විසිල්_හඬින්_කතා_කරන_මිනිස්සු_ඉන්න_රටක්!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
විසිල්_හඬින්_කතා_කරන_මිනිස්සු_ඉන්න_රටක්!

සිල්බෝ උරුමය රැක ගන්න පියවර...!

මේ විසිල් භාෂාව හඳුන්වන්නේ සිල්බෝ (Silbo) කියලයි. කැනේරි දූපත්වලට අයත් ලා ගොමේරා (La Gomera) කියන දූපතේ අය තමයි, සිල්බෝ කියන විසිල් භාෂාව භාවිත කරන්නේ.

බොහෝ කලකට ඉහත ඒ කියන්නේ 16 වැනි හා 17 වැනි සියවස්වලදී මේ භාෂාව මේ මුළු දුපතේම අය කතා කළා. දැන් අභාවයට යමින් තිබෙන නිසා එය රැක ගැනීමට විශේෂ වැඩ පිළිවෙළක් දියත් කරල තියෙනවා.
_65111202_de51.jpg

මේ විසිල් භාෂාවට ඇත්තේ ස්වර දෙකේ සිට හතර දක්වා ගණනක් හා ව්‍යඤ්ජන හතරක් පමණයි.

4.JPG
කැනේරි දූපත්වලට අයත් ලා ගොමේරා දූපතේ සෑම ප‍්‍රාථමික පාසලකම මේ සිල්බෝ විසිල් භාෂාව අනිවාර්යයෙන් ම උගන්වනවා, ඒ පුරාණ භාෂාව මළ බසක් වීම වළක්වා ලනු පිණිස.

article-2354935-1AA81DD5000005DC-563_306x423.jpg
article-2354935-1AA81DD0000005DC-258_306x423.jpg
silbo-gomero-2-web.jpg
කෙටි ශබ්ද කීපයක් පමණක් ඇති මේ භාෂාවෙන් ඕනෑම භාෂාවකින් කියන දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. භාෂාවෙන් කතා කරන්නේ මෙහෙමයි. සිංහල භාෂාවෙන් කියන දෙයක් වුනත් මේ බසින් කියන්න පුළුවන්. උත්සාහ කරල බලන්න.

1950 ගණන්වල ඇති වුණු ආර්ථික අර්බුදය නිසා මේ දූපතේ ජනයාට සිල්බෝ බස පාවිච්චියෙන් ඈත් වීමට සිදු වුණා. මේ භාෂාව කතා කරපු වැඩි දෙනකුට රැුකියා සොයා තමන් ජීවත් වූ බිම් ප‍්‍රදේශවලින් පිටතට යාමට සිදු වුණා.

විසි වන සියවස අවසානය වන විට මේ විසිල් කරන බස මිය යාමේ තර්ජනයට ලක් වුණා.

නමුත් දැන් සිල්බෝ බසට එරට පාලකයන් විසින් නිල වශයෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දී තියෙනවා. එය ආරක්ෂා කළ යුතු එරට සංස්කෘතික උරුමයක් ලෙසයි දැන් පිළිගෙන තියෙන්නේ.

සිල්බෝ බසේ ආරම්භය එහි පැරණි භාෂා මාදිළියක් වූ ‘සිල්බෝ ගොමේරෝ‘ භාෂාව හා බැඳුණක්. එහි අරුත ‘ගොමේරියානු විසිල් කිරීම’ යන්නයි. මේ බව ‘ටුඬේ අයි ෆයින්ඞ් අවුට්’ (Today I Found Out) වෙබ් අඩවියෙහි දක්වා තියෙනවා.

මේ භාෂාව ඒ දූපතට එන්නට කලින් එහි ජීවත් වූ ගුවන්චේ (Guanche) ජනතාව අතර හොඳින් භාවිත වූවක්. දැන් ඒ ගුවන්චේ බස මිය ගිහින්. ගුවන්චේ බස ඒ දූපත්වලට ආවේ උතුරු අපි‍්‍රකාවෙන් එහි ආ පදිංචිකරුවන් සමගයි. දැන් ඒ භාෂාවේ වදන් වෙනුවට ස්පාඤ්ඤ වදන් තමයි සිල්බෝ බසටත් යොදා ගනු ලබන්නේ.

article-2354935-02978FA6000005DC-772_634x416.jpg
මේ විසිල් බස වන සිල්බෝ දුරස්ථ සන්නිවේදනයට යොදා ගන්නක් ලෙසයි සැලකෙන්නෙ. ලා ගොමේරා දූපතේ පිහිටීම, කඳු, නිම්න හා ඇලි සහිත වීම නිසයි එහෙම කියන්නේ. මේ වගේ බිමක විසිල් හඬක් සැතැපුම් දෙකක් තරම් දුට විහිදෙනවා.

article-2354935-1AA82735000005DC-716_634x371.jpg
මේ සිල්බෝ බස රැක ගන්න මෑත වසරවලදී එරට පාලකයන් ගත් පියවර මතභේදයට ලක් වූවක්. විරුද්ධව අදහස් දක්වන්නන් කියන්නේ සිල්බෝ බස ගැමි පෙදෙස්වල ජීවත් වූවන් භාවිතා කළ බසක් බවත් එය දැන් ආරක්ෂා කිරීම පලක් නැති දෙයක් බවත් කියලයි.

මෙවන් බසක් මුලින් ම ඇති වුණේ කොහොමද? ඒ පිළිබඳව පර්යේෂණ කළ අය කියන්නේ මෙය දුර සන්නිවේදනය සඳහා නිපදවූ බසක් කියායි.

ඒ සනාථ කිරීමට ඒ අය ගෙන හැර දක්වන්නේ ඒ දූපතේ ස්වාභාවික පිහිටීමයි. කැනේරි දූපත්වලට අයත් මේ ලා ගොමේරා දූපතේ පිහිටීම, කඳු, නිම්න හා ඇලි සහිත වූ නිසා ඈත කන්දක ජීවත් වූවකුට තවත් ඈතින් පිහිටි කන්දක සිටි අයකුට කතා කිරීමට මේ භාෂාව උපයෝගී කර ගන්නට ඇතැයි යන්න ඔවුන්ගේ මතයයි.

මෙහි වාසය කළ ජනතාව ගොවිතැන හා සත්වපාලනය ජීවිකාව කර ගත් නිසා මේ බස ඒ අතින් ඔවුන්ට ප‍්‍රයෝජනවත් වුණා.

article-2354935-1AA82819000005DC-590_634x370.jpg
සිල්බෝ කියන්නෙ ලෝකයේ තියෙන එකම විසිල් භාෂාව නොවෙයි. ඕනෑම භාෂාවකට සිල්බෝ ක‍්‍රමය භාවිතා කළ හැකියි. මේ උරුවන් බාන ක‍්‍රමයෙන් කතා කරන බසක් ඊවියා කියන ගී‍්‍රක දූපතේ තියෙනවා. නැගෙනහිර තුර්කියේ කුස්කෝයි නගරයෙත්, ප‍්‍රංශයේ පිරනීස් නගරයේත් මේ විදියේ විසිල් භාෂාවක් භාවිත වෙනවා.

මේ දූපත්වලට තවමත් ලැබෙන ස්පාඤ්ඤ ආධාර කප්පාදු කළහොත් මේ බස රැක ගැනීම වෙනුවෙන් වැය කරන මුදල් කපා හැරීමට එහි පාලකයන්ට සිදු වෙනවා. එවිට මේ බස පාසල්වල ඉගැන්වීම නවතා ලන්නට ඉඩ තියෙනවා.

පිටරට රැකියාවලට යන අය ඒ භාෂාව භාවිත කිරීම අත් හැරීමත්, ජංගම දුරකතන වැඩියෙන් භාවිතයට ගැනීමත් මෙය අභාවයට යාම ප‍්‍රධාන හේතු ලෙසයි සැලකෙන්නේ.

මේ බාධක දිගටම පැවතුනහොත් යළිත් මේ බසට වඳවී යාමේ තර්ජනය එල්ල වෙන්න පුළුවන්.

මෙවැනි බසක් රැක ගැනීමේ ඇති වැදගත් කම කුමක්ද? මෙය වැඩියෙන් ප‍්‍රයෝජනය වන්නේ භාෂාවන් පිළිබඳව පර්යේෂණය කරන අයටයි. මේ බසෙහි මූලාරම්භය හෙළිදරවු වී නැතත් මෙය විමසීමෙන් වෙනත් භාෂාවල ආරම්භය හා පරිණාමය පිළිබඳ තොරතුරු හෙළි කර ගන්න පුළුවන්.

article-2354935-1AA8243E000005DC-206_634x368.jpg
සිල්බෝ බස දැන් පාසල්වල උගන්වනවා. මේ එවැනි පන්තියක්. ස්පාඤ්ඤ ආධාර නැවතුනොත් මේ පන්තිත් නැවතේවි.

සිල්බෝ (Slibo) බස කතා කරන හැටි වීඩියෝවෙන් නරඹන්න.





ගත්තේ "මල් කැකුළු" එකෙන්.
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අපි රටේ පාරෙ යන ගෑණු ළමයෙකුට විසිල් භාෂාවෙන් කථා කළොත් කොහොමට හිටිවිද? :lol: