Originally Posted by
මා හිතවත් සරසවි දූ පුතුනි;
අනාගත ශ්‍රී ලංකාවේ දියුණුව මෙන්ම වගකීමද, භාර ගැනීමට සූදානමින් සිටින ඔබ ඇමතීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම සතුටු වෙමි.

නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල ලබා තීරණාත්මක කඩයිම් පැන සරසවිය තුළ ඔබ අද්දකින බුද්ධිමය සුවතාව නිදහස් අධ්‍යාපනයෙන් උපරිම වරප්‍රසාද ලැබූ පුද්ගලයෙකු ලෙස මම අගය කරමි.

සරසවි ශිෂ්‍යයා නමැති භූමි
කාව අප සමාජය තුළ ගොඩනඟා ගෙන ඇති ප්‍රතිරූපය එදා මෙදා තුර ඉතා සුවිශේෂී වූවකි.

අනතුරුව බිහිවන උපාධිධාරීන් මෙරට ජාතික නිෂ්පාදිතයේ ඉතා තීරණාත්මක භූමිකාවකට උරුමකම් කියන්නකි.

මෙවන් සම්පතක් ඉතා උපරිම ලෙස ආයෝජනය කළ හැකි වැඩ පිළිවෙලක් මම සැලසුම් කරමින් සිටිමි. දහසක් කම්කටොළු මැද වුවද තාරුණ්‍යයේ බුද්ධිමය ආස්වාදය ලබන සරසවි ශිෂ්‍ය දූ පුතුනට ඇති දහසකුත් එකක් දුක් කම්කටොළු මම හඳුනාගෙන සිටිමි.

සිවිල් සමාජය තුළ අනෙකුත් පුරවැසියන් හා සසඳන කල සරසවි ශිෂ්‍යයා යන්න වියුක්ත කොට තැබිය හැකි කුලකයක් නොවේ. නිදහසේ තම අධ්‍යාපය කරගෙන යාමට අවැසි මානව හා භෞතික සම්පත්වල ඌනතාව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි.

මහපොළ හා ශිෂ්‍යාධාර ප්‍රශ්න මෙන්ම නේවාසිකාගාර අර්බුදය වැනි ගැටලු ඔබ වැනි බුද්ධිමය සම්පතක ඵලදායීතාවය හීන කරවන බව මාගේ පිළිගැනීමයි. සරසවිය තුළ නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍යය ශුභ සාධන කටයුතු ඉතා ඉක්මනින් ඉටු කළ යුතු අවශ්‍යතාවක් ලෙස මම හඳුනාගෙන සිටිමි. දේශනශාලා, විද්‍යාගාර, පුස්තකාල පහසුකම්, පරිගණක පහසුකම් ආදිය තවමත් නිසියාකාරව තහවුරු කර නොමැති බව මාගේ අවධානයට ලක්ව ඇත.
එබැවින් එකී සියලු අවශ්‍යතා වෙනුවෙන් අපගේ අය - වැයෙන් සරසවි අධ්‍යාපනයට වෙන්කර ඇති වැය ශීර්ෂ වැඩිකළ යුතු බව මම පිළිගනිමි. මන්දයත් මෙරට ප්‍රබලම සම්පත් අතර ඔබ ඉතාම වැදගත් සම්පතක් බව මාගේ වැටහීම වන නිසාය.
එමෙන්ම නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම පිළිබඳව ඔබ අනියත බියක් ඇතිකර ගත යුතු නැත.



නිදහස් අධ්‍යාපනයෙන් නිර්මාණය වූවකු වශයෙන් එබඳු සාහසික ක්‍රියාවන්ට මගේ කසිඳු අනුමැතියක් හෝ සහයෝගයක් නොලැබෙනු ඇත.



ලෝකය සමඟ අපගේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බව මම දනිමි. දෙවන බසක අවශ්‍යතාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම, අත්‍යවශ්‍යය බව අවධාරණය කිරීමට කැමැත්තෙමි. ලෝකයේ ඕනෑම තැනකට සුදුසු උපාධිධාරියෙකු නිර්මාණය කරගැනීමේ කාර්යයට මෙවැනි අවශ්‍යතා තීරණාත්මක වනු ඇත.

එම නිසා ඉතා සීරුවෙන් ලෝකය අනුගනය කරන නව අධ්‍යාපන ක්‍රමවේදයන් හා ගළපමින් ජාතික සංවර්ධනයේ අවශ්‍යතාවන්ට අනුකූලව නිදහස් අධ්‍යාපනය අර්ථවත් කිරීමේ වැඩසටහනකට මම මුල පුරමි. පසුගිය කාලය තුළ පිළිලයක් සේ වධදුන් රැකියා විරහහිත උපාධිධාරීන්ගේ ප්රශ්නය විසඳමින්

ඔවුන්ගේ ශක්තිය මෙරට ආර්ථිකයට උරා ගැනීමේ වැඩ පිළිවෙලක් මා විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඉදිරියේදීසරසවි තුළින් පිටවන උපාධිධාරීන් රැකියා පෝළිම්වල ලැග තම වටිනා කාලය අපතේ නොහැර රටේ සංවර්ධනය වෙනුවෙන් කැප කරන්නට අවැසි මග නිර්මාණය කරමි. උපාධිධාරියාට සරිලන රැකියාවක් මෙන්ම නිර්මාණශීලී තරුණයාට ඉදිරියට යාමට අවැසි මංපෙත් විවර කිරීමේ ක්‍රමවේද රැසක්ම සැළසුම් කර ඇත. එම නිසා සරසවි දූ පුතුන් වන ඔබ කෙරෙහි මාගේ විශේෂ අවධානය හා සැලකිල්ල යොමුව ඇති බව පවසන්නේ ඉතා වගකීම් සහගතවයි. මෙවැනි තීරණාත්මක මොහොතක එකී කාර්යයන් ඉටුකර ගන්නට ඔබගේ සහයෝගය හා ආශිරවාදය ලබැ දෙන බව මම හොඳින්ම දනිමි.
ඔබට සුබ අනාගතයක්...!
හිතවත්
මහින්ද රාජපක්ෂ