවා...!

    13935004_887110311432419_459825320259455985_n.jpg

    18. මේ රූපයේ තියෙන්නේ සිතියමක් කියලා පේනවනේ නේද ? Buache සිතියම ලෙස හඳුන්වන මේක පුරාණ ග්‍රීක සිතියමකින් පිටපත් කරගෙන ඇඳලා තියෙන්නේ 1737 දී. මෙතන පෙන්නලා තියෙන්නේ ඇන්ටාර්ක්ටිකාව කියලා අඳුනගන්න පුළුවන් නේද ? හැබැයි අයිස් නැතුව ගොඩබිම විතරයි. අධික ශීතල නිසා මුළු ඇන්ටාර්ක්ටිකාවම අයිස් වලින් වැහිලා තියෙන්නේ. ඇන්ටාර්ක්ටිකාව භූමි කොටස් දෙකකින් යුක්තයි කියන එන භූ භෞතික පරීක්ෂණ ක්‍රම මගින් හොයාගත්තේ 1968 වර්ෂයේදී. ඒත් මේ අවුරුදු 230 ක් පැරණි සිතියමේ ඒ කාරණය නිවැරදිව දක්වලා තියෙනවා. මේක ඊටත් කලින් තිබිච්ච පැරණි ‍ ග්‍රීක සිතියමකින් කොපි කරපු එකක් නිසා ග්‍රීක යුගයේදිත් ඇන්ටාර්ක්ටිකාව කොටස් දෙකක් කියන එක දැනන් ඉඳලා තියෙන්න ඕනෙ. එහෙම නේද ?

    13891836_887110578099059_6766941924179675707_n.jpg

    19. ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර ගැන වගේම දකුණු ඇමරිකානු ගෝත්‍රික ජනයා ගැන ඔයත් උනන්දුවක් දක්වනවා නම් අනිවාර්යයෙන්ම මේ මොනවද කියලා අඳුන ගන්න ඕනෙ. ඔව්... මේ තමයි සුප්‍රසිද්ධ ඉකා පාෂාණ. මේ ගැන ලියනව නම් වෙනම පෝස්ට් එකක් කරන්න වෙනවා. ඒ තරම්ම ආකර්ශණීය මාතෘකාවක්. රයිට්... කෙටියෙන් කියන්නම්... මේ ඉකා පාෂාන කියන්නේ පේරු රටේ ඉකා කාන්තාරයෙන් හමුවුනු රූප කැටයම් කල ගල් කැට සමූහයක්. ආචාර්ය ජාවියර් කැබ්‍රේරා විසින් මේ ගල් කැට දහස් ගණනක් පිළිවෙලින් ලැයිස්තුගත කරලා තමන්ගේ පුද්ගලික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. මේ ගල් කැට වල එක එක අමුතු දේවල් තමයි කැටයම් කරලා තියෙන්නේ. මේවායේ තියෙන කැටයම් වලින් වැඩි හරියක් 18+. ඒක අපිට අදාල නෑනේ... හරි... මේ රූපයේ තියෙන ගල් කැටයමේ දැක්වෙන්නේ හදවත් සැත්කමක් සිදුකරන ආකාරයක්...! පුරාණ දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර වලට කිසිසේත්ම අදාල නැති මේ වගේ අරුම පුදුම සිද්ධි ගොඩක් මේ ගල් කැට වල කැටයම් වෙලා තියෙනවා... මේවා මොකට කෙටුවද කියලා තේරුම් ගන්න අමාරුයි...!


    GIVE SOME +REP:yes::yes:

     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,939
    113
    Colombo


    13935056_887110914765692_2679525156005315580_n.jpg

    20. මමි ගැන නොදන්න කෙනෙක් නෑනෙ. මේක සුවිශේෂී කුරුමිටි මමියක්. ඒවගේම හරිම අද්භූතජනකයි. 1932 වර්ෂයේ ඇමරිකාවේ Wyoming හි කැස්පර් හි සිට සැතපුම් 60 ක් නිරිතදිගින් පිහිටි පේදුරු කඳුවැටියෙන් හමුවූ මේ මමිය අස්වාභාවික ලෙස ප්‍රමාණයෙන් කුඩායි. අඳුරු ලෝකඩ පාට වුන, බොහෝ සේ රැළි වැ‍ටුන මේ මමිය පුරුෂයෙකුගේ බවත්, අවුරුදු 65 ක් පමණ ජීවත් වෙන්නට ඇති බවටත් පර්යේෂකයින් අනුමාන කරනවා. පුදුමෙ කියන්නේ මෙයා ජීවතුන් අතර ඉද්දි උස යන්තන් අඟල් 14 යි ලු...! ඒ ව‍ෙග්ම සජීවී බර කිලෝ පහමාරයි...! මමිය නම් යන්තම් ග්‍රෑම් 350 යි. මෙයාගේ නළල ගොඩක් පාතයි. නාසය පැතලියි, පොඩිවෙලා වගේ. කට පළල් - තොල් තූනීයි. මේ මමිය අයත් මනුෂ්‍යයා පෘථිවිය තුල ජීවත්වන කිසිම මනුෂ්‍ය ආකාරයකටත් වඩා ගොඩාක්ම කුඩායි. පේදුරු කඳුවැටියෙන් ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත්වෙන ආදිවාසීන් පවසන්නේ අතීතයේ මේ ප්‍රදේශය වාසස්ථානය කරගත් මෙවැනි වාමන මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිටි බවයි...!

    13912401_887111131432337_8246756835104206133_n.jpg

    21. දැක්ක ගමන් පේනවා නේද මේ ගල් කුට්ටියේ ප්‍රමාණය. මේ තමයි ලෝකයේ විශාලතම කපන ලද පාෂාණය. පරිමානයට බැලුවම හිතාගන්න පුලුවන් නේ - තට්ටු දෙකේ ගෙයක් විතර උසයි...! මේ හතරැස් ගල් කුට්ටිය තියෙන්නේ ලෙබනනයේ බාබැක් ප්‍රදේශයේ අවුරුදු දහස් ගාණකට පෙර අත්හැර දැමූ ගල් කොරියක. බර... ටොන් 1050 ක් ! අඩි 72 ක් දිගයි ! මොනොලිත් (තනි ගල් කුට්ටිය) ලෙස හඳුන්වන මේ පාෂාණය මේ විදියට කැපුනේ කවුද ? මේක ප්‍රවාහනය කලේ කොහොමද ? නූතන යන්ත්‍ර සුත්‍ර වල ආධාරයෙන් තොරව ආදිකාලීන මනුෂ්‍යයාට මේ තරම් විශාල ගල් කුට්ටියක් හොල්ලන්න වත් බෑ. මේක කපලා අරගෙන යන්න මිනිහෙක් වගේ පස් හය ගුණයක් වත් ලොකු වෙන්න ඕනේ... (මේ මට හිතෙන දේ... පිරමීඩ වලට ගල් කුට්ටි අරන් ගියේ ලෙබනනයෙන්ද දන්නෑ...

    13912729_887111448098972_8936502127026526324_n.jpg

    22. පේරු කියන්නේ ඊජිප්තුව වගේම අති පුරාණ ශිෂ්ඨාචාර කීපයකම නිජබිම. මේ පේරුහි ලෝකඩ දැතිරෝද... කාර්යය අතින් නම් මේවා නූතන ගියර් රෝද වලටම සමානයි. මහාචාර්ය රෆායෙල් ලාර්කෝ හොයිලි පේරු ගැන සිදුකල ඔහුගේ අධ්‍යයනයන් වලදී මේ ගැන පුළුල්ව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අවුරුදු දහස් ගාණක් ඈත කාලේ මේ දැති රෝද හැදුවේ මොකටද කියලා හිතාගන්න බෑ.

    13920877_887111598098957_3688996646541340328_n.jpg

    23. අභ්‍යවකාශ යුගය පටන් ගත්තේ 1950 න් පස්සේ කියලනේ අපි දන්නේ. ඒත් අභ්‍යවකාශ යානා හා ගගනගාමීන්ගේ රූප / ප්‍රතිමා ලෝකය පුරාම තියෙනවා. මේවා ගොඩක් පරණ නිර්මාණයන්. මිනිසා අභ්‍යවකාශය ගැන හීනෙකින් වත් හිතලා නැති කාලේ කරපු නිර්මාණයන්. ඊළඟට පෙන්නන්න යන්නේ ඒ වගේ දේවල් කීපයක්. මේ රූපයේ දැක්වෙන ප්‍රතිමාව යුරෝපයෙන් හමුවූවක්. කීව් හි ගගනගාමියා ලෙස හැඳින්වෙන මේ ප්‍රතිමාවෙන් පුරාණ අභ්‍යවකාශගාමියෙක් නිරූපණය වෙනවා.

    13912358_887112571432193_987290116825153858_n.jpg

    24. ප්‍රාග් ඓතිහාසික ජපන් පිලිරූ දෙකක් වන මේ දෙකම පැහැදිලි ලෙසම ගගනගාමීන් බව හඳුනාගත හැකියි. මේ රූප දෙස හොඳින් බැලුවොත් අභ්‍යවකාශ ගාමීන්ට සුවිශේෂ වූ ඇඳුමත්, ලොකු හිස් ආවරණය විශේෂ අගුලු ක්‍රමයකට ඇඳුම හා සම්බන්ධ වෙන ආකාරයත් පේනවා. වම් පැත්තේ පිළිමයේ ඉන්න ගගනගාමීයාගේ හිස් ආවරණය විශේෂයි. ඒකෙ තියෙන ලොකු ඇස් ආවරණ දෙක පැහැදිලිවම කියා පාන්නේ අධික ආලෝකයෙන් ඇස් ආවරණය කෙරෙන විධික්‍රමයක් මේ පිළිමය නෙළන කාලෙත් දැනන් හිටියා කියන එකයි. ප්‍රාග් ‍‍ඓතිහාසික කාලේ මේ වගේ ගගනගාමී සිතුවිලි ජපනුන්ට කොහෙන් ආවද මන්දා...!

    13921120_887113094765474_5241189902553072449_n.jpg

    25. මේ සුවිශේෂී සුප්‍රසිද්ධ කලා නිර්මාණයක් ලෙස ලෝකයා හඳුනාගත් එකක්. Filippo Lippi නම් චිත්‍ර ශිල්පියාගේ (ඉතාලි ජාතිකයෙක් විය යුතුයි...) ප්‍රසිද්ධ චිත්‍රයක්. "La Madonna e san Giovannino" නමින් හැඳින්වෙන මේ චිත්‍රය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර Palazzo Vecchio හි තැන්පත් කර ඇති අතර මෙය පහලොස්වන ශත වර්ෂයේදී පමණ නිර්මාණය කරන්නට ඇති බව සැලකෙනවා. නිර්මාණයක් ලෙස මේ චිත්‍රය අතිවිශිෂ්ඨ වුවත් මෙය අපට වැදගත් වන්නේ මෙහි ඇති කලාත්මක ස්වාභාවය නිසා නම් නෙවෙයි. ඔයාලට පේනවා ඇති පැත්තකින් විශාල කරලා තියෙන වස්තුව. මුල් චිත්‍රයේ උඩ දකුණුපසට වන්නට පිහිටා ඇති මේ වස්තුව යම්කිසි පියාසර වස්තුවක් බවයි මෙය අධ්‍යයනය කළ විද්වතුන් පවසා ඇත්තේ. ඒක තහවුරු වෙන්නේ මේ පියාඹන වස්තුව දෙස අවධානයෙන් බලාසිටින ආකාරයට සිතුවම් කර ඇති මිනිසෙක් හා බල්ලෙක් නිසා. මේ දෙදෙනා එම වස්තුව දෙස බලා සිටින්නේ එය අහස් තලය හරහා ගමන් කරන බැවින්. ඇයි මේ වගේ සිද්ධියක් මේ චිත්‍රයේ පසුතලයට යොදන්න චිත්‍ර ශිල්පියාට ඇති වුවමනාව ? ප්‍රධාන සිතුවමට පසුතලයෙන් දැක්වෙන කිසිවක් (පියාඹන වස්තුව, මිනිසා හා බල්ලා) මේ සිතුවමට අදාල නැති බවක් හැඟී යයි. ඒ වගේම මේක යම් කිසි ශුද්ධ වූ වස්තුවක් සංකේතාත්මකව දැක්වීමක්ද නොවේ යැයි විශ්ලේශක‍යන් තහවුරු කරලා තියෙනවා. එතකොට අපිට එන්න තියෙන නිගමනය තමයි පිටසක්වල යානාවක් හෝ වෙනත් එවැනි හඳුනානොගත් ආගන්තුක පියාඹන යානාවක් තම චිත්‍රය තුල දක්වන්න මෙහි කතුවරයාට වුවමනා වුනා කියන එක. පහලොස්වන සියවසේදී පෘථිවියට පැමිණි පිටසක්වල යානාවක් මේ ආකාරයෙන් නිරූපනය කලාද දන්නේ නෑ. මේ අමුතු වස්තුව ගැන බොහෝ දෙනෙක්ගේ පැහැදිලි කිරීම ඒක තමයි. මොකද ඒ කාලේ මිනිස් මොලයෙන් හදපු පියාසර වස්තු තිබුණේ නැති නිසා...!

    13920702_887113391432111_4647438369114859473_n.jpg

    26. මේ තියෙන්නේ ලෝකේ පරණම යන්ත්‍රය. සමහරු කියන්නේ ලෝකයේ පැරණිම පරිගණන යන්ත්‍රය කියලා. මේක හඳුන්වන්නේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය (Antikythera mechanism) නමින්. වම් පස ඇති රූපයෙන් දැක්වෙන්නේ මේ යාන්‍ත්‍රනයේ ඉතිරිව ඇති ශේෂයයි. මේ වස්තුව 1990 දී ග්‍රීසියේ ක්‍රීට් දිවයින ආසන්නයේ ඇති ඇන්ටිකිතෙරා වෙරළ තීරයෙන් සොයා ගැනුනා. මේක අයිති වෙන්නේ ක්‍රි.පූ. පළමු සියවසට...! පුදුමයට කාරණයක් වෙන්නේ මේ මුළු වස්තුවම අරුම පුදුම ගියර් පද්ධතියකින් සමන්විත වීමයි. මේ ගියර් පද්ධතිය කොතරම් සංකීර්ණද කිව්වොත් නූතන විද්‍යාඥයින්ටත් මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අසීරු වුනා. පස්සේ පැහැදිලි වුනා මේක එක්තරා විදියක නක්ෂත්‍රමය ගණක යන්ත්‍රයක් කියලා. වර්තමානය වෙන කොට මේ ඇන්ටිකිතෙරා යන්ත්‍රය පැහැදිලි ලෙස ආදර්ශණය කරන්නට හැකියාව ලැබී තියෙනවා. එයින් පැහැදිලි වෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ හිරු, සඳු, පෘථිවිය ඇතුළු ග්‍රහලෝක වල ගමන හා පිහිටීම ආදර්ශණය කිරීම සඳහා මේ යන්ත්‍රය උපයෝගී කරගත හැකි බවයි. ඒ කියන්නේ මීට අවුරුදු දෙදහසකට එහා හිටපු මිනිස්සු අතරත් අපි හිතනවට වඩා හොඳ මොළකාරයෝ ඉඳලා තියෙනවා...!

    13921214_887113524765431_8498313116574382533_n.jpg

    27. ඔයා දන්න උසම මිනිහා කොච්චර උසද ? අඩි 6 ක්... 7 ක්... ? ඊට වැඩි වෙන්නෑ නේද... මම කිව්වොත් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ අඩි 12 ක මිනිහෙක් කියලා...! හිතාගන්න පුළුවන්ද ! ෆොසිලකරණය වුණු මේ යෝධයා සොයාගෙන තියෙන්නේ Dyer නම් තැනැත්තා විසින් 1895 වර්ෂයේ අයර්ලන්තයේ ඇන්ට්‍රිම් ප්‍රාන්තයේ සිදුකල කැනීම් කටයුතු වලදීයි. දකුණු පස ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ස්ට්‍රෑන්ඩ් සඟරාවේ (Strand - ෂර්ලොක් හොම්ස් කියෙව්වා නම් අනිවාර්යයෙන්ම මේ නම අහලා තියෙන්න ඕනෙ...) පළවූ ඒ යෝධයාගේ රූපයක්. මෙයින් පෙන්වා තිබෙන්නේ දිව්‍යමය රථය ලෙස හැඳින්වෙන වැගනය සමඟ මේ යෝදයා සංසන්දනය කිරීමක්. මේ ෆොසිල යෝදයාගේ මිනුම් ගැන කිව්වොත් : සම්පූර්ණ උස - අඩි 12යි අඟල් දෙකයි (3.70 m), පපුවේ වටප්‍රමාණය - අඩි හයහමාරයි (1.97 m), අත්වල දිග - අඩි හතරහමාරයි (1.37 m), බර ටොන් දෙකකට ටිකක් වැඩියි. හරියටම කිව්වොත් කිලෝග්‍රෑම් 2050 යි. ඒවගේම මෙයාගේ එක් කකුළක ඇඟිලි හයක් තිබිලා තියෙනවා. මෙයා කවුද ? කොයි කාලේ කෙනෙක්ද ? මොකද වුනේ කියලා තාමත් හරි නිගමනයක් නෑ. අඩි 12 ක මිනිස්සු දැනුත් හිටියොත්... නියමයි නේද !!!

    13934709_887113674765416_1264965069717935718_n.jpg

    28. ලෙබනනයේ බාබෙක් වේදිකාව ගැන දන්නවාද ? මේක හරිම විස්මයජනක අති පෞරාණික නිර්මාණයක්. මෙහි පාදමේ වර්ගඵලය ආසන්න වශයෙන් වර්ග අඩි මිලියන පහක්...! මේ හෙල්මළුවේ ඇති සුවිශාල ගල් කුට්ටි තුනක් අනෙක් ඒවාට වඩා විශාලත්වයෙන් හා හැඩයෙක් කැපී පෙනෙනවා. මේවා අඩි හැටකටත් වඩා දිගයි. ඒ වගේම පළල අඩි 12 හා 14 ක්. රූපය මැද්දේ රවුමකින් සලකුණු කර ඇත්තේ මිනිසුන් දෙදෙනෙක්. ඒකෙන් හිතාගන්න පුලුවන් නේද බාබෙක් වේදිකාවේ විශාලත්වය. මේක රෝම යුගයටත් වඩා පැරණියි...! ලෝකයේ පළමු ශිෂ්ඨාචාරය බිහිකළ සුමේරියානුවන් පවා බාබෙක් වේදිකාව හඳුන්වා ඇත්තේ අති පැරණි දෙයක් ලෙසයි. ඒ අනුව පැහැදිලි ලෙසම මේක අවුරුදු 4000 – 6000 කටත් වඩා පැරණියි. නමුත් අවාසනාවට කවුරුවත් මේ ගැන විධිමත් පර්යේෂණයක් සිදුකරන්නට උනන්දු වෙන පාටක් නෑ...! (මට හිතෙන්නේ අර කලින් කියපු යෝදයෝ මේක හදලා පාවිච්චි කරන්නැති...)

    13879459_887113748098742_2290441122430295236_n.jpg

    29. කොලොම්බියාවේ බොගෝටා ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මේ ෆොසිලගත මිනිස් අත තවත් අභිරහසක්. පාෂාණයක් මත පැහැදිලිව සඳහන්ව ඇති මේ ෆොසිලයෙන් මිනිස් අතක පහල කොටස හොඳින් හඳුනාගත හැකියි. මේ ෆොසිලය කොච්චර පරණයි කියලද හිතන්නේ. ලක්ෂයක්... දෙකක්, නෑ... මිලියනයක්... කොච්චරද දන්නවද ? මේ ෆොසිලය අවුරුදු මිලියන 100 කට වඩා පරණයි...!!! අවුරුදු මිලියන සීයක් !

    13900330_887113868098730_5190849203202375565_n.jpg

    30. ඒලියන්ලා ගැන උනන්දු නම් වගා වෘත්ත (Crop Circles) ගැනත් අහලා ඇතිනේ... නේද ? මේ තියෙන්නේ ඒ වගේ ලෝ‍ක ප්‍රසිද්ධ වගා වෘත්තයක්. වගා වෘත්ත කියන්නේ ගොවි බිම් වල, වගාවන් මත රටාවකට බෝග කැපීමෙන් හෝ තැලීමෙන්, පෑගීමෙන් යම් කිසි හැඩයක් පෙන්වන ලෙස සිදුකර ඇති නිර්මාණයක්. මේවා හොඳින් දැක ගන්න නම් ගොවිබිම උඩින් බලන්න ඕනේ. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 2002 අගෝස්තු 15 වැනිදා හැම්ප්ශයර් හි වින්චෙස්ටර් ආසන්නයේ පිහිටි ක්‍රැබ්වුඩ් නම් ගොවිපලේ වගාවන් මත ඇඳ තිබූ වගා වෘත්තයක්. මීටර් 100 ක් පමණ දිගැති මේ රූපයෙන් පිටසක්වලයෙකුගේ මුහුණක් හා තැටියක් වැනි හැඩ ඇති වස්තුවක් මත ලියැවුනු පණිවුඩයක් දැක්වෙනවා. මේවා අවධානය ලබාගැනීම පිණිස මිනිසුන් විසින්ම සිදු කරන නිර්මාණ යැයි සමහරුන් පවසන අතර එවැනි වගා වෘත්තද හඳුනාගත හැකියි. එසේ වුවත් අති නිවරද්‍යතාවයෙන් යුතුව මෙන්ම පරිපූර්ණ ජ්‍යාමිතික මිනුම් සහිතව එක් රැයක් තුල මෙවැනි නිර්මාණයක් කිරීමට මිනිසාට හැකියාවක් නෑ...! පිටසක්වල ජීවයක් ඇති බවට කරුණු දක්වන්නන් ඒ සඳහා වගා වෘත්තත් සාක්ෂියක් කර ගන්නවා...

    13902677_887113961432054_4942721756934483192_n.jpg

    31. අං ආපු මිනිස්සු... අපි අද කාලේ අං ඇවිල්ලා කියන්නේ උඩඟු, ආඩම්බරකාර මිනිස්සුන්ට වුනත් ඉස්සර කාලේ ඇත්තටම ඇත්ත අං ආපු මිනිස්සුත් ඉඳලා තියෙනවා. මේ හිස් කබලෙන් දැක්වෙන්නේ එහෙම එකක් තමයි. හිස් කබලේ නළලේ, ඇහිබැමට අඟල් දෙකක් විතර උඩින් තියෙන්නේ ඇත්තම අස්ථි නෙරුම්. මේ හිස්කබල අයත් මිනිසා (ඒ මිනිහෙක් නම්...!) අඩි 7 ක් පමණ උසැති යෝදයෙක් මෙන් හොඳින් වැඩුණු ශක්තිමක් සිරුරක් සහිත අයෙක් බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. මේ හිස්කබල සොයාගෙන ඇත්තේ 1880 දී පෙනිසිල්වේනියාවෙන්. ඒ පැරණි ‍සොහොනක තිබී... මේ හිස්කබල අයත් තැනැත්තා ක්‍රි.ව. 1200 ට ආසන්න කාලයකදී භූමදාන කරන්නට ඇතැයි සැලකෙනවා. මේ මිනිස් හිස්කබලක් නොවන බවත් මිනිස් හා පිටසක්වල ජීවයක දෙමුහුමක් විය හැකි බවත් මේ ගැන මත පල කරන සමහරුන් ප්‍රකාශ කර සිටී...

    13912533_887114064765377_3484179343931289177_n.jpg

    32. පුදුමාකාර කාන්දම් ගලක් ගැනයි මේ කියන්න යන්නේ. මේක තියෙන්නේ ඉන්කාවරුන්ගේ දේශය වන පේරු රටේ. මේ පාෂාණය මත දකුණුපස ඇති රූපයේ පරිදි සර්පිලාකාර කැටයමක් කොටා තිබෙනවා. ඒ මේ ගල හඳුනාගැනීමට විය හැකියි. මේ පාෂාණය උඩ මාලිමාවක් රවුමට කරකවන විට මාලිමාවේ කටුව වටේටම භ්‍රමණය වෙනවා. මේ පාෂාණයේ අන්තර්ගතව ඇති ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් නිසා එසේ මාලිමා කටුව භ්‍රමණය වන බවයි පැවසෙන්නේ. පුදුමේ තියෙන්නේ මේ කාන්දම් ගලේ නෙවෙයි. ඒක උඩ කැටයම් කරපු ඉන්කා වරු කොහොමද මේ ගල කාන්දමක් කියලා දැනගත්තේ...! එහෙම නම් ඒ කාලෙත් චුම්භක ගැන දැනන් ඉඳලා තියෙනවා...


    GIVE SOME +REP

     
    Last edited: