විස්සයි විස්සේ රූකඩ වල ඇත්ත කතාව...!

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    විස්සයි විස්සේ රූකඩ වල ඇත්ත කතාව...!

    ලාබෙට ගෙනා චියර් ලිඩර්ස් ලාගේ ඇත්ත කතාව

    dancers.jpg



    පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය තුල වඩාත් කතාබහට ලක්වුයේ ලංකාවේ චියර් ලිඩර්ස් ලාය.මේ පිලිබඳ අප විසින් විස්සයි විස්සේ ලෝකල් වැඩ යනුවෙන් ලිපියක් පළකිරීමෙන් හෙළිකොට සිටියේ මුදල් වංචාවක් මේ පිටුපස ඇති බවයි.

    එම කරුණු සනාථ කරමින් මේ වනවිට ඇතැම් කරුණු හෙළිදරව් වී තිබේ. ලංකාවේ චියර් ලිඩර්ස් ලා වඩාත් හාස්‍යයට ලක් කලේ ඉන්දියාව විසිනි.

    සමාජ ජාල වෙබ් අඩවි වල ඉන්දියාවේ ක්‍රිකට් ලෝලිහු ලංකාවේ චියර් ලිඩර්ස් ලාගේ ජායාරුප පල කරමින් සඳහන්කොට තිබුනේ "රාවණාට ඉන්දියාවේ සිටි සිතා පැහැරගෙන යාම සාධාරණ බවයි"

    මෙම චියර් ලිඩර්ස් ලා යෙදවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කව්රුන්ද?

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම චෝදනාවෙන් ලෙහෙසියෙන් ගැලවෙන්නේ ඔවුන්ට මෙය අදාළ නැති බව පවසමිනි. මෙහි වගකීම දැරිය යුත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙරට නියෝජිතයන්ය.

    ඒ අනුව කල සොයාබැලීමකදී හෙලිවුයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දේශීය සමාගමකට මෙය බාර කර ඇති බවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔවුන්ට එය බාරදීමට ප්‍රථම තමාගේ උපදෙස් ගැනීමට තිබු බවත් හොදම නර්තන කණ්ඩායම් යෝජනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාව තිබු බවය.

    නමුත් අවාසනාවකට මෙන් එම දේශීය සමාගම හෝ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිලිබඳ උපදෙස් ලබාගෙන නැත. මෙහි වගකීම ගත යුතු ලංකාවේ ලෝක T20 අධ්‍යක්ෂක උපේඛ අභයකෝන් මාධ්‍යයට මුහුණ දෙන්නේද නැත.


    "ශ්‍රී ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නවා විනෝද වෙන්න පුළුවන් විදිය සාද වලට සහභාගී වෙමින්. ඒ අයට පුළුවන් මේ වගේ මේ මැච් එක කානිවල් එකක් කරන්න නර්තනය හා නොනවතින සංගීතය සමගින්. සැමරීම හා සංචාරකයන්ගේ පැමිණීම කියන්නේ ඒ මිනිස්සුන්ගේ එදිනෙදා අංගයක්.නමුත් ඔවුන්ගේ චියර් ලිඩර්ස් ලා මේ විදිය වීම පුදුමයක් "

    මෙම ප්‍රකාශය පලකොට තිබුනේ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ "චියර් ලිඩර්ස් ලාද? නැත්නම් ගිනියම් වහලක් උඩ ඉන්න පුසොද? යන ලිපිය යටතේය.

    මෙම නර්තන කණ්ඩායමේ ප්‍රධානියා වන සුදෙව් අබේසේකර මේ පිළිබඳව මාධ්‍යයට පවසන්නේ මෙවැන්නක්.

    "නර්තනය කරනු ලැබූ පියවර වල කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ වගේ උළෙලකට හොඳ පෙනුම තියෙන ගැහැණු ළමුන් අවශ්‍යයි. ඒ සඳහා වෘතිය නර්තන ශිපිනියන් අපිට ගන්න වෙනවා වගේම හොඳ ගෙවීමකුත් කරන්න වෙනවා. නමුත් අපට ලැබී තියෙන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. මේ ගොල්ලෝ මාව සම්බන්ධ කරගත්තේ අන්තිම මොහොතේ.

    හරිනම් මේවා පුරුදු වෙන්න මාස තුන හතරක් යනවා. නමුත් මෙම ගැහැණු ළමුන් පුරුදු කලේ දවස් හත අටකින්.

    මේකේ කරලා තියන ෆැෂන් එක අවුලක් නැහැ. නමුත් සපයා තිබෙන ඇඳුම් බාලයි. ඒවා ගොඩක් තද හින්දා ගොඩක් ගැහැණු ළමුන් එහෙ මෙහෙ ඇඹරෙනවා.. ඒ වගේම අපේ ගොඩක් නර්තන ශිල්පින් කොටට අදින්නකැමති නැහැ ඒගොල්ල්ලොන්ගේ අම්මල තාත්තල ටි.වී එකෙන් දකින හින්දා


    source:http://www.facebook.com/photo.php?fbid=281686001942115&set=a.273538326090216.56647.273534876090561&type=1&ref=nf
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කිසිම ගතියක් නැහැ නිකන් පන තියන මස් නැති මාළු කට්ටක් නටනවා වගේ තිබ්බා :sorry:යකෝ සැමි එකට හරි මාරුකරපල්ලා.අපේ කොල්ලන්ගේ ස්ටේන්ත් එක අඩාල වෙයි :angry:
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    කිසිම ගතියක් නැහැ නිකන් පන තියන මස් නැති මාළු කට්ටක් නටනවා වගේ තිබ්බා :sorry:යකෝ සැමි එකට හරි මාරුකරපල්ලා.අපේ කොල්ලන්ගේ ස්ටේන්ත් එක අඩාල වෙයි :angry:

    :lol::lol:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    cheer leeders ලා වෙනුවට mascot ලා ටිකක්වත් දැම්මනම් මේක කිසිම අවුලක් නැ.මේ ගැන ගොඩක් අය කතාවෙනව දැන් . රටේ නම්බුවට තමා මේකෙන් ප්‍රශ්නේ .
    Pawsox_mascot.jpg


    Cheerleaders.jpg