කාලයකට පස්සේ මට එළකිරි අඩවියේ ත්‍රේඩ් එකක් දාන්න හිතුනා..
මැතකදි මට අකමැත්තෙන් වුනත් නිහඩ වෙන්න සිදු වුනා..
කොහොම වුනත් ඒ පරණ කතා මෙතනට මම එක් කර ගන්නේ නැතිව.. කෙලින් ම අද කතා කරන්න යන මාතෘකාවට යන්නම්...
මේ ජිවිතයේදි හැම දෙයක් ම සිදු වෙන්නේ විශ්වාසය මුල් කරගෙනයි.. ඒ විශ්වාසය අපි කොයි විදියට තේරුම් බේරුම් අරන් ජිවත් වුනොත් ද
මේ සමාජයේ අපිට කිසිම කරදරයක් නැතිව ජිවත් වෙන්න පුලුවන් වෙන්නේ කියලා කවුරු හරි මොහොතක් හිතලා බලලා තියෙනවා ද ?
හ්ම්, ඔව්, බොහෝ දෙනෙක් නම් විශ්වාසය මුල් කරගෙනයි එක් එක් පුද්ගලයන් එක්ක ජිවත් වෙන්නේ..
ඒ අතරින් කීයෙන් කී දෙනෙකුට ද ඒ විශ්වාසය කිසිම බේදයක් නැතිව ආරක්ෂා කරගෙන මේ සමාජයේ ජිවත් වෙන්න පුලුවන් වේලා තියෙන්නේ...
විශ්වාසය ගැන කතා කරනවා නම් ඕන තරම් උදාහරණ ගෙන හැර කතා කරන්න පුලුවන් කම තියෙනවා..
ඒත් අද මම උදාහරණයක් හැටියට ආදරය අර ගන්නම්...
හේතුව ආදරය කරන ආදරයේ පහස විද දරාගන්න ආසාවෙන් පෙරුම් පුරාගෙන ඉන්න පිරිස ගේ වැඩි ප්‍රතිශතයක් තියෙන හින්දා..
ආදරය ලබන්න ආදරය වෙනුවෙන් ජිවත් වෙන්න කොයි කවුරුත් කැමති.. ඒ ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ නේ..
ආදරයේදි වුනත් විශ්වාසය මුල් තැන ගන්නවා.. ඒ දේ නම් කොයි කවුරුත් දන්නවා වෙන්න ඇති..
ඒත් සමහරක් උදවිය ආදරය මුල් කාලයේදි සාර්ථක කර ගැනිම වෙනුවෙන් එක් එක් බොරු ඒ ආදරය වෙනුවෙන් ඉදිරිපත් කරන අවස්ථා ඕන තරම් තියෙනවා..
මේ ගැන කියද්දි දැන් ආදරයේ පහස විද දරා ගන්න උදවියට මතක් වෙන්න ඇති ඔව්, මගේ ආදරය වෙනුවෙන් මම කොයි තරම් බොරු කිව්වා ද..
ඒ බොරුව මතක් කරගෙන සමහර වේලාවට මුවගට පොඩි සිනහාවක් එන්නටත් බැරි නෑ...
කොහොම වුනත් ආදරය ලබා ගන්න ඕනෑවට බොරු කිව්වාත් ඒ ආදරය සාර්ථක කර ගත්තාට පස්සේ ඒ බොරුව මතම ජිවත් වෙන්න හොද නෑ..
එහෙම ජිවත් වෙනවා නම් එතන ආදරයක් නෙවෙයි ඇති වේලා තියෙන්නේ වංචාවක්..
අපේ ජිවිතයට ආදරයක් කොයි මොහොතේ, කොයි නිමේෂයේදි වුනත් ඇති වෙන්න පුලුවන් කම තියෙනවා.. උදාහරණයට , පාසැල් අවධියේදි,
පන්ති කාමරයේදි, බස් රිය තුලදි, මංගල සාදයකදි ඒ වගේම අවමංගල සාදරයකදි වුනත් ආදර සම්බන්ධතා ගොඩ නැගෙන්න අවස්ථා තියෙනවා..
දැන් සමහරක් උදවිය ප්‍රශ්ණයක් මතු වෙයි එතකොට ඒ කිසිම ගමණක් බිමනක් යන්නේ නැතිව ආදරයක් ගොඩ නැගෙන්න විදියක් නැද්ද කියලා ,
ඇයි බැරි. තමන්ගේ නෑදැ හිතවතුන්ගේ ගෙවල් වල දි ඒ වගේම සමහරක් උදවිය ගෙදරට එන
ලියුම් බෙදන්නාත් එක්ක වුනත් ආදරයක් ගොඩ නගන්න උත්සහ කරලා තියෙන විත්තිය අපිට ඕන තරම් අසන්න දකින්න ලැබෙනවා..
මේ අතර තව කිහිප දෙනෙක් ඉන්නවා පරිගණකය ඔස්සේ ආදර සම්බන්ධතා තමන්ගේ ජිවිතයත් එක්ක එකතු කර ගන්න දරණ පිරිසක්..
අන්න ඒ පිරිස ගැනයි අද මම කතා කරන්න හිතුවේ..
බොහෝ දෙනෙක් ආදරයේ පහසක් විද දරා ගන්න බැරි වුනාම හිතන්නේ මගේ යම් අඩුවක් තියෙනවා ද.. ඇයි මට කවුරුත් ආදරය කරන්න උත්සහ කරන්නේ නැත්තේ කියලා..
ඒ ප්‍රශ්ණය තමන්ගේ මනසේ දොලනය වෙන හේතුව නිසාවෙන් තමන්ගේ සිත හැම වේලාවේම උත්සහ කරන්නේ ඒ ආදරය කොයි විදියකට හරි ලබා ගැනිමටයි..
නවින ලෝකයාත් එක්ක ජිවත් වෙන නිසාවෙන්, දැන් තමන්ගේ ගෙදර ඉදගෙන අන්තර්ජාලය ඔස්සේ කොයි කා අතරත් මිතු දහමක් එක් කර ගන්න පුලුවන් කම තියෙනවා..
ඒ හින්දා ආදරයේ පහස හරි හැටි තමන්ගේ ජිවිතයට එක් කර ගන්න බැරි වුන බොහෝ දෙනෙක් මේ අන්තර්ජාලයේ පිහිට පතමින් සිටින අවස්ථා ඕන තරම් තියෙනවා..
මම වුනත් මගේ ජිවිතයට ආදරයක් එක් කර ගත්තේ අන්තර්ජාලය ඔස්සේයි..
ඒ ගැන මම මිට කලින් ත්‍රේඩ් එකක් ඔස්සේ කතා කලා මතක ඇති.. නොබලපු අය මෙතනින් යන්න.
අපි ඒ වගේ නොදන්න පුද්ගලයෙක් ගේ ජිවිතයට ඇතුලත් වෙද්දි අපි තේරුම් ගන්න ඕන කරුණු කිහිපයක් ම තියෙනවා..
ඒවා මම එකිනෙක පැහැදිලි කරන්නම්..
මම හිතන්නේ ඒ දේ බොහෝ දෙනෙකුට වැදගත් වෙයි කියලා..
► අපි නොදන්න පුද්ගලයෙක් එක්ක ගණු කරන හින්දා අපේ පුද්ගලික වැදගත් දේවල් බේදා හදා ගන්න එපා.
උදා : තමන්ගේ නිවාසය පිහිටි ස්ථානය, තමන්ගේ පුද්ගලික දුරකථන අංකය යනාදි දේවල්.
► තවත් දෙයක් තමයි අපිට ඇතුලාන්තයේ පෙන දේ නෙවෙයි පිටින් පෙන්නේ ඒ කිව්වේ..උදා : තමන්ගේ නිවාසය පිහිටි ස්ථානය, තමන්ගේ පුද්ගලික දුරකථන අංකය යනාදි දේවල්.
අපි ආශ්‍රය කරන්න උත්සහ කරන්නේ නම බලලායි ඒත් ඒ පුද්ගලයා කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා බලන්න උත්සහ කරන්නේ නෑ.
ඒක බොහෝ දෙනෙක් කරන වැරැද්දක්.. ඒ හින්දා ඒක තේරුම් අරන් ඉන්න මුලින් ම
දැන් කට්ටිය හිතන්න පටන් ගනි කොහොම ද මචන් කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා දැන ගන්නේ කියලා,
ඒක බොහෝ දෙනෙක් කරන වැරැද්දක්.. ඒ හින්දා ඒක තේරුම් අරන් ඉන්න මුලින් ම
දැන් කට්ටිය හිතන්න පටන් ගනි කොහොම ද මචන් කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා දැන ගන්නේ කියලා,
විශේෂයෙන් කරන්න දෙයක් නම් නෑ.. ස්කයිප් ගිණුමට එන්න කියලා ආරාධනා කරන්න.
ස්කයිප් ගිණුමට එන්න ආරාධනා කරන්න බය වෙන්න එපා හේතුව අපිට ඕන නැති චරිතයක් නම්
අපිට ඒ ගිණුමෙන් අයින් කරන්න (බ්ලොක්) පුලුවන් කම තියෙන නිසාවෙන්...
► තමන් කොයි තරම් ලගින් ආශ්‍රය කලාත් තමන්ගේ මනසට ඒ පුද්ගලයා ගැන හෝ තරුණිය ගැන විශ්වාසයක් ගොඩ නැගුන පළියට ඒ පුද්ගලයාගේ
ජිවිතයට එක් වෙන්න උත්සහ ගන්න එපා.. ඒ වගේම තමන්ගේ අනාගතය ගැන හින මවන්න හිතන්න උත්සහ කරන්නත් එපා..
තමන් ඒ පුද්ගලයා ව අපේ ජිවිතයට එක් කරගෙන ආදරයක් කරන්න පටන් ගන්න හිතනවා නම්.. අපි ඒ පුද්ගලයාගේ වයස ගැන දැන හදුනාගෙන ඉන්න..
ආදරයේදි වයස ඒ තරම් බලපාන්නේ නෑ නම් තමයි ඒත් මම දැන හදුනාගෙන ඉන්න කිව්වේ..
සමහර විට ඒ පුද්ගලයා වෙනත් පවුල් ජිවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙන්නත් බැරි නෑ..
► බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි පළවෙනි පාරට චැට් කරන්න පටන් ගත්තාම පැය බාගයක්
යන්නත් කලින් ම ඒ පුද්ගලයාගේ හෝ ඒ තරුණියගේ පින්තුරය ඉල්ලන්න පටන් ගන්න උත්සහ ගන්නවා..
ඒක සම්පුර්ණ වැරදි ක්‍රියාවලියක්, කොයි කවුරුත් පැය බාගයකට කලින් තමන්ගේ ජිවිතයට එක් වුන පුද්ගලයෙක්
තමන්ගේ පින්තුරය ඇහුව පලියට දෙන්න උත්සහ කරන්නේ නෑ. ඒ හින්දා ඒ බොළද ඉල්ලිම ඉල්ලන්න උත්සහ නොකරන්න..
► පෙනුමට වඩා මුල් තැන දෙන්න ඕනේ ඒ චරිතයේ ගති ලක්ෂණ වලට ඒ කිව්වේ සිතුම් පැතුම් වලට..
පෙනුම කොයි තරම් හොදට තිබ්බාත් ඒ පුද්ගලයාගේ හෝ තරුණියගේ ක්‍රියා කලාපය හරි නැත්නම් අපිට කොහොමත්
ඒ චරිතය අපේ ජිවිතයට එක් කර ගත්තාම අපේ ජිවිතයේ සාර්ථකත්වයක් අපිට ගොඩ නගා ගන්න විදියක් නැති වෙනවා..
මම මේ දේ කිව්වේ ආදරයක් අපෙක්ෂා කරන අපේ සහෝදර සහෝදරියන්ට.. මිත්‍රත්වයක් ගොඩ නගන්න හිතුවා නම් ඒක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
► මේ අතර පින්තුරය බලන්නේ නැතිව ආදරය කරන උදවියක් ඉන්නවා නේ.. ඒ උදවියට සමහර වේලාවට දෙන්නා ගැන හොද වැටහිමක් ගොඩනැගුනාම..
ඒ අය දවසක කොයි මොහොතේ හෝ හමු විමට තිරණය කර ගන්නවා..
හමු විම ප්‍රශ්නයක් නෑ. ඒත් බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි ඒ චරිතය හමුවෙන්න යන්නේ තනියෙන්.. ඒක සම්පුර්ණ වැරදි ක්‍රියාවලියක්..
අපි කොයි තරම් හොදට කතා බහ කරගෙන මේ සමාජයත් එක්ක ජිවත් වුනත් ඒ පුද්ගලයාගේ මනසේ තියෙන සිතුවිලි අපිට එළියට පෙන්නේ නෑ..
ඒ හින්දා අපි දැන ගන්න ඕනේ , ඒ වගේ හමු වෙන්න යනවා නම්.. තමන් දන්න කියන හොද විශ්වාසයක් තියෙන මිතුරෙකු සමග යන්න..
එතකොට අපිට කිසිම විදියකින් බය විමට අවශ්‍ය වෙන්නේ නෑ.
► මේ අතර ඒ විදියට හමු වෙන්න බැරිව ගෙදරට කොටු වේලා ඉන්න චරිත ඕන තරම් ඉන්නවා.. ඒ අය හිතයි මට එහෙම යන්න බැරි නම් අපිට හමු වෙන්න විදියක් නැද්ද කියලා..
නෑ, ඒ අයටත් පුලුවන්.. ඒත් ඒ අයට යම් ක්‍රියා කලාපයක් ඉටු කරන්න වෙනවා ඒ අය ගෙදරට කොටු වේලා තියෙන හින්දා.
ඒ මොකක් ද කියනවා නම්.. තමන්ගේ ජිවිතයට ඒ එක් වුන පුද්ගලයා ගැන ( විශේෂයෙන් ගෙදරට කොටු වේලා ඉන්නේ තරුණියන් හින්දා ඒ අයට මේ දේ වැදගත් වෙයි.. )
ගෙදර උදවියට කියලා තියෙන්න ඕනේ.. අනේ මට එහෙම කරන්න බෑ.. අපේ දෙමව්පියන් සැරයි නේ කියලා දුක් වුනා නම් තමන්ගේ ජිවිතයට ඒ වගේ ආදරයක් ගොඩ නගා ගන්න බැරි වෙයි..
සාමාන්‍යයෙන් ගැහැණු උදවිය කොහොමත් තාත්තාට ආදරෙයි අම්මාට ආදරය දැක් වුවාට තාත්තාගෙන් ලැබෙන ආදරයටයි වැඩිපුරම කැමති..
ඒ අතර අම්මාව තමන්ගේ බෙස්ට් ෆ්‍රේන්ඩ් කෙනෙක් හැටියට හදුනාගෙන ආශ්‍රය කරන තරුණියන් වුනත් ඕන තරම් ඉන්නවා මේ සමාජයේ.. ඉතින් මේ සම්බන්ධය ගැන කියලා තියන්න ගෙදර උදවියට..
තමන්ගේ අම්මාටයි තාත්තායි කියන්න බැරි නම් තමාගේ අයියාට මේ දේ කියලා තියන්න..
නංගිලා මල්ලිලාට කියලා මේ ප්‍රශ්නයෙන් පැනලා යන්න උත්සහ නොකරන්න.. දැනුම් තේරුම් තියෙන කෙනෙක් ට කියලා තියන්න..
► ඒ පුද්ගලයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නම්.. ඒ පුද්ගලයාත් තමන් කරෙහි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලා ඔබට වැටහෙනවා නම්..
තව දුරටත් කල් අරින්නේ නැතිව ඒ පුද්ගලයාට කියන්න තමන්ගේ නිවසට ඇවිත් මේ සම්බන්ධය ගැන කතා කරන්න කියලා..
එතකොට පදුරු ගානේ මුහුදු වෙරළ අයිනේ කුඩයක් යට ලෝකයාට බයෙන් හැංගි හොරා ආදරය කරන්න ඕන වෙන්නේ නෑ..
ඒ වගේම ඒ පුද්ගලයා තමන්ව රවට්ටන්න හිතාගෙන හිටියා නම්.. ඒ දේ වලින් වැලකි ඉන්නත් බැරි කමක් නෑ..
කොහොමත් ගෙදරට එන්න කියන්නේ ඕනේ තමන්ගේ දෙමව්පියන් ඉන්න අවස්ථාවේදි නැති අවස්ථාවේදි නෙවෙයි..
එතකොට දෙමවිපියන් මේ පුද්ගලයා ගැන හොයා බලන්න කටයුතු කරයි..
මේ ගැන හරියට දැනුම් තේරුම් නැතිව ජිවත් වෙන උදවිය ඉන්න හින්දායි.. මේ සමාජයේ අපිට ඕන තරම් අපචාර ලිංගික අතවර වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නේ..
ඒ වගේම නිසි වයස එන්නටත් කලින් ගබ්සා කිරිම් වගේ දේවල් වලට වුනත් බොහෝ දෙනෙක් පෙලඹෙන්න උත්සහ කරන්නේ..
ඇත්තටම මේ වගේ දේවල් අපි සුළු කොට හිතුවාත් අපේ අනාගතය අදුරු වෙන්න මේවා එක් සාධකයක්..
දැන් කට්ටිය මාත් එක්ක ඕනේ නම් වාද කරයි මචන් ඒ කෙල්ල ලිංගික එක් වෙන්න කැමති නම් ප්‍රශ්නයක් නෑ නේ කියලා..
ඔව්, ඒක නම් සාධාරණයි.. ඒත් එහෙම තර්ක කරන කවුරු හරි මොහොතක් හිතලා බලලා තියෙනවා ද..
තමන්ට සහෝදරියෙක් හිටියා නම්.. ඒ සහෝදරි මේ වගේ නාදුනන පිරිසක් එක්ක රැවටිමට ලක් වේලා තමන්ගේ ජිවිතය අදුරු කර ගන්නවාට..
හ්ම්, ඔව්, කවුරුත් ඒ දේට කැමති වෙන්නේ නෑ කියන එක කාටත් බයක් නැතිව කියන්න පුලුවන් කම තියෙනවා...
දැන් සමහරු හිතන්න පුලුවන් මේ වගේ රැවටිම් වලට ලක් වෙන්නේ නුගත් පිරිසක් විතරයි කියලා.. නෑ..
උගත් දැනුම් තේරුම් තියෙන උදවිය වුනත් මේ වගේ දෙවල් වලට ලක් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා..
තමන්ගේ ජිවිතයට ආදරයක් ලබා ගැනිමට ඕනෑම කැපකිරිමක් කරන්න බොහෝ තරුණියන් සුදානම්..
ඒ කැප කිරිම් තමන්ගේ ජිවිතයට කොයි තරම් බලපානවාද කියලා ඒ අය හිතන්න සුදානම් නෑ..
ඔන්ලයින් එකේ ආදරය කෙසේ වෙතත් යාළු මිත්‍රත්වයක් ගොඩ නගන්න ඒ දේ අපේ ජිව්තයට වැදගත් වෙයි..
ඒත් ආදරයක් හොයනවා නම්.. ඒ ආදරය හරියට වටහාගෙන ඒ දේ කියන්න උත්සහ කරන්න...
මම හිතනවා අද මම මේ නිර්මාණය කරපු ත්‍රේඩ් එකෙන් බොහෝ දෙනෙක්ට සාධාරණක් ඉටු වෙන්න ඇති කියලා..
මම මගේ අදහස් එක් කලා ඒත් ඒ දේ ට අමතරව ඔගොල්ලන්ට ඕන තරම් අදහස් තියෙන්න පුලුවන්.. ඒවාත් මේ ත්‍රේඩ් එක ඔස්සේ බේදා හදා ගන්න..
ඒ හැම අදහස් වලටම මම පුලුවන් තරම් පිළිතුරු දෙන්න උත්සහ ගන්නම්..







