විශ්වය ගැන ඔබ නොදත් දේ…

ELANDARIYA

Junior member
  • Sep 24, 2014
    27
    46
    13
    ජාඇල, පමුණුගම.
    විශ්වය ගැන ඔබ නොදත් දේ…

    m31_gendler_Nmosaic1.jpg

    විශ්වය ගැන ඔබ නොදන්නේ මොනවද?…ඒක නම් මහ මෝඩ ප්‍රශ්ණයක් වගේ..ඇත්තටම විශ්වය ගැන අපි දන්නේ මොනවද?.ඔබ විශ්වය ගැන ගොඩක් දන්නවා වෙන්න පුළුවන් ඒත් ඔබ මෙන්න මේ දේවල් දැනගෙන හිටියාද?
    #1. කිරි සයුර
    nightsky.png

    ඉර බටහිර අහසේ සැඟවුණු සවසක ඔබ අහසේ එක එක විදිහට දිලිසෙන තරු දෙස කවදාහරි බලා ඉන්න ඇති නේද? ඔබට පෙනෙන තරු ගණන ගැන මට සහතිකයක් දෙන්න බෑ. මොකද ඔබට පෙනෙන තරු ගණන ඔබ බලන අහසේ හා පරිසරයේ ස්වභාවයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම එක සහතිකයක් දෙන්නම් ඒ දකින හැම තරුවක්ම අයිති වෙන්නේ ඔබත් මාත් ජීවත් වන ක්ෂීරපථ එහෙමත් නැත්නම් කිරි සයුර චක්‍රාවාටයටයි. නමුත් ඔබ වඩාත් විමසිල්ලෙන් බැලුවොත් අප චක්‍රාවටයට ආසන්න තවත් චක්‍රාවාට එකක් දෙකක් බලන්න පුළුවන්
    #2. මණ්දාකිණි
    galaxies.png

    ඔබ කොතරම් කුඩාද? ඇත්තටම විශ්වයේ සුවිශාලත්වය අත්දකිනතාක් කල් ඔබ කොතරම් කුඩාදැයි ඔබට වැටහෙන්නේ නැති වෙයි.විද්‍යාඥයන් තක්සේරු කරන විදිහට මේ විශ්වයේ මණ්දාකිණි බිලියන 100 කටත් වඩා තියෙනවා.මේ මණ්දාකිණි වල තියෙන තරු ගණන බිලියන 10 ඒවා ට්‍රිලියනයක් පමණ තියෙනවා.ඒ කියන්නේ 1 x 10²² ක් පමණ.මේ තරු ප්‍රමාණය පෘතුවියේ තියෙන මුළු වැලි කැට ගාණටත් වඩා වැඩියි!
    #3. අඳුරු පදාර්ථ
    darkmatter.png

    විශ්වයේ තියෙන සියළුම තරු,මණ්දාකිණි,කළුකුහර වල ස්කන්ධය; විශ්වයේ මුළු ස්කන්ධයෙන් 5% ක් විතරයි.එතකොට ඉතිරිය? විද්‍යාඥයන් අනුමාන කරන්නේ මේ 95% සමන්විත වෙන්නේ අඳුරු පදාර්ථ කියන ද්‍රව්‍යයෙන් බව.හැබැයි අද වෙනකන් මේ අත්භූත ද්‍රව්‍ය ගැන හෝ මේවා තියෙන්නේ කොහෙද කියලාවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.
    #4. මධ්‍යසාරීය අභ්‍යවකාෂ වළාකුළු
    sagb.png

    ඔබට කැමතිද ඔබේම කියලා bar එකක් දාගන්න? ආලෝක වර්ෂ 26 000 ක් දුරින් තියෙන්නේ වුණත් මං හිතන්නේ Sagittarius B තරම් හොඳ තැනක් ඒකට නැති වෙයි.මොකද එහි තියෙන අන්තර්තාරීය වළාකුළු සහ දූවිලි හැදිලා තියෙන්නේ වයිනයිල් මධ්‍යසාර ලීටර බිලියන ගණනකින්! ඇත්තටම මේවා බොන්න බැරි වුණත් ජීවයක ආරම්භය සඳහා මේ කාබනික ද්‍රව්‍ය ගොඩක් වැහ්ඩ්ගත්.
    #5. ඇමරිකාවෙන් හඳටත් ප්‍රහාරයක්!
    nuclear.png

    1950 ගණන් වල ඇමරිකාව මගින් දියත් කෙරුණු A119 කියන ව්‍යාපෘතියේ අරමුණ වුණේ හඳට න්‍යශ්ඨික මිසයිලයක් යවන්න.ඇමරිකානුවන් හිතුවේ ඒ වන විට තිබුණ තියුණු අභ්‍යවකාශ තරඟයේ තවත් අඩියක් ඉස්සරහට තියන්න ඒ මෙහෙයුම උදව් වෙයි කියලා.නමුත් වාසනාවකට වගේ ඒ මෙහෙයුම කවදාවත් ක්‍රියාත්මක වුණේ නැහැ.
    #6. චන්ද්‍ර මායාව
    moonlarge.png

    ඔබට කවද හරි දැනිලා තියනවද ක්ෂිතිජය ළඟ හඳ තියනකොට ඒක නියම ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් විශාල බව? ඇත්තටම ඒක එහෙම නෙවෙයි.ඒක තවත් එක් දෘශ්ඨි මායාවක් විතරයි.ඒකට කියන්නේ ponzo illusion කියලයි.ඇත්තට ක්ෂිතිජයේදී හඳ පෙන්නේ නියම ප්‍රමාණයට වඩා ටිකක් කුඩාවට.ඒත් ඔබේ මොළය එය භාරගන්න කැමති නෑ. ඒ නිසා මොළය හඳ ටිකක් විතර පුම්බලා පෙන්නනවා. මං බොරුනම් කියන්නේ ඊළඟ දවසේ හඳ ලොකුවට පේන කොට අත් දෙකින් හඳ වටේ තියන ඒවා වැහැන්න හඳ විතරක් බලන්න. ඔබටත් ඇත්ත තේරේවි

    #7. හඳ වෙඩි බෙහෙත් ගඳයි..!
    gunpowder.png

    ඇපලෝ මෙහෙයුමේ ගගනගාමින් පවසන ආකාරයට හඳේ තියන දූවිලි සෑහෙන්න මෘදුයි.ඒ වගේම ඒවා වෙඩි බෙහෙත් ගඳයි.මෙහෙම වෙන්න හේතුව නම් විද්‍යාඥයන් තාම හරියට දන්නේ නැහැ.මේ වැලි හැදිලා තියෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ් වලින්.
    #8. විශ්වයේ විශාලම දියමන්තිය
    diamond.png

    2004 වසරේදී විද්‍යාඥයන් විසින් විශ්වයේ මෙතෙක් සොයාගත් විශාලම දියමන්තිය සොයාගත්තා. ඇත්තටම මේක විනාෂ වුණු තරුවක්. ආලෝක වර්ශ 50ක් පමණ දුරින් තියන 4000 කි.මී විතර විශ්කම්භයක් තියන මේ තරුවේ හරය සමන්විත වෙන්නේ කැරට් ට්‍රිලියන ගණනක් වෙන දියමන්තියකින්!
    #9. සිකුරුගේ දවස එහි අවුරුද්දකටත් වඩා දිගුයි
    venus.png

    සිකුරු තම අක්ෂය වටා භ්‍රමණය වෙන්න; සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්න ගතවන කාලයටහ් වඩා වැඩි කාලයක් ගන්නවා.ඒක නිසා සිකුරු මත දවසක් ඒමත අවුරුද්දකට වඩා සෑහැන්න දිගු වෙනවා.

    #10. පාවෙන සෙනසුරු
    saturn.png

    සෙනසුරු ප්‍රමාණයෙන් කොතරම් විශාල වුණත් ඔබ එය වතුර වීදුරුවකට දැම්මොත් කිසිම සැකයක් නැතුව පාවේවි.මොකද කියනවානම් සෙනසුරු වල ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 0.687 ක් පමණයි.ජලයේ ඝණත්වය ඝණ සෙන්ටීමීටරයට ග්‍රෑම් 0.998ක් වෙනවා.ඒත් අවාසනාවකට මෙහෙම සෙනසුරු පාවෙනවා දකින්න නම් ඔබට කිලෝමීටර 120 00 කටත් වැඩි විශ්කම්භයක් තියන වතුර වීදුරුවක් ඕනෑ වේවි.

    #11. පෘතුවියට හඳවල් එකකට වඩා වැඩි ගණනක්..!
    asteroid.png

    ඇත්තටම ඒ ඔක්කොම හඳවල් නෙමෙයි.නමුත් විද්‍යාඥයන් සොයාගෙන තියෙන විදිහට පෘතුවියත් සමඟම හිරු වටා භ්‍රමණය වන ඇස්ටරොයිඩ කිහිපයක් පෘතුවිය වටා තියනවා.

    #12. අභ්‍යවකාෂ කුණු
    spacejunk.png

    පෘතුවිය වටා විවිධ ආකාරයේ වස්තු 8000 ක් පමණ කක්ෂගත වෙලා තියනවා.මින් බොහොමයක්ම වර්ග කර තියෙන්නේ අභ්‍යවකාෂ කුණු එහෙමත් නැත්නම් පැරණි අභ්‍යවකාෂ මෙහෙයුම් වලින් අවකාශයට ඉවත් කල සුන්බුන් ලෙසයි.

    මේ පිලිබඳව තවත් තොරතුරු රැගෙන එන්නම් ඉදිරියේදී... නූල හොඳනම් බම්ප් එකකින් සහායෝගයක් දෙන්න.... :love::love::love: