විහිළු කතා - මෙගා නූල 2

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    අයෙකු තම මිතුරෙකු හමුවී ඡායාරූපයක් පෙන්වා අසමින් :
    " දන්නවද මේ කවුද කියලා?"
    මිතුරා මදක් සිතමින් සිට " දන්නේ නැහැනේ. .. කවුද මචං ?"
    "අයියෝ.. ඒක වත් දන්නේ නැද්ද ?.. මේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා .. ලසිත් මාලිංග නේ... ඔහොම ගෙදරට වෙලා බින්න බැහැගෙන ඉඳලා හරියයිද බං? පොඩ්ඩක් එලියට බැහැලා මැච් එකක් වත් බලන්න පලයංකෝ..."
    පසුදිනත් තවත් ඡායාරූපයක් රැගෙන විත් මිතුරා හමුවිය...
    නැවතත් " කවුද මේ? "
    මිතුරා මදක් සිතමින් සිට " කනගාටුයි මචං ... කිසිම අදහක් එන්නේ නැහැනේ "
    "අනේ මැටි මෝලෝ... යකෝ මේ ප්‍රසිද්ධ නලුවා ෂාරූක් ඛාන් නේ..
    පලංකෝ බං ෆිල්ම් එකක් වත් බලන්න එලියට ... ගෙදරටම වෙලා ඉන්නේ.. "
    ඊට පසු දින නැවතත් ඡායාරූපයක් රැගෙන පැමිනියේය ..
    " දන්නවද මේ කවුද කියලා.?.."
    මිතුරා නැවතත් මදක් සිතමින් සිට " අනේ දන්නේ නැහැනේ මචෝ "
    " බූරූ වෙ#$$ පුතෝ..යකෝ මේ ඉන්නේ ප්‍රසිද්ධ ගායකයා ඉරාජ් නේ.. පලංකෝ ට්කක් එලියට.. ගිහිල්ලා ඔය සංගීතයක් වත් බලපංකෝ "
    ඊට පසු දින ඡායාරූපයක් රැගෙන මිතුරා අනෙකා හමුවීමට ගියේය..
    "දන්නවද මේ කවුද කියලා?"
    " ම්....ක්‍රීඩකයෙකුත් නෙමෙයි...නලුවෙකුත් නෙමෙයි ...ගායකයෙකුත් නෙමෙයි... ෂැහ්.. කවුද බං මේ හු$$# ?.."
    " මේ ඉන්නෙ සරත් "
    " ඈ... කවුද බං මේ සරත් කියන්නේ ? "
    " සරත් කියන්නේ බං උඹේ පවුලට හොරෙන් කෙලින එකා... ඒක නිසා ඉඳලා හිටලා ගෙදරට වෙලා ඉන්නත් බලපං ... බූරු හුක#$$..!!!
    :lol::lol::lol::lol::lol::lol:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න දවසක් එක මනුස්සයෙක්ට තමන්ගෙ වයිෆ් ගැන පොඩි සැකයක් මතුවුනාලු. ඉතින් එයා මේ ගැන එයාගෙ ඩ්‍රයිවර්ටත් කියලා ප්ලෑන් එකක් ගහලා දවසක් ගෙදරින් එලියට බැස්සලු ඔෆිස් එකේ වැඩවගයකට දුර යන්න තියනවා එනකොට රෑ වෙයි කියලා.
    ඔහොම කියලා පැය දෙකක් විතර එහෙ මෙහෙ රවුම් ගහලා දෙක තුනක් දාගෙන ඩ්‍රයිවර්ටත් කාලක් විතර අරන් දීල කාර් එක පාර්ක් එකක නවත්තලා ඩ්‍රයිවර් එක්කම බස් එකක නැගලා ගෙදර ගියාලු. ගිහින් හිමීට සපත්තු දෙක ගලවලා පඩිය ලඟින් තියලා ළඟ තිබ්බ ඩුප්ලිකේට් යතුරෙන් ඉස්සරහ දොර ඇරියලු. කිසිම හැල හොල්මනක් නෑලු ගෙදර මිනිහගෙ සැකේ දැන් තවත් වැඩි වෙලාලු. ගියාලු උඩ තට්ටුවට ඩ්‍රයිවරුත් දැන් පස්සෙන් එනවලු. බෙඩ් රූම් එකේ දොර ළඟටම ආවලු. දොර ලොක් කරලලු. ඩ්‍රයිවර්ට කිව්වලු හිමීට දොරට කන තියලා බලන්න කියලා.
    "හෙන කෙඳිරිලි හඬක් ඇහෙනව සර්" ඩ්‍රයිවර් කිව්වලු.
    ඩ්‍රයිවර්ට එහෙම්ම ඉන්න කියලා මෙයා ගිහින් කොහෙන්ද මන්දා තුවක්කුවක් අරන් ආවලු. අරන් ඇවිත් බෙඩ් රූම් එකේ ඩුප්ලිකේට් යතුර ඩ්‍රයිවර්ට දීල කිව්වලු හිමීට දොර ඇරපන් කියලා. දොර අරිය විතරයිලු මෙන්න !. සැකේ ඇත්ත වෙලාලු.
    හස්බන්ඩ්ව දැක්ක ගමන් දෙන්නම ඇඳෙන් බැස්සලු. හස්බන්ඩ්ගෙ අතේ තුවක්කුවක් තියනවා දැකලා වයිෆ් කෑගහන්න පටන් ගත්තලු.
    "අනේ නිමල් ප්ලීස් මෙයාට නම් වෙඩි තියන්න එපා. මට වෙඩි තිබ්බත් කමක් නෑ මෙයාට නම් වෙඩි තියන්න එපා. ප්ලීස් නිමල් ප්ලීස්"
    "කියපන් කවුද මූ? මන් නැති අතරෙ ගෙදරට මිනිස්සු ගෙන්න ගෙන #!$%#&!"
    "මෙයා මන් දන්න කෙනෙක් අපි fb එකෙන් අඳුර ගත්තෙ. ප්ලස් මෙයාට නම් වෙඩිතියන්න එපා."
    "මන් දැනගත්ත උදේ ඉඳන් රෑ වෙනකන් ෆේස්බුක් කියකිය තපිනකොට. ඇයි ඇයි උඹ කියන්නෙ මූට වෙඩි තියන්න එපා කියලා #!$%#&!?"
    "ඔයා දන් නැති වුණාට අපි අද මෙහෙම ඉන්නෙ මෙයා නිසා. අපේ ගෙවල් කුලී මාස ගානකින් ගෙවල නෑ ඔයා කිව්වෙ අපි වෙන ගේකට යමු කියලා. දන්නවද කවුද ඒවා ගෙව්වෙ කියලා මේ සුරංග තමයි ඒවා ගෙව්වෙ. තව අපේ ලයිට් බිල්, වතුර බිල් ඒවා සේරම ගෙව්වෙත් මෙයා. සුරංග නැත්තං අපි අද මහ පාරෙ නිමල්. දැන් ඔයාගෙ පිටිපස්සෙ ඔය ඉන්න ඩ්‍රයිවර්ගේ පඩි බේරුවෙත් මේ සුරංග තමයි නිමල්. ප්ලස් නිමල් වෙඩිතියන්න එපා."
    මෙහෙම කිව්වම නිමල්ගෙ කේන්තිය ටිකක් විතර නිවුනලු. මෙහම විනාඩි පහක් විතර අර මනුස්සය දිහා බලාගෙන ඉඳලා නිමල් ඩ්‍රයිවර්ගේ පැත්තට හැරුනලු. හැරිලා ඇහුවලු.
    "හරි දැන් තමුසෙ දැක්කද මෙතන වෙච්ච දේවල් සේරම?"
    "ඔව් සර්"
    "එහෙනම් කියනවා බලන්න තමුසෙට මේවගේ අවස්තාවකට මුහුණ දෙන්න වුනොත් තමුසෙ මොකද කරන්නෙ කියලා?"
    "මගේ පඩිය මදි සර් තව පහක්වත් ඕන සර්, තව මට නවතින්න දීල තියන කාමරේ හෙන අප්සට් සර් හූනෝ කැරපොත්තෝ මීයෝ පිරිලා සර්. තව අපේ පුතා ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ දාන්න ඕන සර් එකටත් මුකුත්... නේද...?
    "ඕව කියන්නද ඕයි මන් කිව්වෙ ඔහෙට?"
    "සර්ට නෙවේ සර් අපේ සුරංග මහත්තයට මං කිව්වෙ"
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ
    මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක. ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

    ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි
    දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ
    ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
    හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ
    අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව

    ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල
    හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍ ඩොකා ඇහුව
    කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව
    ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න
    හරි පුතා ඊට පස්සෙ
    ඊට පස්සෙ ජංගිය ගලවනව
    හරි හරි ඊට පස්සෙ
    ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද
    හරි ඉතිං ඔයාම කියන්නකො
    ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව
    ඇම්ඩ එහෙම කීවම කාටද මෝල් වෙලා තිබ්බෙ කියල ඩොකාටම තේරුන
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ගොඩක් ඉස්සර ගමක එක ගෙදරක අයියයි මල්ලියි අම්මයි ජිවත් උනාලු.අයියයි මල්ලියි දෙන්නම එක වගේ කඩිසර හන්ද මෙයාල කිසිම අඩුපාඩුවකුත් නැතුව බොහොම සාරෙට ගමේ ජිවත් උනාලු.ඉතින් දෙන්නගෙ කල වයසත් හරි හන්ද අම්ම කල්පනා කරාලු මේ දෙන්නට කසාදයක් කරල දෙන්න.ඔයාල දන්නවද එක ගෙයි කැම කියල අපේ පරන විවාහ කරමයක් තිබුන කියල.තමන්ගෙ දේපල පිටට යන එක නවත්තන්න ගෙදර පිරිමි දෙන්නෙක් හිටියොත් දෙන්නටම එක මනමාලියක් තමා ගේන්නෙ.ඒකට තමා එකගෙයි කෑම කියන්නෙ.එතනින් එහාට ඕනෙ නෑනෙ.ඉතින් මේ ගෙදරටත් ඒ වගේ මනමාලියක් ගෙනාවලු ජයටම මගුලක් එහෙම අරගෙන.කියන්න අමතක උනානෙ මේ මල්ලි ටිකක් මෝඩ පහේ පොරක්ලු.කොටින්ම මේ යකා හිතාගෙන ඉන්නෙ ගෑනි ගෙනාවෙ අයියට කියලලු.ඉතින් නෑනට ගරැසරැ ඇතිවලු කතාව උනත්.මල්ලි කලේ හේන් ගොවිතැන් හන්දා රෑට ගෙදර නැතිලු අයිය කලේ කුඹුරු වැඩ නිසා දවල්ට ගෙදර නැලු.ඉතින් මනමාලි ගෙනාපු පලවෙනි දවසෙ මංගල රාත්රිය ගතකරන්න හිතාගෙන අයිය ගියාලු මනමාලිගෙ කාමරේ පැත්තට.යනකොට දැක්කලු අමුඩ ලේන්සුවක් දොර උඩ දාල තියෙනව.ඒ කාලෙ කරමෙ තමයි එකගෙයි කන ගෙදරක පිරිමි දන්නගෙන් කවුරැ හරි කාමරේ ඉන්නවනම් ඒ බව දැනුම් දෙන්න තමයි අමුඩ ලේන්සුව දොර උඩට දාන්නෙ හොදේ.ඉතින් අයිය හිතුවලු මල්ලි කාමරේ ඇති කියල මම හෙට යනව කියල හිතල නිදාගත්තලු.අද කාලෙ උනා නම් මරාගනි නේද.ඉතින් අයිය උදේම නැගිටලා මනමාලි උයල දුන්න බත් එකත් අරන් කුඹුරට ගියාලු.එලිය වැටෙනකොට මල්ලි්ත් පැල් රැකල ගෙදරට ඇවිත් අයියගෙ පවුල උයපු කෑමවල රස බලල නෑන කන්න ආස දේවල් එහෙම හොයල දිල බිං කලුවර වැටීගෙන එනකොට ආපහු පැල් රකින්න හේනට ගියාලු.අයිය ඉතින් දෙවන් දවදෙත් අර වගේම මනමාලිගෙ කාමරෙ පැත්තට යනකොට දැක්කලු මල්ලාගෙ අමුඩ ලේන්සුව දොර උඩ තියෙනව.පොඩි එකාගෙ ආසාවනෙ කියල එදත් අයිය ආපහු හැරිල ගියාලු.මෙහෙම සතියක් විතර එක දිගටම වෙනකොට අයියතේ රතුකට්ට පැනගෙන ආවලු.එදා කුඔුරට ගිහින් ටික වෙලාවකින් ආපහු හැරිල ගෙදර ආවලු.එනකොට මේ කිසි දෙයක් නොදන්න මලයා නෑන එක්ක කුස්සියට වෙලා ජයටම කතාවලු.අපි උනත් එහෙමනෙ අලුාතන් ාකනෙක් ගෙදරට ආවම නේද.ඉතින් අයියට මෙික මල්ලිගේ කෙලින්ම අහන්න බැරි හන්ද මේ වගේ සංවාදයක් ගියාලු.
    අයියා,,ඈ මලේ මේ ටිකේම හේන පැත්තෙ නොගිය හන්ද සත්තු දැන් හේන පාලු කරලත් ඇති නේද.නරකද අද රෑටවත් හේන පැතතෙ ගියොත්.
    මල්ලි,, අයිය මක්කැයි මෙි දොඩන්නෙ මම දැනුත් මේ හේනෙ ඉදලනෙ ආවෙ.අනික අයියගෙ මගුල්ගෙයි වැඩටික කරපු ගමන් මම හේනට ගියානෙව.බොරැනමි අක්කගෙන් අහන්ටකො.
    අයිය,,නෑ මම දැක්ක ටික දොහක ඉදලම මලයගෙ අමුඩ ලේන්සුව ඉස්සරහ කාමරෙ දොර උඩ තියෙනව ඒකයි ඇහුවෙ.
    මල්ලි,,,ආ ඒක මම පොලෙන් ගෙනාවෙ අයියට නෙව දෙන්න වෙලාවක් තිබුනෙ නැති හන්දයි දොර උඩට දාල ගියෙ.......
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උසාවියකි. නඩුව : බංගලාව ගිනිතැබීම..
    විත්තිකරු එම ඉඩමේ මුරකරුයි.
    විනිසුරු : යුෂ්මතා වැරැද්ද පිළිගන්නවාද?
    මුරකරු : අනේ නෑ ස්වාමීනි.. මම ඒ බංගලාව ගිනි තිබ්බේ නෑ
    විනිසුරු : ගින්න ආරම්-භ වන අවස්ථාවේ තමුන් කොහේද සිටියේ?
    මුරකරු : මගේ කාමරයේ ස්වාමීනි.
    විනිසුරු : කාමරයේ? කාමරයේ ඉන්නකොට බංගලාව ගිනි ගන්නවා දැක්කේ නැද්ද?
    මුරකරු : දැක්කා ස්වාමීනි..
    විනිසුරු : දැක්කා...! එහෙනම් ඇයි කෑගහලා හරි ගම්මුන්ව ගෙන්වුයේ නැත්තේ?
    මුරකරු : මම කෑගහලා ගම්මුන්ව ගෙන්වන්නයි හැදුවේ... ඒ වෙලාවේ බංගලාවේ වැඩකාර ගෑණි කෑගහන්න එපා කිවුවා... ගම්මු ආවම අපි අහුවෙයි කියලා...!!
     
    • Like
    Reactions: maduranga19

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දෙව්ලොව ශක්‍ර දෙවියන් ලොකු අවුලක... මේ මනුෂ්‍යයන් කොහොමද මේ ගල් අරක්කු බොන්නේ...? හිතුවා, හිතුවා,.. හරියන්නේ නෑ... ෆයිනලි ශක්‍රයා මේ පුන්‍ය භූමියටම බැහැලා බලන්නම් කියලා තීරණයක් අරන්... මනුෂ්‍ය වෙස් ගෙන ලංකාවට ආවා.

    ඔන්න ඔහොම ඇවිද යන අතරේ... "රා බොමු" බෝර්ඩ් එකක් දැකලා.. රිංගුවා බඩුපොට් එකට... සමාවෙන්න.. රා පොට් එකට..

    මේසේ වාඩිවෙලා ඉන්න කොට අර කොළුවා ආවා..
    කොළුවා : මහත්තයා.. ගල් කාලක්ද? භාගයක්ද?
    ශක්‍රයා : කාලක්, භාගයක්..? ගේනවා.. බෝතලයක්ම..
    කොල්ලා බෝතලේ දුන්න ගමන්ම ශක්‍රයා එක උගුරටම බීගෙන බීගෙන ගියා.. කොල්ලා අන්-දුන් කුන්-දුන්.... මහත්තයා... වෙරිවෙයි.. ඔහොම බොන්න එපා.. සෝඩා එක්ක මික්ස් කරලා ටික ටික බොන්න...
    ශක්‍රයා : සෝඩා එක්ක මික්ස් කරලා බොන්න.. මට වෙරි නෑ. ගේනව තව බෝතලයක්..!
    (දෙවියෙක්-නේ.. ඉතිං කොහොම වෙරි වෙන්නද? අමෘතය මොන එකාට මේක මොන කජ්ජක්ද?)
    කොල්ලා : මෙන්න මහත්තයා...
    ශක්‍රයා ඒකත් එක උගුරටම බීගෙන බීගෙන ගියා..
    කොල්ලා : (පුදුම වෙලා) දෙයියෝ සාක්කි...! මහත්තයා, ඔහොම බොන්න එපා.. එක පාරම ඔහොම බීලා වෙරි ඩබල් උනොත් දෙවියන් තමයි එන්න ඕන මහත්තයාව ගෙදර එක්කන් යන්න...
    ශක්‍රයා : දෙවියන් එන්න.. හහ්.. මමයි ශක්‍ර දෙවියන්.
    කොල්ලා : මම කිවුවේ.. දැන්නම් මහත්තයට රතු කට්ට පනින්න වෙරි වෙලා..!!!
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    You must spread some Reputation around before giving it to wije99000 again.

    machan denna puluwan una gaman denawa... supiri katha tika...
    puluwan nam palaweni katha set eke link ekath danna..
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    නියමයි මචෝ හිනාවෙලා කටත් රිදෙනෝ බං :lol::lol::lol:
    එලස්
    අදට රේප් නැතිලු පස්සේ දෙන්නං
    ජයවේවා!!