විශ්වය බිහි උනේ කොහොමද ?

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    විශ්වය බිහි උනේ කොහොමද ?

    විශ්වය බිහි උනේ කොහොමද ?

    බෞද්ද ඉගැන්වීම

    ආරම්බයේදී කිසිවක් නොපැවතුනි . එක නිමේෂයකින් සියල්ල ආරම්බ විය. ක්‍රමයෙන් එක තැනක සිට සම අතකටම පැතිරෙමින් විශ්වය ප්‍රසාරණය වන්නට විය .අවසානයේ එය සියලු ඉඩ කඩ වස ගත්තේය .තාරකාද ග්‍රහලෝකද බිහි විය .ග්‍රහලෝක (ලෝකදාතු ) මත ජීවය බිහිවිය .ජීව ලෝකවල ක්‍රමයෙන් බිහි උ විවිදාකාර ජීව ප්‍රබේද ඇති විය .

    නැවත එලබෙනුයේ විනාශයේ සමයයි. විශ්වය ක්‍රමයෙන් හැකිලෙන්නට පටන් ගන්නේය .දැන් එය හැකිලෙමින් ග්‍රහ ලෝක එකිනෙකට ලං වෙමින් පවතී .අවසානයේ සියල්ල එකිනෙක ගැටී විශ්වයම දවා හළු වී යයි. අනතුරුව එළබෙන්නේ කිසිදු අංශුවක් හෝ නොමැති කාලපරිච්චේදයකි .

    මේ ක්‍රියාවලිය එතෙකින් නොනවතේ. නැවත නැවතත් විශ්වය බිහි වී ප්‍රසාරණය වී එලෙස පවතී, හැකිලී දැවී සුනු විසුනු වී යයි .

    මෙය තව දුරටත් විග්‍රහ කළහොත් සම්පුර්ණ විශ්වයම අවස්ථා 4 ක් පසු කරන බව දැක්විය හැකිය .

    1.විවර්ත වීමේ කාලය (ව්විශ්වය බිහි වේ )
    2.විව්ර්තව පැවතීමේ කාලයයි (විවර්තස්තයි කාලය ) විශ්වය පැතිර ගොස් ඇති අවස්ථාවයි විවිදාකාර ජීවී හා ජීව ලෝක පවතින කාලයයි
    3.සන්වුර්ත වීමේ කාලය. විශ්වය විනාශ වෙමින් හැකිලෙන කාලයයි
    4. සන්වුර්ත කාලය . විශ්වය ද අවකාශයද හැකිලී ගොස් සියල්ලම විනාශ වී අතුරුදන්ව පවතින කාලය

    මෙම කාල සීමා 4 සුත්‍ර පිටකයේ දක්වා ඇත්තේ

    විවට්‍යමාන
    විවට්ටති
    සන්වට්ටමාන
    සන්වට්ටති

    විශ්ව නිර්මාණය ගැන ඇති අනෙකුත් මුලික ඉගැන්වීම්

    *විශ්වය විවර්ත වීම විව්ර්තව පැවතීම සන්වුර්ත වෙමින් පැවතීම සන්වුර්තව පැවතීම යන සිද්දීන් 4 ට සමාන කාල සිමා ගත වේ මේ එක එක සිද්දියක් සදහා ගණනය කල නොහැකි තරම් විශාල කාලයක් ගත වේ

    *විශ්වය තුල විවිදාකාර ජීව ලෝක හා විවිදාකාර සත්වයන් සිටිනුයේ මෙකි දෙවැනි අවදිය තුලයි .විශ්වය හැකිලීමට පටන් ගත විට ක්‍රමයෙන් ජීව ලෝක දැවී හළු වී විනාශ වී යයි

    *මෙලෙස විශ්වයම විනාශ වීම ඇරබුන තෙන් පටන් දෙවියෝ ද උත්සහ දරා බන බාවන කර ධ්‍යාන වති .ඔව්න් එම උත්සාහයෙ බලයෙන් මරණින් මතු විනාශයට හසු නොවන බ්‍රහ්ම තලයන් මත ඉපදීමට සමත් වෙති

    *අපාය වාසි සත්වයෝද අපාය වලින් මිදී ක්‍රමයෙන් ඉහල තලයන් වෙත පැමිණ දැඩි සේ උත්සහ දරා මරණින් මතු විනාශයට හසු වන බ්‍රහ්ම තල වල ඉපදෙටි
    *මෙකි මහා විනාශයට කල්ප විනාශය යයි කියනු ලැබේ .අබස්සර බ්‍රහ්ම ලෝකය සහ ඉන් එපිට ඇති ලෝක කල්ප විනාශයට හසු නොවේ. එබැවින් කල්ප ව්නශයෙන් පසු ආබස්සර බ්‍රහ්ම ලෝකය මත බොහෝ දෙනෙක් වාසය කරති.

    *සමහර අපාය වාසි සත්වයන්ට කල්ප විනාශය තෙක්ම ඉන් ගැලවීමට හෝ බ්‍රහ්ම තල වෙත ලග වීමට අවස්ථාව නොලැබේ. ඔව්න් වෙනත් විශ්වයන්හි ඇති අපාය වල උපති

    විශ්ව නිර්මාණය පිලිබදව තාරක විද්වතුන් දෙයාකාර මත පල කරති .ඉන් එක මතයක් අනුව විශ්වය බිහි උනේ මහා පිපිරුමකිනි . එකී මහා පිපිරුමෙන් (Big Bang Theory) පසු විශ්වය දැනට පවතින තත්වයට ප්‍රසාරණය විය. එය තවමත් ප්‍රසාරණය වෙමින් පවතී. මේ මතය විශ්වය පිළිබද බෞද්ධ ඉගැන්වීමේ මුල් හා දෙවන කොටස නියෝජනය කරයි .විශ්වය පිම්බෙමින් හා හැකිලෙමින් පවතින බව තවත් මතයකි . විශ්ව නිර්මාණය පිළිබද බෞද්ධ මතය සමස්තයක් ලෙස සලකන විට එකී දෙවන මතයට සමානය .විශ්වය පිළිබද ඇති ඉදිරිපත්ව ඇති නවතම මතයක අනුව විශ්වය මහා පිපිරුමකින් ඇති වී ඇත .එකී පිපිරුමේ වේගය නිසා ප්‍රසාරණය ඇති වන අතර අවසානයේ සංකෝචනය ඇරබේ .

    මෙලෙස විශ්වය සංකෝචනයට හේතුව ගුරුත්වාකර්ශනයේ බලපෑමයි .දැනට ලබිඅති හෝඩුවාවන් අනුව විශ්වය පුර අදුරු ද්‍රව්‍ය (Dark Matter) විශාල ප්‍රමාණයෙන් විසිරි ඇත .මෙකි අදුරු ද්‍රව්‍ය වල සහ තාරක වල ගුරුත්වාකර්ෂණ ශක්තිය නිසා යම්කිසි දිනක නැවත හැකිලීමට පටන් ගනු ඇත. අවසානයේ එය සංකෝචනය වී සියල්ල එකිනෙකට ගැටී විනාශ වනු ඇත.

    Last edited:

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    wht is the source?
    ආරම්බයේදී කිසිවක් නොපැවතුනි . එක නිමේෂයකින් සියල්ල ආරම්බ විය. ක්‍රමයෙන් එක තැනක සිට සම අතකටම පැතිරෙමින් විශ්වය ප්‍රසාරණය වන්නට විය .අවසානයේ එය සියලු ඉඩ කඩ වස ගත්තේය
    kalin ida kadak tibba nan mukuth na kiyannae kohamada arambayedi
     
    • Like
    Reactions: smsanjaya

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    wht is the source?
    ආරම්බයේදී කිසිවක් නොපැවතුනි . එක නිමේෂයකින් සියල්ල ආරම්බ විය. ක්‍රමයෙන් එක තැනක සිට සම අතකටම පැතිරෙමින් විශ්වය ප්‍රසාරණය වන්නට විය .අවසානයේ එය සියලු ඉඩ කඩ වස ගත්තේය
    kalin ida kadak tibba nan mukuth na kiyannae kohamada arambayedi
    Man oya thorathuru gaththe pothaka thibila
    Big Bang theory ekai suthra pitakaye athi karunui thama othana thiyenne
    Rachakaya dekama eka gode daala thiyana handa thama ehema penne
    Arambayedi kisivak nopavathuni kiyala thiyenne san vurtha kaalaya visthare thava poddak kiyavala balanna:yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Kelavarak gana nam dannene ne ban

    ekane ban mata danaganna oni onna oka thama......... :confused:
    me parash ne godak gaburu ekak ban.. buduhamuduruwoth kiyala thiyanawa ne mekata uththara hoyanna epa kiyala... eka godak sankeerana deyak wenna athi.. :yes:

    apith nikan loku malu tankiyaka da danne ne innawa aththe...nathnam loku muhudak wage ekaka... :rofl:
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ekane ban mata danaganna oni onna oka thama......... :confused:
    me parash ne godak gaburu ekak ban.. buduhamuduruwoth kiyala thiyanawa ne mekata uththara hoyanna epa kiyala... eka godak sankeerana deyak wenna athi.. :yes:

    apith nikan loku malu tankiyaka da danne ne innawa aththe...nathnam loku muhudak wage ekaka... :rofl:
    Kalpa vinaashayata kalin ihala thala valata yanna bari vana sathvayan venath vishvayan thula uppaththiya labana bava kiyanava. E kiyanne me vishvayata amatharava thavath vishvayan thiyanaava kiyana eka ethakota kelavarak gana hoyana eka bohoma amaaru vedak
     
    • Like
    Reactions: Gouken

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    බෞද්ද ඉගැන්වීම

    ආරම්බයේදී කිසිවක් නොපැවතුනි . එක නිමේෂයකින් සියල්ල ආරම්බ විය. ක්‍රමයෙන් එක තැනක සිට සම අතකටම පැතිරෙමින් විශ්වය ප්‍රසාරණය වන්නට විය .අවසානයේ එය සියලු ඉඩ කඩ වස ගත්තේය

    අනතුරුව එළබෙන්නේ කිසිදු අංශුවක් හෝ නොමැති කාලපරිච්චේදයකි .

    1. විශ්වය යනු තිබෙන හා තිබිය හැකි සියල්ලයි.

    2. බුදුදහමේ රේඛීය චින්තනයක් නැත. "ආරම්බයේදී කිසිවක් නොපැවතුනි" යන්න බටහිර රේඛීය චින්තනයයෙන් ගලා එන අදහසකි.

    බටහිර රේඛීය චින්තනයේදී සියල්ලන්ටම ආරම්භයක් ඇතැයි උපකල්පනය කොට එම ආරම්භය අර්ථ නොදැක්වේ (උදා - විශ්වය දෙවියන් විසින් මවන ලදී නමුත් දෙවියන් මැවූ කෙනෙක් නැත, ලක්ෂය නම් ගණිත සංකල්පය මගින් සරල රේඛාව ආදී සියලු ජ්‍යාමිතික සංකල්ප අර්ථ දක්වන අතර ලක්ෂයට අර්ථ දැක්වීමක් නැත )

    බුදුදහම, වෛදික දහම, හින්දු දහම ආදිය චක්‍රීය චින්තනය අනුව
    හැඩ ගැසී ඇත. බුදුදහමේ විශ්වය ප්‍රසාරණය වෙමින් සහ හැකිළෙමින් පවතී.

    බුදු වන දින තම චුතිඋත්පාද ඥාණය අතීතයට යොමු කළ සිදුහත් තාපසයා දුටුවේ කෙළවරක් නැතිව උපදිමින් සහ මියයමින් සිටින සත්වයන්ය. සංසාරයට ආරම්භයක් නොමැති බව උන් වහන්සේ නිගමනය කළ සේක.

    මෙය විශ්වය සදහාද වලංගුය.

    "අවසානයේ එය සියලු ඉඩ කඩ වස ගත්තේය"

    මින් පැවසෙන්නේ (විශ්වය නැතිව වුවද ) කළින් තිබූ ඉඩකඩක් විශ්වය මගින් වසා ගත් බවයි. මෙය විශ්වයේ අර්ථ දැක්වීමට පටහැණිය.
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0

    1. විශ්වය යනු තිබෙන හා තිබිය හැකි සියල්ලයි.

    2. බුදුදහමේ රේඛීය චින්තනයක් නැත. "ආරම්බයේදී කිසිවක් නොපැවතුනි" යන්න බටහිර රේඛීය චින්තනයයෙන් ගලා එන අදහසකි.

    මින් පැවසෙන්නේ (විශ්වය නැතිව වුවද ) කළින් තිබූ ඉඩකඩක් විශ්වය මගින් වසා ගත් බවයි. මෙය විශ්වයේ අර්ථ දැක්වීමට පටහැණිය.

    "ආරම්බයේදී කිසිවක් නොපැවතුනි" - oya wage sankalpayak athi unu hati buddageme wistara karala tiye. habai eka buddagame piliganne na man danna widiyata.
    eka bramma lokayak tiyenawa. eke jiwinta සංඥා mukuth danenne na. a aya eken chuta wela pruthuwiye ipadunama en samaharak manasa diyunu karala pera aka athmayak dakime hakiyawa labanawa. etakota eyalata penne eyala me loke ipa dunu mohatha. ewelwe tama eyalata mulma සංඥා labune. ethin eyala hitanne okkoma eka mohathakin mukuth nathiwa tibila athi una kiyala. a aya anith ayata tama dakina de kiwwama tama oya wage matawada tiyena agam bihi wela thiyenne
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    1. විශ්වය යනු තිබෙන හා තිබිය හැකි සියල්ලයි.

    2. බුදුදහමේ රේඛීය චින්තනයක් නැත. "ආරම්බයේදී කිසිවක් නොපැවතුනි" යන්න බටහිර රේඛීය චින්තනයයෙන් ගලා එන අදහසකි.

    බටහිර රේඛීය චින්තනයේදී සියල්ලන්ටම ආරම්භයක් ඇතැයි උපකල්පනය කොට එම ආරම්භය අර්ථ නොදැක්වේ (උදා - විශ්වය දෙවියන් විසින් මවන ලදී නමුත් දෙවියන් මැවූ කෙනෙක් නැත, ලක්ෂය නම් ගණිත සංකල්පය මගින් සරල රේඛාව ආදී සියලු ජ්‍යාමිතික සංකල්ප අර්ථ දක්වන අතර ලක්ෂයට අර්ථ දැක්වීමක් නැත )

    බුදුදහම, වෛදික දහම, හින්දු දහම ආදිය චක්‍රීය චින්තනය අනුව
    හැඩ ගැසී ඇත. බුදුදහමේ විශ්වය ප්‍රසාරණය වෙමින් සහ හැකිළෙමින් පවතී.

    බුදු වන දින තම චුතිඋත්පාද ඥාණය අතීතයට යොමු කළ සිදුහත් තාපසයා දුටුවේ කෙළවරක් නැතිව උපදිමින් සහ මියයමින් සිටින සත්වයන්ය. සංසාරයට ආරම්භයක් නොමැති බව උන් වහන්සේ නිගමනය කළ සේක.

    මෙය විශ්වය සදහාද වලංගුය.

    "අවසානයේ එය සියලු ඉඩ කඩ වස ගත්තේය"

    මින් පැවසෙන්නේ (විශ්වය නැතිව වුවද ) කළින් තිබූ ඉඩකඩක් විශ්වය මගින් වසා ගත් බවයි. මෙය විශ්වයේ අර්ථ දැක්වීමට පටහැණිය.
    Eka mama mulin ahapu ekkenukutath kivva Man thorathuru gaththe pothakin rachakaya Big bang theory ekai bubu dahamai dekama eka godata daala liyala thiyenne ekai gata luva
    Anika othana rachakayata ona venne vidyaathmaka sankalpai budu dahamai ekak kiyala oppu karanna
    Samahara kaara na gana rachakayata(nilantha hettige)vadi dura karunu danumak nathi bava pahadili venava nam thama
    Mata ona une vishvaya bilibada sankalpaya budu dahamata anukulava vistharaa vena vidiya dakkavannai mata tthibuna eka source ekak thama oya thava visthara labena labena vidiyata mama eva daannam:D