විශාඛා විදුහල්පතිනියගේ රාස්ස රැස් බහී: ක&#3548

henryt

Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    විශාඛා විදුහල්පතිනියගේ රාස්ස රැස් බහී: ක&#3548

    විශාඛා විදුහල්පතිනියගේ රාස්ස රැස් බහී: කොමිසම ඉදිරියේ හඬා වැටේ: අබාධිත දැරියට සාධාරණය ඉටු වේ

    Vishaka_Student_abadhitha.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.22, ප.ව.2.30) පසුගිය අප්‍රේල් 8 වෙනිදා ලංකා ඊ නිව්ස් විසින් “ආබාධිත දැරියක් මරාගෙන කන්න හදන විශාඛා බාලිකාවේ කර්නල් රාස්සියක්..!“ නමැති ප්‍රවෘත්තියෙන් හෙලිකළ අකටයුත්ත නිවැරදි වී තිබේ.
    අැවිද ගත නොහැකි විශාඛාවේ දියණියකට කුරිරු අන්දමින් එහි විදුහල්පතිනිය සැලකූ අතර ඇයට යා ගත නොහැකි තුන්වන මහලට ඇයගේ පන්තිය ගෙන ගිය පසු ආබාධිත දියණියට පහත මාලයක පහසුකම් සපයන්නැයි දෙමාපියන් ඉල්ලා සිටියදී විදුහල්පතිනිය කනකට නොගෙන සිටියා ය. දෙමාපියෝ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අතර ඊයේ එම පැමිණිල්ල විභාගයට ගත්තේය.
    එහිදී විශාඛා විදුහල්පතිනිය සඳමාලී අවිරුප්පොල තමා රාස්සියක් නොවන බව කියමින් කොමිසමේ නිලධාරීන් ඉදිරියේ හඬා වැටින. අවසානයේ අබාධිත දියණියට පහත මාලයේ පන්ති කාමරයක් සකසා දීමටත්, එක් වාරයක් පාසැල් ගමන අවහිර වූ සිසුවියගේ කඩා කප්පල් වූ අධ්‍යාපනය යලි ගොඩ නගා දීමටත්, මේ සිදුවීම මත සිසුවියගෙන් පළි නොගෙන සිටීමටත් මානව හිමිකම් කොමිසමේදී ලිඛිතව පොරොන්දු වූවා ය.
    කොමිෂන් සභාවට පැමිණීමට පෙරම දෙමාපියන් ඉල්ලා සිටි මේ සාධාරණ ඉල්ලීම් ඉටු කළා නම් දෙපාර්ශවයටම මෙවැනි කරදරයක් වන්නේ නැහැ නොවේදැයි කොමිසම විසින් විදුහල්පතිනියගෙන් විමසා සිටියේ ය.
    කොමිෂන් සභා විභාගයට දියණියගේ දෙමාපියන් මෙන්ම ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාද පැමිණ සිටි අතර ස්ටාලින් මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේ මෙවැනි සිසු දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශණයක් අධ්‍යාපන බලධාරීන්ට නිකුත් කරන ලෙසයි.
    ලංකා ඊ නිව්ස් විසින් හෙළි කළ පළමු ප්‍රවෘත්තියේදී විශාඛා විදුහල්පතිනි සඳමාලී අවිරුප්පොල ‘කර්නල් රාස්සියක්‘ ලෙස හැඳින්වීම ගැන කිපී ඇය ලංකා ඊ නිව්ස් වෙත අමු තිත්ත කතාවෙන් බැන වැදී තිබිණ. කෙසේ වෙතත් ඇයගේ රාක්ෂ ගතිගුණ අඩුවී යහපත් සිතුවිලි පහළ වීම ගැන අප සතුටු වෙමු. ලංකා ඊ නිව්ස් පුවත පළවීමෙන් පසුව විදේශ ගත ශ්‍රී ලාංකිකයන් (වෛද්‍යවරුන්ද ඇතුළුව) එම දෙමාපියන් වෙත දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ස්තූති කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නා බව දෙමාපියෝ ලංකා ඊ නිව්ස් වෙත පැවසූහ.





    Previous Post.
    ආබාධිත දැරියක් මරාගෙන කන්න හදන විශාඛා බාල (
    multipage.gif
    1 2)
     

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    principal kama hambunama hithan inne sinnakkareta scl
    eka liyala dunna kiyala.hamoma nemei samahara aya.
    mata meka kiyawaddi mathak une ape principal,
    hebei une meke anith paththa.scl eka hadanna gihin
    kellek belle wala dagaththata principal
    sir wa hire dapu eka.neethiyen nidahas
    unath e manussaya kohomada parata bahinne.katha karanna kawuruth na.:(:(:(
    saadarane ishta unata jaya wewa!!!!