විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව

    සමාජ මාධ්‍යවල පළ වු තවත් අසත්‍ය පුවතක්

    රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල පළ වී තිබෙන වාර්තාව අසත්‍යයක් බව පොලීසිය පවසයි.

    2019.11.05 දිනැතිව රාජ්‍ය බුද්ධි සේවය විසින් “ ජනාධිපතිවරයා වෙත පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව“ යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපියේ අඩංගු කරුණු අසත්‍ය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.

    රාජ්‍ය බුද්ධි සේවය ද ඇතුළත්ව පොලීසියේ, කිසිදු ආයතනයක් ස්වාධීන ආයතන වශයෙන් එම අසත්‍ය ලිපියේ දක්වා ඇති ආකාරයට දේශපාලන කටයුතුවල නිරතවීමක් හෝ මැදිහත්වීමක් හෝ ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ක්ෂණයක් සිදු නොකරන බවද පොලීසිය දන්වා සිටියි.

    පොලීසියේ පූර්ණ අවධානය යොමු වන්නේ මෙම ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී ලෙස පැවැත් වීමට බවද මෙම නිවේදනයෙන් දක්වා තිබේ.

    මෙවන් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍යවල පළ කළ තැනැත්තාට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.

    Link