විෂ විදින නාගයෝ

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    විෂ විදින නාගයෝ

    විෂ විදින නාගයෝ
    ouHlnQt.jpg



    Warning:not for light hearted people :sorry::sorry:

    විෂ විදින ආකාරය...

    විෂ විදින නාගයන්, ප්‍රථමයෙන්ම තම විෂ ග්‍රන්ථී තද කිරීමකට ලක් කරයි. එවිට ග්‍රන්ථී තුල ඇති විෂ, දළ කෙළවරෙහි පිහිටා ඇති සිදුරු දක්වා ගමන්කරයි. සියළුම විෂ සහිත සර්පයන්ට මෙසේ කිරීමට හැකිය. නමුත් විෂ විදින නාගයන්ගේ වෙනස වන්නේ ඔවුන්ගේ දළ තුළ විශාල සිදුරු පිහිටා තිබීමත්, එම සිදුරු එක්තරා සුවිශේෂී කෝණයකට අනුව පිහිටා තිබීමත්ය. මෙම නිසා විෂ, සපාකෑමකදී පමණක් සෙමින් විගලනය වීමකින් තොරව ඉතා වේගයෙන් පිටතට විදීමේ හැකියාව ඔවුන්ට ලැබී ඇත. විෂ විදින නාගයෙකුට ඉතා වේගයෙන් අඩි 6-8 අතර දුරකට විෂ විදීමේ හැකියාව ඇත.

    1cTfDVI.jpg


    අනතුරක් ඉව වැටුන විට රැටල් ස්නේක් සත්ත්වයන් තම සිරුර අග "කට කට" ශබ්ධයෙන් සොලවන්නාක් මෙන්, විෂ විදින නාගයන් ද විෂ විදිනු ලබන්නේ තම ආරක්ෂාවට පමණි. මෙම ආත්මාරක්ෂක යාන්ත්‍රණය මොවුන් තුල නිදන්ගත පවතින සහජ ඥානයකි. බිත්තරයෙන් බිහිවී සුළු මොහොතකට පසුව පවා විෂ විදීමේ හැකියාව මොවුනට ලැබී ඇත. ඇතැමුන් පවසන්නේ මරණයෙන් සුළු මොහොතකට පසුව පවා එසේ කිරීමට හැකි බවයි.

    ආත්මාරක්ෂාවට විෂ උදව් කර ගන්නා ආකාරය...
    විෂ විදින නාගයන් ඉලක්ක කරනුයේ ප්‍රතිවාදියාගේ සිරුරේ අතිශයින්ම අනතුරට භාජනය වියහැකි අවයවයක් වන ඇස් ය.
    විෂ විදින නාගයන්ගේ ඉලක්කයට විදීමේ නිවරධ්‍යතාවය ප්‍රහාර 10 ට 8ක් බව අධ්‍යයන මගින් සොයාගෙන ඇත.



    මෙම විෂ සතුරාගේ ඇසට ඇතුල්වූ විට දැඩි වේදනාවක් ගෙනදේ. එවිට සතුරා පසු බැස යයි. යම් ආකාරයකින් මෙම විෂ ඔබේ ඇසට ඇතුල්වී නිසි ප්‍රතිකාරයක් නොකළ හොත් අන්ධතාවයට පවා පත් විය හැක. කළහැකි හොදම දෙය වහාම එම විෂ සෝදා ඇසෙන් ඉවත් කිරීමය. අනතුරුව වෛද්‍යවරයෙකු වෙත ගොස් ඇසට ප්‍රතිජීවක බින්දු ලබාගත යුතුය.

    VcPHsfR.jpg

    Mozambique විෂ විදින නාගයෙකුගේ ප්‍රහාරයකට ලක්වූ කුඩා දරුවෙක්ට ප්‍රතිකාර කරන අවස්ථාවක්

    ස්නායු පටක හා තනි සෛල වල ක්‍රියාකාරිත්වය නවතා දෑමිය හැකි නියුරෝටොක්සීන හා සයිටෝටොක්සීන සංයෝගයකින් මොවුන්ගේ විෂ සෑදී ඇත. කෙසේ නමුත් මිනිස් සමට මෙම විෂ හනිකාරක නොවේ. එසේ වුවත් යම් අකාරයකින් ඇස්, නාස් විවර හෝ කැපුම් තුවාලයකින් සිරුරට මෙම විෂ ඇතුල් වුවහොත් ඉතා හානි දායක වේ.

    tkgZwaF.jpg

    මොවුන්ගේ ආහාර රටාවද අනෙකුත් සර්පයන්ගේ මෙන් ය. ගෙම්බන්,මැඩියන්,කටුස්සන්,කුඩා කුරුල්ලන්, කුරුළු බිත්තර, මියන්,කෘමින් ගොදුරු කර ගනී. සමහර අවස්ථා වලදී කුකුලන් හා අනෙකුත් සර්ප වර්ගද ගොදුරු කරගත් අවස්ථා වාර්තා වී ඇත.

    rt7O48n.jpg


    විෂ විදින නාගයන් ප්‍රධාන වශයෙන් දකුණුදිග අප්‍රිකාවෙන් සහ අග්නිදිග ආසියාවෙන් හමුවේ. දකුණුදිග අප්‍රිකාවේ වියළි සැවානා සහ අර්ධ කාන්තාර ප්‍රදේශ වල ජිවත් වේ. අග්නිදිග ආසියාවේ වනාන්තර, කුඹුරු , තෘණභුමි සහ ගෘහ ආශිත ප්‍රදේශ වල පවා දිවි ගෙවයි.

    අප්‍රිකානු විශේෂයන්


    Red Spitting Cobra

    Vf20lyz.jpg

    සැමන් රතු හෝ රතට හුරු තැඹිලි පැහැයක් ගනී. හිස,ගෙල ප්‍රදේශය කළු හෝ තදනිල් පැහැති වර්ණ රටාවක් පෙන්වයි. ප්‍රමාණයෙන් වර්ධනය වනවිට මෙම වර්ණ රටාවන් නොපෙනී යයි. ශරීරය තද රතු පැහැයකට හැරේ. කුඩා රතු විෂවිදින නාගයන් දිවා කාලයේදී ද, වැඩිහිටි සතුන් රාත්‍රී කාලයේද ක්‍රියාශීලි වේ. මෙමගින් වැඩිහිටි සර්පයන් විසින් කුඩා පැටවුන් අහාරයට ගැනීම වැළකේ.

    Ashe's Spitting Cobra

    107206.jpg

    විශාලතම විෂ විදින නාගයන් විශේෂය මොවුන්ය. සාමාන්‍යයෙන් අඩි 6.5ක් පමණ දිගය. දැනට හමුවී ඇති දිගම සත්ත්වයා අඩි 9ක් පමණ වේ.

    Mozambique Spitting Cobra

    47ptFa5.jpg

    කුඩාම විෂ විදින නාගයන් විශේෂය මොවුන්ය. සාමාන්‍යයෙන් අඩි 3ක් පමණ දිගය. ප්‍රමාණයෙන් කුඩා වුවත් මොවුන් වහා කිපෙන සුළුය. තර්ජනයක් දුටුවිට තම ශරීර ප්‍රමාණය මෙන් තුනෙන් දෙකක් පමණ උසකට ඉහලට එසවී විශාල සර්පයෙකු ලෙස පෙනී සිටී. මෙම තර්ජනාත්මක රැගුමෙන් ද සතුරා මෙල්ල නොවන්නේ නම් බිම පෙරලි මුඛය විවර කරගෙන මැරුණ සතෙකු මෙන් සිටී.

    Zebra Spitting Cobra

    tumblr_nqki5k37v31tkalkoo1_1280.jpg

    ලා දුබුරු,රෝස හෝ කහ පැහැ වේ. කළු ඉරි පිහිටයි.

    ආසියානු විශේෂයන්

    Equatorial Spitting Cobra

    MJT3N60.jpg

    සමක විෂ විදින නාගයන් වර්ග දෙකකින් හමුවේ. සිංගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනයේ කළු පැහැති වර්ගය තායිලන්තයෙහි කහ පැහැති වර්ගයද ජීවත්වේ.

    djHWRX4.jpg

    සිංගප්පුරුවේ මිනිස් වාසස්ථාන ආශිතව සුලභව හමුවී ඇත.


    Indonesian Spitting Cobra

    ymD4uSZ.jpg

    ජාවනු විෂ විදින නාගයන් ලෙසද හැදින්වේ. පොලව මත පමණක් දිවි ගෙවයි. නිශාචර වේ. බොහෝවිට කොමඩෝ මකරුන්ගේ ගොදුරු බවට පත්වේ.

    Philippine cobra

    ImIEJUS.png

    ලෝකයේ මාරාන්තිකම සර්ප විශේෂයකි. ලෝකයේ නාගයන් අතරින් දෙවනියට වැඩිම උග්‍ර විෂ සහින සතා ය. විෂ ශරීර ගත වුවහොත් විනාඩි 30කින් පමණ මරණයට පත්විය හැක.


    විෂ විදින වෙනත් සර්පයන්

    මැන්ග්ශාන් වළ පොළගා

    Sp4LzKQ.jpg

    චීනයේ ජිවත් වන විෂ විදිය හැකි පොළගුන් විශේෂයකි. නාගයන් තරම් දුරට විෂ විදිය නොහැක. මොවුන්ගේ වලිග අග ඇති සුදු පැහැති කොටසෙන් ගොදුර තම සමීපයට ගෙන්වා ගෙන පහර දීම සිදුකරයි.

    රින්කාල්

    az2VgNX.jpg

    වළලු-ගෙළ විෂවිදින නාගයන් ලෙසද හදුන්වයි( සැබෑ ලෙසම මොවුන් නාගයන් නොවේ). විෂවිදින නාගයන් මෙන් මොවුන්ද ඉලක්ක කරන්නේ ප්‍රතිවාදියාගේ ඇස්ය. අඩි 8ක් පමණ දුරට විෂ විදීමට හැකියාවක් ඇත. මොවුන් අනෙත් සර්පයන් මෙන් බිත්තර දමයි. නමුත් ඒවා පිපිරී පැටවුන් පිහිවන තුරු තම ශරීරය තුල තබා ගනී. මෙය බොහෝ දුරට සජීවී පැටවුන් බිහිකිරීමට සමාන වේ. සැබෑ නාගයන්ගේ පැටවුන් බිහිවන්නේ, බාහිර පරිසරයට මුදා හැරි බිත්තර වලිනි.

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඊය යකෝ. මටනම් රුප බලන්නත් බැහැ බන් :sorry: නිකන් කකුල් දෙක වටෙත් බැලෙනවා මේක කියවනකොට :eek:
    ++
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama


    nice thread :)




    TFS MACHN 6+

    ඊය යකෝ. මටනම් රුප බලන්නත් බැහැ බන් :sorry: නිකන් කකුල් දෙක වටෙත් බැලෙනවා මේක කියවනකොට :eek:
    ++

    Thank You :):):)
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ඊය යකෝ. මටනම් රුප බලන්නත් බැහැ බන් :sorry: නිකන් කකුල් දෙක වටෙත් බැලෙනවා මේක කියවනකොට :eek:
    ++
    :sorry::sorry:
    දැන් උබට හිතා ගන්න පුළුවන්නේ...මම මුන්ගේ ඉමේජ්, ගූගල් සර්ච් කරන කොට හිටපු හැටි..:baffled::baffled::rofl: