විස්‌කම්_වතුර_කුඩු_ළඟදීම_වෙළෙඳපොළට

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
විස්‌කම්_වතුර_කුඩු_ළඟදීම_වෙළෙඳපොළට

නියඟය නිසා දුක්‌ විඳින ගොවීන්ට සුබ පණිවුඩයක්‌ මෙන්න· ළඟදීම කුඩු බවට පත් කරන ලද ජලය පැකට්‌වල අසුරා ඔවුන්ට ලැබේවි. එමගින් ඕනෑම කාන්තාරයක්‌ සශ්‍රීක කරගැනීමට පුලුවන්. මේ වතුර කුඩුවල පෙනුම සීනි හා සමානයි.
solid-rain.jpg

පොටෑසියම් පොලියක්‍රිලේට්‌ (Potassium Polyacrylate) නමැති ද්‍රවයෙන් එය නිපදවා තිබෙනවා. මේ ද්‍රව්‍යයයට අනිත් ඕනෑම රසායනික ද්‍රව්‍යයකට වඩා 500 ගුණයක ජල ප්‍රමාණයක්‌ උරාගෙන ගබඩා කර තබාගැනීමට පුළුවන්.
lluvia-solida.jpg

මෙය පොලිමර් විශේෂයක්‌. එහි ගබඩා වූ ජලය පුරා අවුරුද්දක කාලයක්‌ වාෂ්ප නොවී පවතිනවා. එය වාෂ්පීකරණය වීම හෝ වෙන තැනකට උරාගැනීමට පටන්ගන්නේ පස්‌ සමඟ මිශ්‍ර කළ විට පමණයි.

Solid_Rain.jpg

පොටෑසියම් පොලියක්‍රිලේට්‌ නමැති පොලිමරය හැඳින්වෙන්නේ Solid Rain හෙවත් ඝන වැස්‌ස යනුවෙන්.

Solid Rain සොයා ගත්තේ මැක්‌සිකානු රසායන විද්‍යා ඉංජිනේරුවකු වන සර්ජියෝ වෙලස්‌කෝ විසින්. කුඩා දරුවන්ට අන්දවන නැප්කින් රෙදි වැඩි චූ ප්‍රමාණයක්‌ උරාගත හැකි අන්දමින් නිපදවීමට ඔහුට වුවමනා වුණා. එහිදී ඔහුට පෙර කී පොලිමරය හමුවුණා. එය මැක්‌සිකෝවේ ගොවිබිම්වල පවත්නා දැඩි ජල හිඟයට පිළියමක්‌ වශයෙන් යොදා ගැනීමට ඔහු කල්පනා කළා.
231840-solid-rain.jpg

Solid Rain පොලිමරය විස්‌කම් නිර්මාණයක්‌. එයින් ග්‍රෑම් 10 කට වතුර ලීටරයක්‌ උරාගන්නවා. Solid Rain රාත්තලක්‌ ඩොලර් 25 ක්‌ වැනි මිලකට අලෙවි කළ හැකියි. එම ප්‍රමාණය තුළ වතුර ලීටර් 45-50 අතර ප්‍රමාණයක්‌ සංයුක්‌ත වී තිබෙනවා.
aguasolida.jpg


"ඝන වැස්‌ස" මගින් ගොවි බිම්වල පලදාව 300% කින් ඉහළ යෑවිය හැකි බව පර්යේෂණ වලින් හෙළිව තිබෙනවා.

ගත්තේ දිවයින "දියග" එකෙන්..

 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මේ මිනිස්සු ස්භාවධර්මයත් වෙනස් කරනවා .මේවට වන්දි ගෙවන්න වෙනවා