විස නසන්න තව විසක්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    විස නසන්න තව විසක්

    විස නසන්න තව විසක්

    1413277814038_wps_7_A_Free_Syrian_Army_fighte.jpg


    ගරිල්ලා ප‍්‍රහාර එල්ල කරමින් අයිඑස්අයිඑස් අන්තවාදීන්ට මරණ බය ගෙනදෙන අවිගත් කුඩා කණ්ඩායම් සිරියාවේ නිර්මාණය වෙමින් තිබෙන්නේයැයි වාර්තා වේ.
    ‘‘වයිට් ශ්‍රවුඩ්‘‘ (සුදු මුවාව) නම් වන එවන් එක් ගරිල්ලා කණ්ඩායමක් සැඟවී එල්ල කර තිබෙන ප‍්‍රහාරයන්ගෙන් මේ වන විට අයිඑස් අන්තවාදීන් සියයකට වැඩි පිරිසක් ඝාතනය කෙරී ඇතැයි සඳහන්ය.
    වයිට් ශ්‍රවුඩ් වැනි තවත් කණ්ඩායම් රාශියක් දැන් අයිඑස් අන්තවාදීන්ට එරෙහිව අවි අතට ගනිමින් සිටින බව සිරියාවේ කි‍්‍රයාත්මක මානව හිමිකම් නිරීක්ෂක මධ්‍යස්ථානයද කියයි.
    සිරියාවේ ඩෙල් අල් සෝර් ප‍්‍රදේශයේ මෙවන් ගරිල්ලා ප‍්‍රහාරයන් වැඩි වශයෙන් එල්ල වන අතර දැනට එම ප‍්‍රදේශයේ වැඩි කොටසක බලය අල්ලාගෙන සිටින්නේ අයිඑස් අන්තවාදීන් වේ.ගුවන්තොටුපල ඇතුලූ තවත් කුඩා කොටසක බලය තවමත් සිරියා හමුදා අත තිබේ.
    මෙම ප‍්‍රහාරයන් හමුවේ අන්තවාදීන් කෙතරම් බිය වී තිබෙන්නේද යත් දැන් ඔවුන් කිසිම විටෙකත් තනිව ගමන් කරන්නේ නැතැයි පැවසේ.ප‍්‍රහාර සැළසුම් කිරීම සදහා වෙනදා මෙන් සියගණනින් එක් රැස් වන්නේද නැති ඔවුන් ගරිල්ලා කණ්ඩායම් වලට බියේ කුඩා කණ්ඩායම් වලින් එක් රැස් වේ. සාකච්ඡුා නිමවූ වහාම දෙදෙනා හෝ තිදෙනා බැගින් එක්ව වෙන්ව යති.
    උද්ගතවී ඇති තත්ත්වය අන්තවාදීන්ට කර්මය පඩිසන් දුන්නාක් වැනි යැයි විචාරකයින් කියයි.
    මෙම ගරිල්ලා කණ්ඩායම් වලට අවි සපයා ගැනීමට මාර්ගයක් නොමැති අතර ඔවුන් තම අවශ්‍යතා සපුරා ගන්නේ සටන් බිමේ අත්හැර දමා යන අවි ආයුධ වලිනි.
    තම අරමුණ වන්නේ අයිඑස් අන්තවාදීන්ට මර බිය ගෙන දීම බව කියනා මෙම කණ්ඩායම් වල නායකයෝ මේ වන විට එම අරමුණ කරා ළගාවී තිබෙන බවත් ඉදිරියේදී තවත් සංවිධානයවී ගරිල්ලා ප‍්‍රහාරයන් එල්ල කරන බවත් පවසති.





    1413223950775_Image_galleryImage_Mandatory_Credit_Photo_by.jpg


    උපුටා ගැනීමකි ලංකාදීප 2014 ඔක්තෝබර් මස 15 13:17:39 | කෝවිද ගුණසේකර
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තව ටික කාලයක් ගිහිං ඇමරිකාවෙන් මුන්ට ආයුධ දෙනව...
    අන්තිමට අයිසිස් එකට උදව් දුන්න වගේ වැඩක් තමා..
    අයිසිස් එක පරදෝල මුන් ත්‍රස්තවාදය පතුරුවන්න ගන්නව..