විශේෂ_නිවේදනයක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
විශේෂ_නිවේදනයක්

ජයග්‍රාහී ජනතා නායක රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ නිවේදනයක්.



Ranil_Finished_Election.jpg




ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් නොකර එක මවකගේ දරු කැල ලෙස නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමු යැයි බහුතර ජන කැමැත්තෙන් ජය ගෙන ඇති එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
“ජනවාරි 08 වන දා විප්ලවය ඉදිරියට ගෙනයමින්, යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.
මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියළු පාර්ශ්වයන්ට මාගේ ස්තුතිය පළ කරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්‍ෂා කර ගැනීම අප සතු වගකීමකි.
දැන්, ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.
ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.
අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලූත් රටක් නිර්මාණය කරමු.“

රනිල් වික්‍රමසිංහ
2015 අගෝස්තු 18
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Garu Ranil Mathiduni, Obage Jayagrahanaya venuven maa suba pathami. Oba meeta boho kalakata pera Srilanka economy development ekata sambandha viya yuthu ayek lesa mage adahasai. Namuth a sadaha sudusu vata pitavak nirmanaya nouna bava siyalu denatama vatahenava. Namuth dan sudusu vata pitavak nirmanaya vee atha. A sadaha, Mea ayata Sthuthi kala yuthuya. ***** Ranil wikkramasinghe Mathi Thuma, Chandrika Kumarathunga Mathiniya , hitapu Janadipathi Mahindha Rajapakksha Mathi Thuma athulu Srilanka forces valata da sthuthi kala yuthuya. ---Dan Siyalu dena ,Sinhala , Tamil, Muslim siyalu dena Srilanakave development ekata sambandha kara gena Srilanka va developed country ekak bavata path kirima Oba Thuma ge Rajakariyaki, Eyata Oba thumata hakiyava athi bava api danimu. Oba thumage relation kenek vana UPALI WIJEWARRDHANA MAHATHAGE industrialist mind eka oba thumatadha athi yai apita sithiya haka. Oba thumata badavakin thorava , Srilankava idiriyata gena yamata haki vevai suba pathami. Methumata Bada nokara sitinnai Srilankika Janathavagen da Adharayen illa sitimi.